ඉමක් නැති සයුර දෙස
ඔරවාගෙන බලා ඉන්නා
ඔබ
හා
මම
වියතක පරතරය බංකුව මත
සිත අතර අසූ කෙළක් යොදුන්
දරාගත නොහැකි බෑගිරියකි
“මහ මුහුද ,කට වහපන්!”
වෙනදා නම් මුල්ම හාදුවට
ඔල්වරසන්දෙන ජයගොස
එත්,කාට හාදු දෙන්නද අද ?
පය කොනිත්තා ඔට්ටුවට
ආපසු දුවන රළ පෙළ
“හිතක් නැ බං අද ,
දුවන්න ,උඹ අල්ලන්න !”
මේ වියත මොහොතකින් තව
පියමනීවී අනන්තයට
එතකොට,
කොහොම අඳින්න ද සරල රේඛාව
අපි දෙන්නා එකට යාකර?
එතකොට,
ReplyDeleteකොහොම අඳින්න ද සරල රේඛාව
අපි දෙන්නා එකට යාකර?
ඒ ටික නම් superb...
ඒ ටික විතරක් නෙමේ මට අනෙක් ටිකත් super'ඹයාටත් මාර මාර අදහස්නනෙ
ReplyDeleteතියෙන්නෙ.ඹයාට ජය!