ගොඩක් දවසකට පස්සේ කවියට පොඩ්ඩක් සමු දීල වෙන දෙයක් ලියන්න කියල හිතුවෙ.සමුදීල කිව්වට මේ ලියන්න යන්නෙත් මට කියවන්න ලැබුණු කවි පොතක් ගැනම තමයි .
ඇත්තම කියවනවානම් මේක මට කියවන්න ලැබුණු ආන්දෝලනාත්මක කවි පොතක්.පොතේ නම තමයි “මාතෘකාවක් නැති මාතෘ භුමිය හෙවත් දෙමළ කවි “.කතෘ තමයි මංජුල වෙඩිවර්ධන .
කලාකරුවෙක් කියන්නේ සිංහලයෙක්වත් දෙමළෙක් වත් නෙමෙයි ඔහු සංවේදී මනුෂ්‍යයෙක් කියන අදහස මේ පොත පුරාවටම විහිදෙනව.මේ පොත ලියල තියෙනේ ද්‍රවිඩ දෘෂ්ටියකින් කියල කිව්වොත් මම නිවැරදියි.යුධ ජයග්‍රහණයෙන් පස්සේ අපි ජයගොස නැගුවා මිස දෙමළ මිනිස්සුන්ගේ දුක මොකක්ද කියන එක අමතක කරලා දැම්ම.කොටින්ම ඔව්න් මිනිස්සු කියන දේත් අපි අමතක කරල.ජයග්‍රාහී මානසිකත්වයෙන් සියලුම ද්‍රවිඩ මිනිස්සු දිහා අප්‍රිය බැල්මක් හෙලන්න තරම් අපි කුහක වෙලා.ඇත්තටම කිව්වොත් හැම දෙමළ මිනිහෙක්ම කොටියෙක් කියල කියන තැනටම අපි පත්වෙලා.ඉතින් මේ වාතාවරණය ඇතුලේ යුද්ධයෙන් දිනුවේ කව්ද??මේ කතාව දෙමළ කවි පොත පුරාවටම විහිදිලා තියෙනව.
මෙන්න මේ මානසිකත්වය නිසාම සාමාන්‍ය ද්‍රවිඩ මිනිස්සු මුහුණ දුන්න අතිශය සංවේදී සිද්ධි ගොන්නක් මේ කවි වල නිමිති ලෙස දක්වල තියෙනව.
“මඩකලපුව සිත්තන්ඩියේ දිගිලිවෙෛඩ රජයේ පාසලේ පහ වසරේ ඉගෙනුම ලැබූ දැරියක්,සෙබළුන් තිදෙනෙකු විසින් දුෂණය කරන ලදී.ඊට විරෝධය පෑ ගම් වැසියෙකුගේ මළ සිරුර පසුදා එහි පොකුණක තිබී හමුවිය"
(44 පිට - සිත්තන්ඩි කඳුළු )
ත්‍රස්තවාදීන් විසින් සිදුකරන අපරාධ වලට වැරදි කරුවෝ නම් සියලු දෙමළ මිනිසුන්ද?ඔව්නට යුක්තියකට ඉඩක් නැද්ද?ඔවුන් මනුෂ්‍යයෝ නොවේද?
මේ කවි පුරාවටම ඇත්තේ ඔවුන්ගේ අසරණකම නොවේද?
මෙහි පසු ග්‍රන්ථයේ සඳහන් එක් කවියක් පෞද්ගලිකව මාව අතිශය සංවේදී කිරීමට සමත් උණා.
මම ලිඟුමාල වෙමි
සටහන - පොලිස් පාදඩයන් දස දෙනෙකු විසින් දුෂණය කරනු ලැබ අවසාන යෝනිය තුලට අත්බෝම්බයක් දමා පුපුරවාහැර අමානුෂිකලෙස මරා දැමු කොනේශ්වරී අම්පාරේ විසු තෙදරු මවකි.මෙම සිද්ධිය වුයේ 1996 ජුනි මාසයේදීය .එදා මෙම සිද්ධිය සැලවීමෙන් අකම්පිතව සිටි දකුණේ සිත වලට අද මෙම සිද්ධිය සම්පුර්ණයෙන්ම අමතකය.
අතගසාගෙන නළලත
වෙසක් සඳ වැළපෙයි
ජනේලෙන් හොටු පෙරයි
ලඟපාත ගෙදරක තෙමගුල පිණිස නිම වූ
නෙලුම් මල් සත තවම පරවී නැත .
පන්සීය පනස් ජාතක එක්පතට සින්දා තැනු
නුතන වි-ජාතකයක විරිඳු සුරල් රාවය
විටින් විට තොරණකින්
ඈතින් ඇසේ.
මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි
කවියක් පිණිස ඇහැරී බලා ඉන්නා
එකෙණෙහිම
පියඹා ආ මස් කැබැල්ලක්
කඩදාසියේ පතිතව
යෝනියක හැඩතල මවයි.
නිසැකවම ඒ කොනේශ්වරීගේ විය යුතුය.
අම්පාර සිට කොළඹට
පියඹා එන්නට
මේ හැටි කාලයක්?
ඒ තරම් අපි ඈතය
දෑස කඳුලින් සීතය.
කඳුළු අතරින් මම
අංගුලිමාල නොව ලිඟුමාල වෙමි
මට ඇඟිලි අනවැසිය ඕනෑ පුරුෂ නිමිතිය.
බතින් වමතින්ගත් මස් කැබැල්ලෙන් යුතුව ද
දකුණතින් තරවැ ගත් තියුණු සැතකින් යුතුවද
නික්මෙමි.
මග දිගට හමුවන ගෙයින් ගෙට සන් කොට
සෑම සිංහල ලිඟුවම කපා හුයකින් අමුණමි
අවසානයේ මගෙත්
ආහ්…..
වේදනා දරා ගෙන
සමනොළ ගිර ගෙලට
ලිංග මාලය පළදමි.
නවතාලනු පිණිස මා
බුදු කෙනෙකු නැතියෙන්
නිසැකවම මෙය කල හැක.
සහෝදර සිත් නැති ,හැගුම් නැති
ජාතියක් කුමටද?
මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි
ඒ මත ලේ පැල්ලමකි
එය කවියකි
එත් එය දෙමලෙනි
සිහළුනට නොතේරෙන්නේ එබැවිනි!
වරද සිහළුන්ගේද, දෙමළුන්ගේද මම නොදනිමි.නමුත් කොහේ හෝ වරදක් ඇත.එය තවම නිවැරදි වී නැත.සුපිරි පැලැන්තියේ ජීවත් වන දෙමළුන් හැර අනෙක් සියළුම දෙමළුන් අපිට බොහෝ ඈතය.සත්‍යය එය යැයි මට සිතේ.
අවසාන වශයෙන් මේ සම්බන්දව සංවේදී වන අතලොස්සක් සිංහලයන්ද දේශද්‍රෝහීන් කර ඇති බව පොතේ පසුවදනින් පිළිබිඹු වේ
“සිංහලයන්ගේ කොදෙව්වේ ,අනෙකාටද තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමේ අයිතිය සෑම විටම සමාන යැයි කියූ වරදට දේශ හිතෙයිශීන් විසින් පිටුවහල් කරන ලද දේශද්‍රෝහියා මා දෙස බලා සිටී”
ඉන්දික උඩුගම්පොළ-පසුවදන
ප.ළි- පොත ගැන විස්තර කිව්වේ නෑනේ
පොත සූර්ය ප්‍රකාශනයක් මිල රු.200යි.
අරුණැල්ල බ්ලොගය ලියන අපේ නජාත් සහෝදරයාගේ නිර්මාණයට ලයික් 1 ක් දාගෙනම යන්න!
මේ පාර ස්කෝලාධාර අගුණකොළපෑලැස්සට
1 day ago
කොහෙන්හරි ඒ පොත හොයාගෙන කියවන්න ඕනෙ....
ReplyDeleteමේදවස්වලනම් බත්තලං ගුණ්ඩුව කියවනව.....
බත්තලංගුණ්ඩුව නම් කියවන්න බැරි උනා!
Deleteඑත් සැහෙන්න හොදයි කියල තමයි ආරංචිය!:)
සංවේදී පොස්ටුවක් මචන් :( මේ පොත කියවලම බලන්න ඕන
ReplyDeleteමට මතක් කරහන්:P
Deleteමම දෙන්නම් පොත :)
පට්ට කවි ටික නේ? මම බැලුවා මේ පොස්ට් එක පරක්කු මොකද කියලා!!
ReplyDeleteටිකක් වැඩ වැඩියි බන් මේ දවස්වල:-/
Deleteගිය අවුරෑද්ද මම මංජුලගේ " බත්තලංගුණ්ඩුව " පොත ගත්තා.. ලාංකීය රචකයෙක් ලියපු හොදම පොතක්... ඔහුගේ භාෂාව හරිම පොහොසත්.
ReplyDeleteමිනිස්සුන්ගේ බුද්ධියට කතා කරන එක හරිම භයානකයි.. ඒත් ඒ අවදානම ගත්තු නියම කලාකාරයෙක්. . ජාති භේද වලින් ගල් වෙච්ච මිනිහෙක්ගේ හදවතක් වුනත් උණු කරන්න පුලුවන් වර්ගයේ කවි පන්තියක් මේක.. . .. . .
ඈත හිටියත් ලාංකීය සාහිත්‍ය වෙනුවෙන් හා හඩක් නෑති ජනතාව වෙනුවෙන් ගොඩක් දේවල් නෑති කරගෙන මේ කරන පරිත්‍යාගයට ජාතියෙන් සිංහලයෙක් විදිහට ඉපදුන මගේ හෘදයාංගම ප්‍රණාමය...
ඇත්තටම සහෝදරය,සමහරු නම් මංජුල ජාතිවාදියෙක් විදියට හදුන්වනව,එත් මගේ නිර්වචනයට අනුව ඔහු සැබෑ මනුස්සයෙක්!
Deleteඔහෙගේ කවි කවදත් වෙඩි වගේ... ඕව එලිවෙලා තමයි ජිනීවා වල කේස්..
ReplyDeleteඅපේම වැරදිනේ සහෝදරය!:-/
Deleteනියමයි අපේ පැත්තටත් ඇවිල්ලා යන්න
ReplyDeleteඅනිවාර්යයෙන් එන්නම්කෝ!:)
Deleteස්තුතියි මේ පැත්තේ අවට!
මංජුල මගේත් සමීප සමකාලින මිත්‍රයෙක් "බත්තලංගුණ්ඩුව" වගේ නවකතාවකට පස්සෙ ඉතාම මෑතක දෙසතියකට විතර පෙර පොත් දෙකක් එකවර මුද්‍රණයෙන් නිකුත් වුණා මගේ මතකයේ හැටියට ඒ එක පොතක් මේ කවි පොත. තාම කියවන්න බැරිවුණා.මේ සතියෙම මරදාන පැත්තෙ පොත් සාප්පුවලට ගොඩවීමේ අවශ්‍යතාවය දැනෙනවා.
ReplyDeleteඔබේ විචාරාත්මක ඉදිරිපත් කිරිමනම් ඉස්තරම්. මම කොහොමටත් මේවගේ දේවල් බ්ලොග්වල ලියැවෙනවට කැමතියි.
හරවත් විචාරාත්මක මංපෙතක් විවර කිරීමට ඔබට වරම් ලැබේවා. මමත් ඔබ සමගයි.
මීට සති දෙකකට කලින් නිකුත් උනේ ඔහුගේ වෙනත් කවි පොතක් දයා අය්යෙ!
Deleteමේක 2010 අග භාගයේ නිකුත් වුන 1ක්.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොදම කාව්‍ය ග්‍රන්ථයට මේ පොතත් නිර්දේශ උනා!
විස්තරේ දැක්කම පොත හොදයි කියලා හිතෙනවා.. අපේ ගෙදරට කියන්න ඕන අරන් තියා ගන්න කියලා..
ReplyDeleteඅනිවාර්යෙන් කියවන්න දිනේෂ් අය්යෙ!සිරාම පොතක්!:)
Deleteමට ලඟදි බලන්න ලැබුන අශෝක හඳගමගෙ 'මේ පාරෙන් එන්න' කියල ටෙලිඩ්රාමා එකක්. ඒකෙත් දෙමළ මනුස්සයන්ගේ පැත්තෙන් යුද්දෙ දිහා බලල තියෙනව.
ReplyDeleteඒක නම් බලන්න බැරි උනා ඔබා මාමේ!එහෙම දේවල් නිර්මාණය වෙනවා කියල දැනගැනීමත් සතුටක්!
Deleteහෆොයි ඔය එන්නෙ යුද අපරාද වැප නොකැඩී, ඇඩෙනවා
ReplyDeleteඑකනේ!:P
Deleteගොඩාක් මිනිසුන්ට නොපෙනෙන දෙයක්.හැම දෙයකටම හුරේ දාන මිනිස්සු අහිංසකයන් විඳින දුක තේරෙන්නේ නැහැ.
ReplyDeleteවෙලාවකට අපි ගැනත් තරහයි මට නම්.අපි උනත් කරේ ඕකනේ යුද්ධෙ කාලේ!දෙමල මිනිස්සුන්ට හිනා උන එකනේ!:-/
Deleteම්ම්..ඇත්තටම මේ පොත කියවන්න මටත් ආස හිතුනා..වෙනද වගේ පොත් කියවන්න වෙලාවක් නැති නිසා දැන් පොත් ගැන හොයන්නෙත් නෑ..ඒත් මේකනම් හොයාගෙන කියවනවමයි.. :)
ReplyDeleteඅනිවාර්යෙන් කියවන්න අක්කෙ!:)
Deleteසිරාවටම හොද පොතක්!
මං සාමාන්‍යෙන් කවිපොත් කියවනවා අඩුයි. එත් මේ විචාරේ දැක්කම මට කවි පොත කියවන්න ආසාවක් ආවා...පොත ගැන අපිට දැන ගන්න සැලස්සුවට බොහොම ස්තුති.
ReplyDeleteමගේ නම් ඉතින් ෆෙවරිට් කවි පොත් තමයි!:P
Deleteකවි පොත් නම් බොහොම කලාතුරකින්වත් කියවල නෑ.. අභිරහස් කතා කියවන්නයි ගොඩක් කැමති... ඒත් විචාරේ දැක්කම ආසත් හිතුණා...
ReplyDeleteආස හිතුනනම් කියවන්නකෝ!:P
Deletebalamu sarasawiye athi neda
ReplyDeleteහපෝ ඔව්!
Deleteසරසවියෙනම් අනිවා ඇති!
විප්ලවීය අදහස් ඇත්තෙක් ....
ReplyDeleteශෂී ගේ කවි වගේම වෙනස්!:)
Deletekaviyakata koi haram hodata monis sitha sparsha karanna puluwanda kiyala maka baluwama panawa.thanx malli mawa apita balanna liwwata oyata suba pathanawa
ReplyDeleteස්තුතියි!:)
Deleteමේ පොත නම් කොහොමහරි කියවන්න ඕන කියලා හිතුනා.
ReplyDeleteකියවන්න ඉතාම සුදුසු පොතක්!:)
Deleteමමත් මේ පොත ගත්තා මල්ලි... ඔයා පොත ගැන කරල තියෙන විස්තරය හරිම අපූරුයි. ඔයා මේ පෝස්ට් එක ලියන දවස්වල මම බ්ලොග් ලෝකෙ යාම්තම් සැරිසරන්න ගත්ත විතරයි.
ReplyDeleteදෙමළ මිනිස්සු ගැන විතරක්ම නෙමෙයි දැන් දැන් අසරණ, පීඩනයට ලක් වෙන සිංහල මිනිස්සු ගැන කතා කරන එකත් දේශද්රෝනහීකමක් වෙලයි තියෙන්නෙ. ලබ්බට තිබ්බ අත පුහුලටත් තියලයි තියෙන්නෙ.