කළු කැත වැහි වලාකුළු
හිතන්නටවත් පුළුවන්ද
නුඹ රැගෙන ගිය වගක්
පෙම් හසුනක් කුමරියකට
හමුවන දවසේ අප
දෙබැම හකුළුවාගෙන
කඩා පනින්නට බලා ඉන්නා
වෙරළ උද්‍යානයට !
පෙම් කරන්න නොලැබුණු දුකට
බලා ඉන්නවා වත්ද !
යන්තමට කඳුළු බිඳු සලමින
ඇහැට ඇඟිල්ලෙන් අනිනතුරු
ඉකිගසා අඬන්නට.
ප්‍රේමයටත් ලන්සු වැටෙන
මේ දේශයෙන් ඉහලට යන
ජල වාෂ්පත් කුහකද
ඒ තරමටම ?
ලිංග විපර්යාස පමණක්
වෙනස් කළ නොහැකිය කියන
ව්‍යවස්ථාවේ තෙදට නුඹ නතුද
නවතන්න අවසර වැසිදිය
පනත් කෙටුම්පත් අනුවමද ?
ටිකක් නවතින්න වැහි වලාකුළ
දෙන්න අපහට මඳකට අවසර
අඳිමුද අඳිමුද ! රිදී පාට ඉර
කැපීපෙනෙන ලෙස නුඹේ ඇඟමත !
24 November 2011
නොතේරෙන ජ්‍යාමිතිය!
ඉමක් නැති සයුර දෙස
ඔරවාගෙන බලා ඉන්නා
ඔබ
හා
මම
වියතක පරතරය බංකුව මත
සිත අතර අසූ කෙළක් යොදුන්
දරාගත නොහැකි බෑගිරියකි
“මහ මුහුද ,කට වහපන්!”
වෙනදා නම් මුල්ම හාදුවට
ඔල්වරසන්දෙන ජයගොස
එත්,කාට හාදු දෙන්නද අද ?
පය කොනිත්තා ඔට්ටුවට
ආපසු දුවන රළ පෙළ
“හිතක් නැ බං අද ,
දුවන්න ,උඹ අල්ලන්න !”
මේ වියත මොහොතකින් තව
පියමනීවී අනන්තයට
එතකොට,
කොහොම අඳින්න ද සරල රේඛාව
අපි දෙන්නා එකට යාකර?
Subscribe to:
Posts (Atom)