06 October 2012

පොඩි කතාවක්!


……………අම්ම අරාබියට ගිහිල්ල අවරුදු දෙකක් ගෙවිල ගියත් එදා ප්‍රියන්තගේ හිත ඇතුලේ නලියපු ආශාවල් අදත් එහෙමමයි.අම්ම ගියාට පස්සේ ප්‍රියන්ත ඉස්කෝලෙත් යන්න පටන් ගත්ත.අලුත් යාළුවො ගොඩක් හම්බුණා.අම්ම යන්න කලින් ප්‍රියන්ත ලියන්න දැනගෙන හිටියේ  “අම්මා” කියල විතරයි,එත් දැන් “අම්මා ඉක්මනට ගෙදර එන්න" කියලත් ලියන්න පුළුවන්.එත් අම්මත් එක්ක වෙසක් එකට කැළණි යන්න එදා තිබුණ ආශාව නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.
ඉහත කොටස උපුටාගත්තේ ජයතිලක කම්මැලිවීරයන්ගේ මාංචු නම් කෙටිකථා සංග්‍රහයේ එන“වරක් වැන්දොත්” කියන කෙටි කතාවෙනි.
           ප්‍රියන්ත කියන පොඩි දරුවා අසාවෙන් ඉන්නේ තමන්ගේ අම්මත් එක්ක වෙසක් දවසේ කැලණිය වඳින්න යන්න.එත් ප්‍රියන්ත ගේ අම්මත් බොහෝ දරුවන්ගේ අම්මල වගේ ආර්ථික මාරුතයට අහුවෙලා අරාබියට ගහගෙන ගිහිල්ල.මේ නිසා පුංචි ප්‍රියන්තට ඉතුරු වෙන්නේ හීනයක් අතේ  තියාගෙන තමන්ගේ අම්මා එනකම් බලාගෙන ඉන්න.
           කල් ගතවෙලා ප්‍රියන්තගේ අම්මා අපහු එන දවස උදා වෙනවා.කාලෙකට පස්සේ තමන්ගේ අම්මා දකින ප්‍රියන්තට දැනෙන්නේ ලැජ්ජාවක්.
…..අම්මා කොච්චර වෙනස් වෙලාද?කම්බුල් පිම්බිලා,රෝස පාටවෙලා.දැන් අපේ ඉංග්‍රීසි ටීචර්ටත් වඩා අම්මා ලස්සනයි.ප්‍රියන්තට එහෙම හිතුනේ ලැජ්ජා වේවි ඉන්න අතරතුර.
ප්‍රියන්ත අම්මා ගෙනාපු අරුමෝසම් බඩු,ටොපි චොකලට් එක්ක කාලය ගතකරත් ඔහුගේ හිත පුරා තවමත් තියෙන්නේ ඊළඟ දවසේ අම්මා එක්ක කැළණි යන්න.
          වෙසක් දවසත් එළඹිලා ප්‍රියන්ත අසාවෙන් ඉන්නවා අම්මා එක්ක කැළණි යන්න.ඒ අතරතුරේ අම්මා බලන්න ආපු අහල පහල උදවිය, යාළුවො එක්ක ප්‍රියන්තගේ අම්මා කාර්යබහුලයි.දැන් යයි දැන් යයි කියල බලාපොරොත්තුවෙන් හිටියත් ප්‍රියන්තගේ ආශාව ඉෂ්ටවෙන පාටක් නම් නෑ.
                   කාලයක් තිස්සේ හිතේ තියාගෙන හිටපු හීනය කඳුළු විදියට ප්‍රියන්තගේ ඇස් දෙකෙන් ගලාගෙන යනවා.
හානේ!මෙන්න මෙයා මෙතනට වෙලා අඬනවා..අයි මගේ පුතා අඬන්නේ?..පුතාට මම ගෙනාපු තෑගි හොඳ නැද්ද?.පුතා ආසද බයිසිකලේකට,ආ?..මම පුතාට චොපර් බයිසිකලයක් ගෙනත් දෙන්නම් හොඳේ?
ප්‍රියන්තගේ අම්මගේ උත්තරය වෙන්නේ ඔන්න ඕක.ප්‍රියන්තගේ අම්මා විතරක් නෙමෙයි මැදපෙරදිග රස්සාවට යන ගොඩක් අම්මලාගේ කතාව ඕක.ඒ අම්මල අපහු එද්දී වෙලා තියෙන සංස්කෘතික විපර්යාසය දරුවන්ට දරාගන්න බැරිතරම් බරයි.ඒ අම්මලට අමතකයි අපි වඳින්නේ අම්මා කෙනෙක් සතු ගුණකඳට මිස බාහිර පෙනුමට නෙමෙයි කියල
වටින් මහා සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට,නුඹ අම්මා හින්දයි!
කලකට ඉහතදී ලියවුණු මේ පද වැල මේ සිද්ධි දාමයට කොයිතරම් නම් හොඳින් ගැලපේද?


සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුළන
ඇතින්නියේ ….
යදම් අමතකද පා බැඳි විලංගුවේ//


පුතුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොම්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි//
ඇතින්නියේ …………
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි


සොඬින් නෙළුම් මල ගෙනියන….


වටින් මහ සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි//
ඇතින්නියේ…………
නෙළුම් මලට නෙවේ නුඹට නුඹ අම්මා හින්දයි


සොඬින් නෙළුම් මල ගෙනියන ………….


ගායනය      :-අතුල අධිකාරී
සංගීතය      :-………………..
පද රචනය   :-රත්න ශ්‍රී විජේසිංහ

ගීතය  බාගන්න මෙතන කොටන්න




        

01 October 2012

අවරුද්දයි ,තව මාසයකට ස්තුතියි!


බ්ලොග් කියන වචනේ මුලින්ම මට හම්බ වුණේ,යාළුවෙක්ගෙ මාර්ගයෙන් ගූගල් සිංහලීස් ඉන්පුට් එක ගැන දැනගත්තට පස්සේ.ඒ කාලේ සිංහල ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් නිසා ඒක ඒක සින්දු කෑලි,නම්, ගූගල් කර කර බලනවා. කාලේ තමයි මම මුලින්ම සිංහල බ්ලොග් දැක්කේ.මම මුලින්ම බලපු බ්ලොග් ලිපිය වුණේ “Out In The Open”කියල බ්ලොග් එකක වින් චුන් (Wing Chun) ගැන ලියපු ලිපියක්.ඒ බ්ලොග් එක පස්සේ කාලෙක මම හෙව්වත් හම්බුණේ නම් නෑ!.එහෙම බ්ලොග් බැලුවත් මට බ්ලොග් එකක් ලියන්න ආසාවක් තිබුණේ නෑ.
                      2011 ඒලෙවල් කරලා ගෙදර ඉන්න අතරතුර වැඩි කාලයක් ගතවුනේ නෙට් එකේ.ඒ දවස්වල තමයි මගේ මිත්‍රයෙක් වුණ නජාත් අක්‍රම් බ්ලොග් එකක් පටන්ගත්තේ.හැමදාම මු වදේ ගහනවා කියවල කමෙන්ට් එකක් දාන්න කියල.කොහොම උණත් ආසාවෙන් කියෙව්වා සහ කමෙන්ට් කරා.මේ කාලෙදිම රත්න ශ්‍රී විජේසිංහ වගේ කවියෙක්ගේ කවිපොත් කියවල සහ බූන්දියේ තිබුණ කවි කියවල කවි ලියන්න උණක් හදාගත්තු මට මම ලියන ඒවා කාටහරි පෙන්නන්නත් ඕන.මම ඒ කාරණය මගේ මිත්‍රයට කිව්වම එයා තමයි කිව්වේ “උඹත් බ්ලොග් එකක් පටන්ගනින්" කියල.
                     ඒ විදියට පටන්ගත්තු බ්ලොග් එකට අදට අවුරුද්දයි මාසයක් හරියටම!මුල්ම කාලේ මගේ බ්ලොග් 1 ට හිටියේ පාඨකයන් දෙන්නයි මම විශ්වාස කරන විදියට.මමයි නජතුයි විතරයි.ෆේස්බුක් පේජස්,සින්ඩි ගැන අහලවත් නෑ.ඒත් කොහොමහරි ලිව්වා !කවදමහරි කව්රුහරි කියවාවි කියන විශ්වාසය ඇතුව ලිව්වා!ගොඩක් කාලයක් යනකම් හැම ලිපියකටම කමෙන්ට් එකයි.මේ කාලෙදිම මම අයෙත් පාරක් ඒලෙවල් කරන්න තීරණය කරපු නිසා බ්ලොග් එකෙන් ටිකක් ඈත්වෙන්න උණා.ඒත් මාසෙකට ඒක ලිපිය ගානේ වත් දැම්ම.
                      බ්ලොග්කරණය ගැන කිව්වොත් ඇත්තෙන්ම මම ගොඩක්ම තෘප්තිමත් වුණ දෙයක්.සමහර අවස්ථාවලදී පොඩි පොඩි සිත් තැවුල් තිබුණත් සෑහෙන්න හොඳ ප්‍රකාශන මාධ්‍යක්.සමහර වෙලාවට ගොඩක් හොඳට ලියපු අයගේ බ්ලොග් දකිනවා අතෑරලා දාපු.ඒකට හේතුව වෙන්න ඇත්තේ ඔවුන්ට අවශ්‍ය දිරිගැන්වීම නැති නිසා කියල මට හිතුන වාර අනන්තයි.ඒක අතකට එකත් සාමාන්‍යයි.ඩාවින් තමන්ගේ පරිනාමනවාදයේ" “ජීවිත සටන” කියල කිව්වේ මේක වෙන්න ඇති.සටනෙන් දිනන අය පවතිනවා.ඒත් ඒ වෙලාවට පොඩි කලකිරීමකුත් ඇති වෙනවා.බ්ලොග් අවකාශයෙන් එළියේ සංවිධානය කරපු අවස්ථාවන් වලටත් සහභාගී වෙන්න ලැබුණ ඒක ලොකු දෙයක්.සැහෙන්න පිරිසක් අඳුරගන්න ලැබුණා.විනෝද උණා.සමහර වෙලාවල් වල පජාත වුණා( දන්නෝ දනිති ).
                       අවුරුද්දයි මාසයක් ගතවෙලා!අයෙත් හැරිලා බලද්දී මට බ්ලොග් එක ගැන තියෙන්නේ සතුටුදායක හැඟීමක්.මම ලියපු දේවල් ගැන මම තෘප්තිමත්.හිට්ස්  ගැන මගේ තියෙන්නේ වෙනමම අදහසක් නිසා සංඛ්‍යාත්මකව ඒවා දක්වන්න මම යන්නේ නෑ.ඒත් ලියන්න ගනිපු  මුල් කාලේ  ඉඳන්  මගේ හිත අරගත්තු එක පාඨයක් තිබුණා.
           “නිර්මාණකරුවෙක්ට ඔහුගේ නිර්මාණ සඳහා ජනප්‍රියතාව ලැබිය යුතුයි,නමුත් ජනප්‍රියතාව සඳහා නොලිවිය යුතුයි”**
     අවුරුද්දක් සහ මාසයක් පුරාවට මාව කියවූ හැමෝටම ගොඩක් පින්!

                                     කාලය ගතවුණත් හරියට
                                     මට හිතන්නේ මම තාම
                                     හෝඩි පොතේ මුල් අකුර!
                                     ඒ අකුර කියවූ ඔබට
                                     හිස නමමි බැතියෙන!



ප/ලි –**උඩින් තියෙන ප්‍රකාශය කාල් මාක්ස් විසින් කියන ලද නියමම ප්‍රකාශනය නෙමෙයි!මම එක මට         හරියන විදියට එක වචනයක් ආදේශ කරගත්ත.අර්ථයට හානියක් නොවෙන්න!
         
          *70 දශකයේ පුද්ගලයෙක්ගේ අදහස් වැනි අදහස් කියවන්න ලැබීම නීරස උණානම් සමාවෙන්න!:)