ඌව වෙල්ලස්ස කියන්න අතීතයේ ඉදන්ම බොහොම සශ්‍රික පළාතක්.වෙල්ලස්ස කියන්නෙ වෙල් ලක්ෂයක් කියන පදයෙන් හැදුන කියල තමයි කියන්නෙ.එ වගේම ආගමික විස්වාස එහෙම ගොඩක් තියෙන පළාතක්.වෙල්ලස්ස පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ ජනවහරේ කිරි අම්මල හත් දෙනෙක් ඉන්නව ඉඳිගොල්ලේ කිරිඅම්මා,උනාපානේ කිරිඅම්මා,කන්දේ කිරිඅම්මා,දිවැස් කිරිඅම්මා,වෙල්ලස්සේ කිරිඅම්මා,කුකුලාපොල කිරිඅම්මා,බිලි කිරිඅම්මා යන අය තමයි එ කිරි අම්මාවරු හත්දෙනා.මේ අතරින් වෙල්ලස්ස පළාතේ කුකුලාපොල කිරිඅම්ම කියල හදුන්වන්නේ කුවේණිව.
ඉංග්‍රීසි පාලන සමයේදී පැවතුනු පාලනක්‍රමයටවිරුද්ධව වෙල්ලස්සෙන් ලොකු කැරැල්ලක් ඇති උණා.එ කැරැල්ල බොහොම සාර්ථක විදියට ක්‍රියාත්මක උණත් අපේ රටේම ඉන්න කළු සුද්දන්ගේ පිහිටෙන් කැරැල්ල මර්ධනය කරන්න ඉංග්‍රීසින් සමත් උණා.ඉන් පස්සෙ වෙල්ලස්සේ ගම් විනාශ කරල,වැව අමුණු විනාශ කර විතරක් නෙමෙයි අවරුදු 18ට වැඩි සියලු පිරිමින් මරාදමන්න අණ කරා.ඒ උණත් වෙලස්සේ ඉතුරු වුන පිරිස හැංගිලා, පාවාදීම් වලට බයේ නම් ගම පවා වෙනස් කරගෙන ඔවුන්ගේ සංස්කෘතිය රැකගත්ත.
මේ අතරේ 1978 විවෘත ආර්ථික ක්‍රමයේ හදුන්ව දීමෙන් පස්සෙ 1982 වර්ෂයේදී ගොවීන්ගේ ඉඩම් බලෙන් පවරාගෙන මොණරාගල සීනි කර්මාන්ත ශාලාවක් ඉදිකරන්න බුකර්ටේට් කියන බ්‍රිතාන්‍ය සමාගමට රජය අවසර දුන්න.මේකට විරුද්ධවත් ගොවීන් නැගී හිටිය.එ ගැන කියවෙන ගීතයක් තමයි ගුණදාස කපුගේ මහත්මය ගයනා කරන බිම්බරක් සෙනග ගැවසුන කියන ගීතය.
ජන වහරේ එන කුකුලාපොල කිරි අම්මා ගැන සම්බන්ධ කරගත්තත් මම අද කියන්න යන ගීතයේත් තියෙන්නෙ අර දේශපාලනික වටපිටාවම කියලයි මට හිතෙන්නෙ.ගීතය තමයි “කුකුලාපොල කිරි අම්මේ"කියන ගීතය.ගීතය ගයනා කරන්නෙත් ගුණදාස කපුගේ මහත්මය.එහි තනුව හැටියට යොදාගෙන තියෙන්නෙ වැදි ගීයක ආකෘතිය.මුලින්ම අහද්දී මටත් ටිකක් නීරස ගතියක් දැනුන.එත් පස්සෙ සින්දුව අහද්දී නම් එ ගතිය නැති වෙලා ගියා.
කුකුළාපොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි
මේ පැටවුන් එක්කල මම කොයි අහ යන්දැයි
නිවැරැද්දේ අපට මෙහෙම පිටු පෑවේ ඇයි
කුකුළා පොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි
සංහිඳ හෙවණේ වෑ තෙර බෝ රුක මුදුනේ
ගල් වැව් මණ්ඩියෙ නිතර නුඹ වැඩ උන්නේ
කොයි සිට බැලුවත් අම්මේ දුරට පෙනෙන්නේ
රන්කොත වැන්නේ නුඹ ගණ රන් කොත වැන්නේ
යකඩ ඇතුන්නේ බිරුසන් හඬ ගුගුරන්නේ
රුක් දෙවියන්නේ මුල් සිඳිලා වැතිරෙන්නේ
ඉඳිකඩ අයිනේ සෙයිලම ළඟ ළඟ එන්නේ
තුන් යම හීනෙන් විතරයි නුඹ ළඟ අම්මේ
මේ ගීතයේදී කුකුලාපොල කිරී අම්මව ආදේශ කරල තියෙන්නෙ වෙල්ලස්ස පැත්තේ තියෙන ගැමි බවට,ස්වාභා සෞන්දර්යයට.ඇය ගැමි පරිසරය තුල ජීවමානයි කියල තමයි රචකයා කියල තියෙන්නෙ.ගීතයේ පලවෙනි සහ දෙවැනි කොටස් වලින් ඒක පැහැදිලිවෙනවා.
බිම්බරක් සෙනග ගැවසුන ගීතයේ සහ මේ ගීතයේ කියවෙන්නේ එකම සමාජ දේශපාලන කතාවක් කියල මට හිතුනේ,බිම්බරක් සෙනග ගීතය ලිවීමේදී එ ගීතයේ රචකයා වෙච්ච රත්න ශ්‍රී විජේසිංහයන් යොදාගෙන තිබුනේ වෙල්ලස්ස පළාතේ තියෙන මෙන්න මේ ජන කවිය
කන්ද උඩින බැස්ස කලට පෙනේය උළු මාළිගාවබිම්බරකුත් සෙනග ඇවිත් රුවට කරපු මාළිගාවඋදේ හවා දිස්නේ දිදී රන්කොත් බබලන සොබාවලංකාවට තිලකයක්ය සබරගමුව මාළිගාව
ටිකක් විමසිල්ලෙන් බැලුවොත් පෙනේවි කුකුලාපොල කිරි අම්මා ගීතයේ දෙවැනි කොටසේත් තියෙන්නෙ මෙන්න මේ අදහසම කියල.
එ වගේම බිම්බරක් සෙනග ගැවසුන ගීතයේ අන්තිම කොටසේ තියෙන,
ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංච නාදයෙන් ඇලලුණවෘක්ෂ දේවතාවන් බිම වැටී පණ ගසයි…
කියන කොටසේත්, කුකුලාපොල කිරි අම්ම ගීතයේ අන්තිම කොටසේ එන,
යකඩ ඇතුන්නේ බිරුසන් හඬ ගුගුරන්නේරුක් දෙවියන්නේ මුල් සිඳිලා වැතිරෙන්නේ…..
කියන කොටසේත් තියෙන්නෙ එකම අර්ථය.මේ නිසා මේ ගීත දෙකෙන්ම කියවෙන්නේ එකම කතාවක් කියල තමයි මගේ නම් අදහස.
මේ කියන ගොවීන්ගේ ඉඩම් පවරා ගැනීමේ සිද්ධියෙන් පස්සෙ වෙල්ලස්සේ තිබුන සශ්‍රිකත්වය සහමුලින්ම විනාශ උණා.අඟුණුකොළ පැලැස්ස ප්‍රදේශයේ විතරක් වැව් සියගානක් තිබිල තියෙනව,මේ සේරම වහල තමයි ඒවා උඩින් සීනි කර්මාන්තශාලාවට එන්න පාරවල් හදල තියෙන්නෙ.මේ සිදුවීමේදී ගුණදාස කපුගේ මහත්මය සක්‍රියව ගොවීන්ගේ අරගලයට තමන්ගේ හඬ දායක කරල තියෙනව.කොහොම උණත් මිනිස්සු දේශපාලනික අනාථයන් කරපු අවස්ථාවකට තවත් උදාහරණයක්.
ගීතය අහලම බලන්න
ප.ලි /
- චීන කමියුනිස්ට් නායක මාවෝ සේතුං වරක් කිව්වා සමහර පුද්ගලයන්ගේ මරණයන් අපිට දැනෙන්නේ කුරුළු පිහාටුවක් බිමට වැටෙනවා වගේ බොහම සැහැල්ලුවට කියල,එ වගේම සමහර පුද්ගලයන්ගේ මරණය මහා පර්වතයක් කඩාගෙන වැටෙනව වගේ දරාගන්න අමාරුයි.ඔබා මාමගේ මරණයත් එහෙමයි.අනපේක්ෂිත මොහොතක අපි අතරින් වියෝ වුන ඔබා මාමගේ මරණයෙන් අපි ගොඩක් දෙන සිහි එළවගත්තේ නෑ.අද උණත් මේ ලිපියට ඔහුගෙන් කමෙන්ට් 1ක් නොවටෙවී කියල මට හිතන්න අමාරුයි.එත් ඉතින් ජීවිතය කියන්නෙ ඕක තමයි.බුදු දහම කියන්නෙ කොච්චර යථාර්තවාදී දර්ශනයක් ද කියල හිතෙන්නෙ මෙන්න මේ වගේ වෙලාවට,වෙන මොනම හරි චින්තනයක් මේ වගේ වෙලාවට ගලපන්න පුළුවන්ද කියන 1 මට ප්‍රශ්නයක්(අනිත්ආගම් පහත් කරල දැකීමේ පටු අරමුණක් නොවේ).කොහොම වුනත් ඔබා මාම අපි අතර තවමත් ජීවමානයි.
- කුකුලාපොල කිරි අම්මා ගීතය ගැන මාම අහල තිබුනත් එ ගීතය හොයාගන්න මාර කට්ටක් කෑවේ.නෙට් 1 නම් කොහෙවත් නෑ කියල 100% ක් ෂුවර්.ඉතින් මේ ගැන අස්වැන්න බ්ලොගය ලියන දයානන්ද රත්නායක අයියට කිව්වම එතුමා එ ගීතය විතරක් නෙමෙයි ගුණදාස කපුගේ මහත්මය ගායනා කරන අපි අහල නැති දුර්ලභ ගීත ගොන්නක් මට ලැබෙන්න සැලැස්සුව.එ විතරක් නෙමෙයි මේ ගීතයේ පද ටික ලියල දුන්නෙත් එතුමා.සමහරෙක්ට ඒක පොඩි වැඩක් වෙන්න පුළුවන්,එත් දයානන්ද අයියේ ඔබ වැන්නෙක් මට ගීතයක් සොයාදීම පිටිපස්සේ වචනයෙන් කියාගත නොහැකි මනුස්සකමක් තියෙනව.ඔබට අනේක වාරයක් පින්!
- අනිත් කාරණය තමයි මේ පාර උසස්පෙළ කරන නිසා මේ දවස්වල වැඩ වැඩියි.තව මාස 2යිනේ තියෙන්නෙ.එ නිසා ගොඩක් අයගේ බ්ලොග් බලන්න උනේ නෑ පහුගිය දවස් වල.ඒ ගැන අහිතක් හිතන්න එපා කියලත් බොහොම කරුණාවෙන් ඉල්ලනවා.
මේ සින්දුවවත් මේකේ අර්ථයවත් කලින් අහල තිබ්බේ නෑ මචන්
ReplyDeleteඑල !!, විබාගෙට පාඩම් කරපිය :ප
අවංකවම මම මේ සිංදුව අහලා නෑනේ..
ReplyDeleteගොඩක් වටින කියන විස්තරයක්.බොහොම ස්තූතියි කියවන්න ඉඩ ලබා දුන්නට .ජය!
ReplyDeleteමමත් අදයි දනගත්තේ .. තැන්කිව් ඈ
ReplyDeleteඅදයි මේ පැත්තට ආවේ ලස්සනයි බ්ලොග් එක ඈ
පුළු පුළුවන් වෙලාවට අනිත්වත් කියවන්නම් ඇ
මාත් මීට කලින් මේ සිංදුව අහලා නෑ...ඉතාමත්ම හොඳ විස්තරයක්.
ReplyDeleteවිභාගයට හොඳට පාඩම් කරන්න මල්ලි...ජය!
ගොඩාක් අර්ථවත් සිංදුවක් එත් දෙවැනි එක වැඩිය අහල නැහැ.
ReplyDeleteදයානන්ද රත්නායක අයියා කියන්නේ ඕනෙම දෙයක් කිසි පැකිලීමකින් තොරව විස්තර කරන කෙනෙක්.
ඇත්තටම මේගීතය කලින් අහල තිබුනෙ නෑ....
ReplyDeleteගොඩාක් ස්තූතී අයියෝ.... ඉතාමත් වැදගත් ලිපියක්...
වටිනා විස්තරයක් මචන්.
ReplyDeleteඋසස් පෙළ විභාගෙට සාර්ථකව මුණ දෙන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
බොහොම අගේ ඇති ලිපියක් ඈ... මාත් මේ සැරේ විභාගේ කොරන නිසා සෑහෙන්න අඩුවෙන් තමා ලියන්නේ කියවන්නේ... විභාගය හොඳටම කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා ඕං
ReplyDeleteමේ සිංදුව මම අහලා තිබුනේ නෑ පුදුම සමානකමක් තියෙන්නේ...
First time I am hearing this song.Appreciate the services that you are giving. I saved it. Thank you very much.
ReplyDeletesamarasekara
වෙල්ලස්ස ප්‍රදේශයේ කුවේණිය හඳුන්වනු ලබන්නේ කුකුළාපොල කිරි අම්මා යන නමින්. මේ ගියට පාදක වුණේ වෙල්ලස්ස ප්‍රදේශයේ ගොවි බිම් උක්වගාව සඳහා බහුජාතික සමාගම්වලට පවරාදීම නිසා වැදි ජනයාට තමන්ගේ ගම්බිම් හැර යාමට සිදුවූ කතාවේ පුවතයි. බහුජාතික සමාගම් විසින් කොල්ල කෑ පුවත ගියට නිර්මාණය වී ඇති හැටි අපූරුයි. බිම්බරක් සෙනග ගියට පාදක වුනෙත් මේ පුවත වුවත් එය සිංහලහටන් කවි සම්ප්‍රදායෙන් නිර්මාණය වුණා .
ReplyDeleteකුකුලාපොල කිර් අම්මා ගිය වැදි ජන ගියේ සම්ප්‍රදාය සහ නාදමාලාව ඇසුරින්.
කපුගේ මේ ගිය මුලින්ම ගායනා කලේ කම්පන ගී ප්‍රසංගයට ඔහු එය ප්‍රේක්ෂකයාට දැනෙන්න ගැයුවා.
මෙහි ගායනයෙන් සහයවන්නේ ජයතිලක බණ්ඩාරයි.
මේක ඉතාමත් දුර්ලභ ගියක්.
නුවන්... මාගැනත් සඳහන් කරගල තියෙනවා. ඒත් ඒතරම් අගය යඛ යුතු දෙයක් නම් මම කළේ නැහැ. සාමාන්‍යයෙන් හෙට දවස වෙනුවෙන් හොඳ රසිකත්වයක් ඇති වෙනවා දැකීම මගේත් සතුටයි.ඉතින් ඒවගේ වෙලාවක මා සතු ව ඇති නිර්මාණ තව කෙනෙකුට දිමට පැකිලෙන්නේ නැහැ
ස්තුතියි ඔබට.
මේ ලිපිය උසස්පෙළ ලියන්නෙකුගේ ලිපියකට වඩා උසස්..
ReplyDeleteයන්තම් ලිපිය කියවන්න කලින් සින්දුව ඇහුවා! දයානන්ද අයියට නම් බොහොම පිං!
ReplyDeleteමටත් හිතෙන්නේ එක ම සිද්ධිය, එක ම පැත්තකින් බලන වෙනස් සංස්කෘතීන්ගෙන් සැදී පුද්ගලයන් දෙදෙනෙකුගේ ආකල්ප එහෙමත් නැත්නම් වෙනස් සමාජ ස්ථර දෙකක දැක්ම නිරුපිතයි කියලා. ගීතයේ පද මාලාවට, තනුව ගැළපෙනවා. නමුත් කිව්වත් වගේ පොඩි නීරස ගතියකුත් තියෙනවා නේ! ඒ අවුල නිවැරදි වුණා නම් කියලා වැඩක් නෑ!
වටිනා ලිපියක්....
ReplyDeleteගැඹුරු ලිපියක් වගේම වටිනවා හුගක් මල්ලි...
ReplyDeleteසිංදුව දැං එතන නෑනේ . ආපහු දාන්න පුළුවන්ද ?
ReplyDeleteBlog akulan gihin machan..lassana sinduwak..gana widiyak ne.aparade
Deletehttps://app.box.com/s/1reu49roltwvzydo1qvngo1lvq6x3vxd
Delete