අද ඔබගේ මංගල රාත්‍රියයි .සඳක් වැනි ඔබගේ මුහුණ කඳුළු සේලයෙන් වැසී ඇත.ජීවිතයේ වැදගත්ම රාත්‍රියේදී ඔබ කඳුළු සලයි .තාරුකා වැනි ඇස් කඳුළු වලින් තෙත් වී එහි කාන්තිය නැතිවී ගොසින්ය. රෝස පෙති වැනි කම්බුල් මතට කඳුළු බින්දු පතිත වේ.
අද මා ගෙවන කටුකම රාත්‍රියයි.ඔබ මා ළඟ නැත.තනිකමේ සීතලෙන් මා මුසපත්ව සිටිමි.මම දෙනෙත් පියාගෙන ඔබේ උණුසුමට ගුලි වෙමි.
** “මෙලොව සිටින කිසිදු පෙම්වතෙක්
දරාගත නොහැකි ශෝකයෙන්
කිසිදාක කඳුලක් නොහෙළ බැවින්
මටද ඇඬීමට නොහැක ..”
රෑ ඇඳේදී දකින සිහිනයක් නොවේ ජීවිතය.හෙට අළුත් දවසකි.අප දෙදෙනාම එයට මුහුණ දිය යුතුය.අද පටන් අප දෙන්නා දෙදෙනෙකි.
සියලු බාධක වලට අප අද පටන් තනියම මුහුණ දිය යුතුය.
ලෝකයට නොපෙනෙන පරිදි ඔබට හැඩීමට හැක්කේත් ,මට දුක් වීමට හැක්කේත් රාත්‍රියේදී පමණි. සඳ බැස යාමට ආසන්නය .රාත්‍රියද ගෙවී අවසන් වීමට ආසන්නය.ජීවිතය රාත්‍රියට වඩා දිගු එකකි. ඔබේ සිහිනයෙන් මට යන්න අවසර දෙන්න.
ඔබ මගේ සිතේ කොතැනක හෝ සදාකල්හිම රැදී සිටීවි.
අපගේ ප්‍රේම වෘක්ෂයේ ඉතිරිව මලක් නැත,තිබුණු එකම මලද වෙනකෙක් සතුය.ඇත්තේ කටු පමණකි.ඒ මල සිහිකරගෙන මම ඉතිරිව ඇති කටු සිප ගනිමි!
** “ තියුණු විස කටු පොකුර
මත තබා මගේ දෙතොල
අවසාන වරට නුඹ සිප ගනිමි
හෙට ප්‍රභාතය පිණිස ….”
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... රෝස පෙති කඩා හැලේ
කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යායුතුව තිබේ...
නින්ද නැති රැයේ...//
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...
නින්ද නැති රැයේ...//
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ
** උපුටනය :- රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුභ උදැසන කාව්‍ය සංග්‍රහය.(44 වන පිට "පමා වූ පෙම්වත")