බ්ලොග් කියන වචනේ මුලින්ම මට හම්බ වුණේ,යාළුවෙක්ගෙ මාර්ගයෙන් ගූගල් සිංහලීස් ඉන්පුට් එක ගැන දැනගත්තට පස්සේ.ඒ කාලේ සිංහල ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් නිසා ඒක ඒක සින්දු කෑලි,නම්, ගූගල් කර කර බලනවා. කාලේ තමයි මම මුලින්ම සිංහල බ්ලොග් දැක්කේ.මම මුලින්ම බලපු බ්ලොග් ලිපිය වුණේ “Out In The Open”කියල බ්ලොග් එකක වින් චුන් (Wing Chun) ගැන ලියපු ලිපියක්.ඒ බ්ලොග් එක පස්සේ කාලෙක මම හෙව්වත් හම්බුණේ නම් නෑ!.එහෙම බ්ලොග් බැලුවත් මට බ්ලොග් එකක් ලියන්න ආසාවක් තිබුණේ නෑ.
2011 ඒලෙවල් කරලා ගෙදර ඉන්න අතරතුර වැඩි කාලයක් ගතවුනේ නෙට් එකේ.ඒ දවස්වල තමයි මගේ මිත්‍රයෙක් වුණ නජාත් අක්රම් බ්ලොග් එකක් පටන්ගත්තේ.හැමදාම මු වදේ ගහනවා කියවල කමෙන්ට් එකක් දාන්න කියල.කොහොම උණත් ආසාවෙන් කියෙව්වා සහ කමෙන්ට් කරා.මේ කාලෙදිම රත්න ශ්‍රී විජේසිංහ වගේ කවියෙක්ගේ කවිපොත් කියවල සහ බූන්දියේ තිබුණ කවි කියවල කවි ලියන්න උණක් හදාගත්තු මට මම ලියන ඒවා කාටහරි පෙන්නන්නත් ඕන.මම ඒ කාරණය මගේ මිත්‍රයට කිව්වම එයා තමයි කිව්වේ “උඹත් බ්ලොග් එකක් පටන්ගනින්" කියල.
ඒ විදියට පටන්ගත්තු බ්ලොග් එකට අදට අවුරුද්දයි මාසයක් හරියටම!මුල්ම කාලේ මගේ බ්ලොග් 1 ට හිටියේ පාඨකයන් දෙන්නයි මම විශ්වාස කරන විදියට.මමයි නජතුයි විතරයි.ෆේස්බුක් පේජස්,සින්ඩි ගැන අහලවත් නෑ.ඒත් කොහොමහරි ලිව්වා !කවදමහරි කව්රුහරි කියවාවි කියන විශ්වාසය ඇතුව ලිව්වා!ගොඩක් කාලයක් යනකම් හැම ලිපියකටම කමෙන්ට් එකයි.මේ කාලෙදිම මම අයෙත් පාරක් ඒලෙවල් කරන්න තීරණය කරපු නිසා බ්ලොග් එකෙන් ටිකක් ඈත්වෙන්න උණා.ඒත් මාසෙකට ඒක ලිපිය ගානේ වත් දැම්ම.
බ්ලොග්කරණය ගැන කිව්වොත් ඇත්තෙන්ම මම ගොඩක්ම තෘප්තිමත් වුණ දෙයක්.සමහර අවස්ථාවලදී පොඩි පොඩි සිත් තැවුල් තිබුණත් සෑහෙන්න හොඳ ප්‍රකාශන මාධ්‍යක්.සමහර වෙලාවට ගොඩක් හොඳට ලියපු අයගේ බ්ලොග් දකිනවා අතෑරලා දාපු.ඒකට හේතුව වෙන්න ඇත්තේ ඔවුන්ට අවශ්‍ය දිරිගැන්වීම නැති නිසා කියල මට හිතුන වාර අනන්තයි.ඒක අතකට එකත් සාමාන්‍යයි.ඩාවින් තමන්ගේ පරිනාමනවාදයේ" “ජීවිත සටන” කියල කිව්වේ මේක වෙන්න ඇති.සටනෙන් දිනන අය පවතිනවා.ඒත් ඒ වෙලාවට පොඩි කලකිරීමකුත් ඇති වෙනවා.බ්ලොග් අවකාශයෙන් එළියේ සංවිධානය කරපු අවස්ථාවන් වලටත් සහභාගී වෙන්න ලැබුණ ඒක ලොකු දෙයක්.සැහෙන්න පිරිසක් අඳුරගන්න ලැබුණා.විනෝද උණා.සමහර වෙලාවල් වල පජාත වුණා( දන්නෝ දනිති ).
අවුරුද්දයි මාසයක් ගතවෙලා!අයෙත් හැරිලා බලද්දී මට බ්ලොග් එක ගැන තියෙන්නේ සතුටුදායක හැඟීමක්.මම ලියපු දේවල් ගැන මම තෘප්තිමත්.හිට්ස් ගැන මගේ තියෙන්නේ වෙනමම අදහසක් නිසා සංඛ්‍යාත්මකව ඒවා දක්වන්න මම යන්නේ නෑ.ඒත් ලියන්න ගනිපු මුල් කාලේ ඉඳන් මගේ හිත අරගත්තු එක පාඨයක් තිබුණා.
“නිර්මාණකරුවෙක්ට ඔහුගේ නිර්මාණ සඳහා ජනප්‍රියතාව ලැබිය යුතුයි,නමුත් ජනප්‍රියතාව සඳහා නොලිවිය යුතුයි”**
අවුරුද්දක් සහ මාසයක්
පුරාවට මාව කියවූ හැමෝටම ගොඩක් පින්!
කාලය ගතවුණත් හරියට
මට හිතන්නේ මම තාම
හෝඩි පොතේ මුල් අකුර!
ඒ අකුර කියවූ ඔබට
හිස නමමි බැතියෙන!
ප/ලි –**උඩින් තියෙන ප්‍රකාශය කාල් මාක්ස් විසින් කියන ලද නියමම
ප්රකාශනය නෙමෙයි!මම එක මට හරියන විදියට එක වචනයක් ආදේශ කරගත්ත.අර්ථයට හානියක්
නොවෙන්න!
*70 දශකයේ පුද්ගලයෙක්ගේ අදහස් වැනි අදහස් කියවන්න ලැබීම නීරස උණානම්
සමාවෙන්න!:)
මේ ලිපිය මටත් අදාළයි. මමත් බ්ලොග් වලට අලුත් තාම. මගේ බිලොග් එක පටන් අරන් අවුරුද්දක්වත් නෑ තාම.
ReplyDeleteමම ඔයාට සුබ පතනවා !!!!! :) :) :) :) :)
හොද නිර්මාණ කරලා, තව තවත් ඉදිරියටම යන්න ලැබේවා !!!!! :) :) :) :) :)
බොහොමත්ම ස්තුතියි!:)
Deleteමමත් බ්ලොග් වලට අලුත්. මටත් අදාලයි මේ කාරණා. ඔබට සුබ පතනවා මමත්!!!
ReplyDeleteඅලුත් පරණ කියල භේදයක් ඕන නෑ!පුළුවන් විදියට ලියමු!:)
Deleteගොඩක් කල් ඉඳන් බ්ලොග් කියෙව්වට ලියන්න පටන් ගත්තේ ළඟදී නිසා මටත් අදාලයි මේ කාරණා.
ReplyDeleteබ්ලොග් ලෝකයේ දිගු ගමනකට ආසිරි පතනවා!! ජය!
ස්තුතියි සිතූ!:)
Deleteout in the open දැන් නම වෙනස් කරලා feeding the monkey කියලා..,
ReplyDeleteමෙන්න ගිහින් බලන්න. ලියන්නේ චමිල ද අල්විස්.
http://www.chamiladealwis.cඔම්/
සුභ පැතුම් අනාගතයට..! ජය!
ස්තුතියි අයියේ !මම ඒ දවස්වල ඉදන්ම හෙව්වා මේ බ්ලොග් එක ගැන!මම ඉතාමත් කැමති ශෛලියකින් මේ බ්ලොග් 1 ලියල තිබුනේ!
Deleteනැවත වතාවක් ස්තුතියි!:)
ඔබට හදවතින්ම සුභ පතනවා..ජය!
ReplyDeleteස්තුතියි හිරු!:)
Deleteඅපි නම් ඊට වඩා නවකයි ඈ... කියන්න දෙයක් නෑ මලේ... දිගටම කරගෙන යමන්... ජයවේවා!!!
ReplyDeleteනවක අලුත් බෙධයක් ඕන නෑ බන්!අපි හැමෝම මේකෙන් තෘප්තියක් ලබනවනේ!තමන්ට පුළු පුළුවන් විදියට ලියමු!
Deleteමම නම් ඔයාටත් වඩා බ්ලොග් ලෝකයට අලුත්නේ..:)
ReplyDeleteඉතින් තව දුරටත් බ්ලොග් ලෝකයේ ඉදිරියට යන්න...මගෙන් සුබ පැතුම් !
ජය වේවා !
ස්තුතියි ලිහිණි අක්කේ!:)
Deleteනවක ජේෂ්ඨ භේදයක් අවශ්‍ය නෑ!එකිනෙකට ගරු කරාම ඇති!
සුබ පැතුම් සහෝ...
ReplyDeleteඔබට ජය!
ස්තුතියි නඟා!:)
Deleteසුභ පැතුම් සහෝදරයා! ජයෙන් ජය!
ReplyDeleteස්තුතියි!මට මේ අදහස් ලොකු හයියක්!:)
Deleteමගෙනුත් සුබ පැතුම් වසන්තයක්ම උදා වෙවා,.,,,
ReplyDeleteස්තුතියි!
Deleteවසන්තය මට විතරක් නෙමෙයි බ්ලොග් ලියන සේරටම උදා වේවා!:)
සුභ පැතුම් මල්ලියා
ReplyDeleteස්තුතියි වර්ණා අක්කේ!:)
Deleteවර්ණා අක්කල ඒ කාලේ දීපු සහයෝගය ජීවිතේට අමතක වෙන්නේ නෑ!
මටත් කියන්න තියෙන්නෙ මේ ටිකම තමයි. මමත් බ්ලොග් එක පටන් අරන් තවම මාසයයි. සුභපතනවා දිගු ගමනකට.
ReplyDeleteමාසේ අව්රුදුද්දක් වෙයි දන්නෙම නැතුව!අපිට පුළුවන් උපරිමයෙන් ලියමු මචන්!:)
Deleteස්තුතියි අදහසට!
දිගු ගමනකට ආසිරි...
ReplyDeleteස්තුතියි අලුත් මල්ලි!:)
Deleteසුභපැතුම් මලයෝ !!!
ReplyDeleteබ්ලොග් එක දිහා බැලුවහම දැක්කෙ හෙමින් ගමනක් යන එකෙක් වගේ.. තාම හරියට මේ බ්ලොගිය කියවන්න බැරි උනා.. හෙමිහිට කියවන්නම්
ජය!!
ස්තුතියි අයියේ!හෙමින් ගියාම හොඳයිනේ!;)
Deleteහැබැයි වෙලාවකට මාත් කැමතියි වේගයෙන් යන්න!
තව බොහෝ දුරක් පිය නැගීමට හදවතින්ම ආසිරි පතනවා !!!
ReplyDeleteස්තුතියි ලොකු ජෝන්,නිරන්තරයෙන්ම අපිව කියවනවට!
Deleteජනප්රිතයත්වය සදහා නොලිය යුතු බව ඇත්තයි. කමෙන්ට් එකක් වැටුණම දැනෙන සතුට ජනප්රි්ය වීම නිසා දැනෙන සතුටද? තමන්ගේ නිර්මාණයක් අනෙකෙක් කියවු බව දැණුනම දැනෙන සතුටද? අනේ මන්ද? කොහොමත් අදහසක් පළ කළාම හිතට සතුටකුත්, උත්තේජනයකුත් ලැබෙනවා. බ්ලොග් එක පටන් ගත්තට පස්සෙ ලියන්න හිතෙනවා.
ReplyDeleteඒ ලිවීමෙන් හිතන විදියේත්, ලිවීමේ හැකියාවේත් වර්ධනයක් ඇති වෙලා කියලත් හිතෙනවා... ඔයාගෙ ලිවීමටත් මගේ සුබ පැතුම් මල්ලී.
කෙනෙක් අපිව කියවනවා කියල දැනුනම දැනෙන සතුට උපරිමයි !එක මටත් දැනෙනවා!එත් මම කියන්නේ කමෙන්ට් ගානබලාගෙන අපි පොස්ට් ලියන්න හොඳ නෑ කියල අක්කේ!සමහර වෙලාවට බ්ලොග් නොලියන කෙනෙක් අහම්බෙන් පොස්ටුවක් දැකල ඇවිත් කමෙන්ට් කරාම අපිට කොච්චර නම් සතුටක් ලැබෙනවද??අපේ පොස්ටුවේ ඇත්තටම ගන්න දෙයක් තිබුන නිසා කෙනෙක් කමෙන්ට් කරනවනම් ඊට වැඩ දෙයක් නෑ!එත් අද කමෙන්ට් මෙච්චර වැටුනේ නැත්තම් මම ලියන්නේ නෑ කියල ඉන්න අයත් ඉන්නවනේ අක්කේ!එක හොඳ ප්රවනතාවක් නෙමෙයි!මම අදහස් කරේ එක!
Deleteබ්ලොග් එකක් ලියන්න පටන් ගත්තයින් කොයි තරම් අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගත්තා ද? කොයි තරම් පිරිසක් හඳුනා ගත්තා ද? එයින් ලබපු තෘප්තිය කොයි තරම් ද කියන එක පෝස්ට් සීයක් ලිව්වත් පහදන්න බැහැ මිත්‍රයා!
ReplyDeleteකිව්වත් වගේ මුල් කාලේ නම් පෝස්ට් එකකට කමෙන්ට් වැටෙනවා තරම් සතුටක් තිබුණේ නැහැ. ඒ වගේ ම කමෙන්ට්ස් වැටෙන විදියේ ඒවා ලියන්න නොපෙලඹුනා ම ත් නෙවෙයි. ඒත් පසු කාලීනව කියවන එවුන් කියවද්දෙන්, කමෙන්ට් කරන එවුන් කමෙන්ට් කරද්දෙන් කියලා අපි(විශේෂයෙන් 'මම') ලියන දේ ලියන්න පෙළඹුණා.
ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දී සතුටු වෙන්න පුළුවන් දේවල් කිහිපය අතරේ බ්ලොග් එකත් ඉදිරියෙන් ම තිබෙනවා. උඹෙත් එහෙමයි. මගෙත් එහෙමයි! අවුරුද්දයි මාසයෙන් නො නැවතී දිග ගමනක් යන්න ලැබේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා! :)
නජාත් අක්රම් කියලා කියනවට වඩා රැංගෝ කියලා නෙව බහුතරය දන්නේ! එහෙම ලිව්වා නම් වැඩිය හොඳා!
එක ඇත්ත බන්!අපි කොච්චර නම් දෙනෙක් අන්දුරගත්තද??අපි ඇතුලේ කොච්චර නම් ආකල්පමය විපර්යාසයක් උනාද?සිරාවටම අපිට බ්ලොග් 1 නිසා ලැබුණු දේවල් ගොඩක් තියෙනවා!
Deleteස්තුතියි අදහසට!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඅපිටත් තව අවුරුද්දක් නෑ කියහන්කෝ :)
හි හි!අවරුදු ගණන් ඉන්න ඕන නෑ බන්!;)
Deleteඅපි දැනුත් ලියනවනේ!
ස්තුතියි කමෙන්ටුවට සහ රාජ සම්පත් වලට!
ලොල්
සුබ පැතුම්
ReplyDeleteස්තුතියි පිස්සා අයියේ!:)
Deleteනුවන් මල්ලිගෙ බ්ලොග් එක ඇහැ ගැහුන දවසේ ඉඳලම කියෙව්වා. බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමේ අරමුණ ඉතාමත් හොඳින් වටහාගෙන ඇති බවත්, මෙවැනි තාක්ෂණයත් ඔස්සේ කළහැකි සේවය කුමක්ද කියා වටහාගෙන තිබිමත් පැහැදිලියි.
ReplyDeleteකමෙන්ට් බලාගෙන ලියනවාට වඩා නිවැරදි සහ හරිදේත් ඔබ අවබෝධකරගත්ත දේත් සමාජ යහපත වෙනුවෙන් ලියැවෙනු දකින්න මා කැමතියි. එක කමෙන්ටුවක් වැටුනත්, නොවැටුනත් ඔබ නිවැරදි දෙයක් ලිව්වනම් නැවත ඒක ඔබම ආපහු කියවලා බලද්දි ඔබට යම් සතුටක් දැනුණාම් එයයි නිවැරදි ඉලක්කය කියලා ඔබට එයිනි දැනුනානම් ඔබ නිවැරදියි.
බ්ලොග් ක්ෂේත්රයේ මට වඩා ජ්‍යෙෂ්ඨයෙක් නිසා ඔබ අවබෝධ කරගත්ත දේ තව දුරටත් මම පැහැදිලි කරන එකේ තේරුමක් නෑ.
ඒත් නුවන් මල්ලි ඔබ ලියු සහ ලියන දේ අතර සාහිත්‍ය කලාව,කවිය , ගීතය සහ වින්දනය පොදු ජන ජීවිතය ඇසුර තුළ ලබා ඇති දැනුවෙන් ඔබේ හැකියාව මීට වඩා ඉදිරියට යා යුතුයි. ඊට තව කල් තියෙනවා පුළුල් හැදෑරීමත් එක්ක ඔබට ඒදේ කරන්න පුළුවන්. ඕ සොදුරු ලෝකය අස්වද්දන පෙරුම් පුරන ඔබට මගේ සුබ පැතුම්
මමත් දයානන්ද අයිය එක්ක එකඟයි!මේක සැහෙන්න හොඳ ප්‍රකාශන මාධ්‍යක්!අපි මේක ගැන කලිනුත් කතා කල නේද??:)
Deleteඔය ජේෂ්ඨ නවක භේදයට නම් මම කැමති නෑ අයියේ! එක නිසා අලුතින් ලියන අයට සැහෙන්න බලපෑමක් වෙනවා කියල මම විශ්වාස කරනවා!කව්රු කරත් හොඳ දේ ඇගයිමයි කල යුත්තේ!
සුභ පැතුම් :))
ReplyDeleteස්තුතියි සිහින මදාරා!:)
Deleteජයෙන් ජය මචෝ
ReplyDeleteඋඹට මගෙනුත් සුභ පැතුම්
ස්තුතියි නිශාන්!;)
Deleteසුභ පැතුම් !!!
ReplyDeleteබොහොම ස්තුතියි අයියේ!;)
Deleteමුල ඉදන්ම අයියල අපේ බ්ලොග් වලට ඇවිත් අපිව දිරිමත් නොකළ නම් මේ ගමන අතර මගදී නවතින්න තිබුන!
ජයා වේවා !
ReplyDeleteයන්න ඉදිරියට !
ස්තුතියි මචන්!;)
Deleteසුභ පැතුම් මචං. තව චිරාත් කාලයක් මේ බ්ලොග් පිටු අස්සේ යුනිකෝඩ් අස්සේ රැඳෙන්න ශක්තිය ධෛරිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා නුවනෝ...
ReplyDelete“නිර්මාණකරුවෙක්ට ඔහුගේ නිර්මාණ සඳහා ජනප්‍රියතාව ලැබිය යුතුයි,නමුත් ජනප්‍රියතාව සඳහා නොලිවිය යුතුයි”** මෙන්න මේ වචන සෙට් එක නම් ඇතුලේ ලොකු කතාවක් තියනවා මචං.
ස්තුතියි පැතුමා!!
Deleteබ්ලොග් ලිවිල්ල නිසා හම්බු උන සිරා ෆිට් එකක් තමයි උඹ!:)
වාක්‍යයේ සැහෙන්න දෙයක් තියෙනවා බන්!අපේ අතම තෘප්තිය සඳහා ලියමු!ජනප්‍රියතාව ඉබේම ලැබේවි!:)
අඩේ මයෙ බ්ලොග් එකටත් අවුරුද්දක් පිරිලනෙ ගිය මාසෙ දාහත්වෙනිදට....:O
ReplyDeleteමතක් වුනෙත් මේක දැක්කමයි.....
සුභම සුභ පැතුම් අයියෝ.......ජයෙන් ජය...මං බබී ලියන්න පටන්ගත්ත මුල් දවස්වල ඉඳලම දිගටම මාත් එක්ක හිටපු ඔයාව කවදාවත් අමතක වෙන්නෙ නෑ...හී...^_^
ටාම මටකයි...පලවෙනි සැරේ බ්ලොග් එකට ආව දවසෙ එකපාරටම නම කියවගන්න ටැපලිලා මට වුන සිද්ධිය.......;)
Best Of Luck Malliyooooooooo
ReplyDeleteඅඩේ සොරි මචන් දැනුයි දැක්කේ....එල අපේ උපන්දින එක ලගනේ බන් බලන් යද්දී... එකත් එල ...කෝම වුනත් සතුටුයි යාළුවා අව්රුද්දක් පුරාවට හොද ලිපි ටිකක් කියෙව්වා තරහ ගන්න නම් එපා මගේ මහා කතා පුරුද්දක් තමයි කියෙව්වට කමෙන්ට් එකක් දාන්න අමතක වෙලා යන එක .එත් මචන් පුළුවන් හැම වෙලේම උබේ ස්වයක්තට මම ගොඩ වුන..තවත් කාලයක් ලියන්න හයිය හක්තිය ලැබෙන්න ඕනි ජයම වේවා සහෝ......දිගටම අපි උබත් එක්ක ඉන්නවා !! වැහිපොදේ කල්පයා ....අර දන්නෝ දනිති වැඩේ නම් එල හික් එදා තමයි දවස බන්
ReplyDeletemerkur 37C Double Edge Safety Razor - Fendriven
ReplyDeleteMerkur 37C Double Edge Safety Razor is a modern, all-in-one safety deccasino razor. We 바카라 사이트 pride ourselves on quality and engineering detail with 인카지노 impeccable service.