අමුතුම පුසුඹ සුළඟකි
ඉරිදාට කොටුව තුල
විදේශික බසකින් හැසිරෙන
කරදිය මිශ්‍ර සුළඟ
තට්ටුව කැඩී ගිය
ගල් බංකුවක් ලඟට
ඇවිත් දණගාන
කෙට්ටු හීනයක මම ඔබට
අමිහිරිම කටහඩින් කීව
සංකීර්ණම පෙමක් ගැන
සරල ගීයක් කියන
තැඹිලි පැහැ සිවුරක්
ඈතින් පොඩියට යන එන
වෙරළ මත භාවනාවට
කමටහන් සොයා ඇවිදින
වැඩ ඇරී ගෙදර යන ඉර
අළුතෙන් පැහැ තැවරීය
අඳුරු වී ගිය සිවුරත
ගල් බංකුව උඩ
තරුකැට හතරකි
නිරුත්තර පැනයකට
විසදුම් සොයා වෙහෙසෙන
අඳුර වැටෙන තුරු කල්මරන
පනින්නට හිස් අහසට !
මේ පාර ස්කෝලාධාර අගුණකොළපෑලැස්සට
1 day ago
අමුතුම පුසුඹ සුළඟකි
ReplyDeleteඉරිදාට කොටුව තුල
විදේශික බසකින් හැසිරෙන
කරදිය මිශ්‍ර සුළඟ
තට්ටුව කැඩී ගිය
ගල් බංකුවක් ලඟට
ඇවිත් දණගාන
කෙට්ටු හීනයක මම ඔබට
අමිහිරිම කටහඩින් කීව
සංකීර්ණම පෙමක් ගැන
සරල ගීයක් කියන
මම මාරම ආසයි ඒටිකට.....
ලස්සනයි....
ගාලු කොටුව ගැන නේද? මම ලියනවා නෙලුම් පොකුන ගැන හිකිස්...
ReplyDeleteලස්සනයි මලයා..
අඩේ උඹ ඒක ගැන ලියලා නේ.. කොහොම උනත් පට්ට දවසක් නේ.. ඉරිදා නෙවෙයි.. සෙනසුරාදා නේ.. කොහොම උනත් මට මේකෙත් වෙනම කොටසක් විතරක් හොඳයි කියන්න බෑ.. ඒත් මට නම් අන්තිම කොටස පට්ටයි.. එල!
ReplyDeleteඔය තියෙන්නේ කවි... නෑ නෑ නිසඳැස්.. එල මල්ලි, මම තුන් පාරක් විතර කියෙව්වා.. :)
ReplyDeleteලස්සන කවි පෙලක් මල්ලී.. මේ තේමාවෙම නිසදැසක් මමත් කලින් ලිවුවා.. ඒත් දැං මතක නෑනේ.. නැතන්ම් මෙතන දානවා පිළිතුරක් විදිහට..
ReplyDeleteලස්සන කවි පෙළක්.සැමා වගේ මමත් ලියනවා කුට්ටන් පොකුණ වගේ.
ReplyDeleteකවිය රස වින්දා....
ReplyDeleteලස්සනයි
ReplyDeleteලස්සනයි මචාං....එල හොදද!! ජය වේවා!!
ReplyDelete@නිසපු
ReplyDeleteඇත්තම අත්දකීමක් ලියවුණේ
@සෑම් අයියා
නෙලුම් කුළුණ ගැන ලිව්වනම් හොදයි,ආසියාවේ ලොකුම එකක්ලුනේ!
@නජාත්
මාත් අසාවෙන් රසවින්දේ අන්තිම ටික,අපිට අදාලම ටිකනේ
@ශානි අක්ක
ReplyDeleteඑහෙනම් තව පාරක් කියවන්නකෝ!:ඩී
@දිනේෂ් අයියා
ස්තුතියි අය්යේ.මම ඔයාගේ බ්ලොග් 1 බලන්නම්කෝ!
@අසරණයා
කුට්ටම් පොකුණේ වතුර කළු පාටයි කියලද??:ඩී
@ඔබා අන්කල්
ReplyDeleteස්තුතියි සීයේ !:ඩී
@වර්ණා අක්ක
ස්තුතියි අක්කෙ:)
@කල්ප
තෑන්ක් යු මචන් ;)
ගල් බංකුව උඩ
ReplyDeleteතරුකැට හතරකි
නිරුත්තර පැනයකට
විසදුම් සොයා වෙහෙසෙන
අඳුර වැටෙන තුරු කල්මරන
පනින්නට හිස් අහසට......!
ලොකු අදහසක් කියන පොඩි පොඩි වචන ගොනුවක්.
ලස්සනයි @ නුවන් මලයා...