15 September 2011

තුරු මුල !

cut_tree_Wallpaper_mwxm7
නිරිත දිග මෝසමට
තෙතබරිත වුණු ගසකි
හිසකේ රැවුල වැවී අකලට
මහළුවිය පෙන්නුම් කරයි !
ගස තම දකුණු පස දෙස
නෙත් කොනින් බැල්මක් හලා
නිලට බැබලෙන තරුණ ගස් දෙක
එක ලඟට වී සිප ගන්නවා දැක
ඒ ක්ෂණයෙන්ම තමා ළඟ ඇති
වියපත්ව ගිය තුරු මුලක් දැක
තදින් සුසුමක් පිටකලා!

08 September 2011

අපි වළි කුකුල්ලු වගේද ?

     20533126
                 අද මම ලියන්න යන්නේ තරමක් කණට නුපුරුදු ගීතයක් ගැන.මේ ගීතය තොර ගන්න හේතු කීපයක්ම තිබුණ.එකක් තමයි මේ ගීතය ලියල තියෙන්නේ රත්න ශ්‍රී විජේසිංහ මහත්මය,තවත් විදියකින් කියනවනම් මගේ ප්‍රියතම ගීත රචකයා.අනෙක් ප්‍රධානම හේතුව තමයි මේ ගීතයේ පදමලාවේ තියෙන සරල බව ඇතුලේ වචනවලින් කියන්න බැරි මහා සමාජ ගැටළුවක් සාකච්ච කරල තියෙනව.ඒ කතාව කියන්න කලින් ගීතයේ පද මාලාව බලලම ඉන්නකෝ !

          වළි කුකුල්ලු ඇවිදින් …

වළි කුකුල්ලු ඇවිදින්
මැණිකේ හේනට ඇවිදින්
අර බලන්න අර කඩුල්ල ළඟ
අල්ලන සවුදම්//


වී කරල් පුරා දහඩිය ඇත වැගිරෙන අන්දම්
වී කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම්
පිනි වැස්ස යටින් කරල් හොරුන් රංචුව ඇවිදින්
වැට කඩුල්ල අහුරමු මැණිකේ අත අහවර නම්.


වළි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගේ වන්නම්
මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්
අපේ බංඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම්
මතු මගුල් දාක නුඹලාටත් එන්න කියන්නම්.


වළි කුකුල්ලු ඇවිදින් ………..

හරි දන් කියන්නම් ගීතය ගැන.මේ ගීතය ලියන්න රත්න ශ්‍රී මහත්මයට පාදක වෙලා තියෙන්නේ බොහොම පොඩි අත්දැකීමක්.ඒ තමයි එතුමා උසස් පෙළ කරන්න ඉන්නකොට එතුමා මොණරාගල යාලුවෙක්ගෙ ගෙදර ගිහින් තියෙනව පාඩම් කරන්න.ඉතින් මේ දෙන්න පාඩම් කරල තියෙන්නෙ හේනක පැලක.ඉතින් රෑ බෝවෙනකොට හේන් වලට එන සතෙක් තමයි වළි කුකුළා.උන් රංචුවක් ඇවිත් විනාඩි පහක් යන්න කලින් මුළු හේනම ඉවරයිලු. මේ සිදුවීම වෙලා කාලෙකට පස්සේ රත්න ශ්‍රී මහත්මයට හිතිල තියෙනව වළි කුකුල්ලුත් හරියට අපි වගේ කියල.ඒ කිව්වේ අපි මාධ්‍යම පාන්තිකයෝනේ,අපි කරන්නේ උපයෝගිත රැකියා,ඒ කිව්වේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධ වෙන්නේ නෑ.එත් අපි සමාජයේ සැලකිය යුතු අවකාශයක් ගන්නව,හොඳට අඳිනවා ,උත්සව වලට සහභාගී වෙනව.වළි කුකුළත් ලස්සන සතෙක්නෙ,ඌ වගේම අපිත් කඩා වඩා ගන්නේ තව කෙනෙක්ගේ ශ්‍රමය.ඒ ශ්‍රමයෙන් තමයි අපි සමාජයේ වැජඹෙන්නේ.මේක තමයි ගීතයේ යටි අර්ථය.නමුත් රචකයා මේ ගීතයේදී අනාගතය ගැන උපකල්පනය කරල තමයි අන්තිම පද ටික ලියල තියෙන්නේ.රචකයා  දකිනවා මේ අසාධාරණ යුගයේ නිමාවක්.වැඩ කරන ජනයා රජ කරන යුගයක්.ඇත්තටම ගත්තොත් ඇති විශිෂ්ට පද රචනයක්.තමන්ගේ හඬ ගීතයට දායක කරලා මේ ගීතයට උපරිම සාධරණයක් කරලා තියෙන්නේ සුනිල් එදිරිසිංහ මහත්මය
                         පොඩි දුකකට තියෙන්නේ අද රත්න ශ්‍රී මහත්මයලගේ ඒ විප්ලවකාරී අදහස් කොහෙද කියන එකයි.අද එතුමන්ලාගේ පෑනෙන් ලියවෙන්නේ තක්කඩින්ට ප්‍රශස්ති ගීත.කොහොමවුණත් ගීතයක් කියල කටපුරා කියන්න පුළුවන් ගීතයක්.අහලම බලන්නකෝ.
                            ජය වේවා!
ගීතය බාගතකරගන්නමෙතන කොටන්න්න.








           z_p20-We-are

04 September 2011

ජංගම බණ!

4788751213_5cbac6160c

පුවතක්……….හිමිගේ බණ ඔබේ………….. දුරකථනයෙන් ශ්‍රවණය කරන්න .විනාඩියකට රු.3/= යි.

           
අවැසි නැත පින්වත
පන්සලට වඩින්නට
සොයාගත්තෙමි පාරක්
ලේසියෙන් නිවන් යන්නට

කොම්පැණියට රුපියලයි
මට දෙකයි
ඔක්කොම එකතු වී
විනාඩියට තුනයි.

              
මම කරමි සංගායනා
සල්ලි දී තොපි කරව් භාවනා
බුදු හිමිගේ බණ නැසෙනා
ලෝකයක මේවත් වසනා.

             
නිවා සිත සතන්
මෙත් වඩා සිතින් සුපහන්
ජංගම දුරකථනයෙන්
සාදු , කිය කිය දැකපිය නිවන්!

02 September 2011

කලාකරුවාණෙනි!

                    මුලින්ම ලියන ලිපිය හොඳ ගීත රස විදින හැම දෙනාගේම රසවින්දනය වෙනුවෙන් ලියන්න මම හිතුව .මේ ගීතය වැඩිය ජනප්‍රිය ගීතයක් නෙමෙයි(මගේ දැනුමේ හැටියට).ගීතය තමයි සුනිල් එදිරිසිංහ මහත්මය ගායනා කරන කලාකරුවාණෙනි කියන ගීතය.
                    මේ ගීතය ලියල තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ තුන්වන වසරේ ශිෂ්‍යයෙක් වන රජී වසන්ත වෙල්ගම කියන නවක කලාකරුවා.ඔහු නවකයෙක් වුණත් පළමු නිර්මාණයෙන්ම ප්‍රවීණයෙක් කියල ඔප්පු කරලා ඉවරයි කියලයි මට නම් හිතෙන්නේ.මේ වගේ නිර්මාණකරුවෝ දැක්කමනම් ගීත සාහිත්‍යයේ අනාගතය  එච්චර නරක නෑ කියල හිතෙනව.
                    ඇත්තටම මේ ගීය පුදලා තියෙන්නේ කලාකරුවන්ට.අවුකන පිළිමය ධාතුසේන රජතුමා විසින් කරවන ලදී කියල අපි අහල තියෙනව ,නමුත් අපේ ඉතිහාසයේ එතුමා ගල්වඩුවෙක් කියල සඳහන් වෙනවද කියනඑක ගැටළුවක්.එහෙනම් මේ නිර්මාණය කරපු කලාකරුවා කවුද?                                                                                              
                    ඇත්තම කියනවනම් ඔහු මුළු ලෝකෙටම හොරා මැරිලා යනව.මෙය අතීතයේ පමණක් නෙමෙයි අදටත් සත්‍ය සංසිද්ධියක්.මෙන්න මේ කතාකළ යුතු චරිතය ගැන කතාකරන්න තමයි රචකයා මේ ගීය රචනා කරලා තියෙන්නේ.එහිදී ඔහු භාවිත කරන සරල හාෂාව හා අතිශය සංවේදී සිද්ධීන් තෝරා තෝරා ගැනීම විශිෂ්ඨයි.
                    තව ගීතය ගැන කියන්න තිබුනත් ඒ කාර්යය කියවන සැමට භාරදෙන්නම්.
මෙන්න ගීතය ,රසවිඳීම ඔබ සතුයි.


මේ තරම් සියුමැලිද කළුගල්
හිතාගන්නත් බැරි නිසා,
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස දුන් මිනිසා සොයා //


කලා වැව ළඟ ඉළුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා,
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා //


ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා අසූ විට හිනැහුණා ඔහු
තවම තනිකකඩ යැයි කියා..//


මෙතරම් සියුමැලිද …….


ගීතය භාගත කරන්න මෙතැන කොටන්න.

ලිපිය හිතට අල්ලුවනම් follow පාරක් දාලම යන්න.

01 September 2011

ආයුබෝවන් !

බ්ලොග්කරුවන්ගේ වැඩ කිඩ දැකල මමත් කවද හරි බ්ලොග් එකක් ලියනවා කියල ආසාවක් කලක ඉදන් තිබුනත් අද තමයි  එක හැබෑ වෙන්නේ!සාර්ථක බ්ලොග් එකකට ඔබේ සහය අපේක්ෂා කරනවා.
                         ස්තුතියි෴