කළු කැත වැහි වලාකුළු
හිතන්නටවත් පුළුවන්ද
නුඹ රැගෙන ගිය වගක්
පෙම් හසුනක් කුමරියකට
හමුවන දවසේ අප
දෙබැම හකුළුවාගෙන
කඩා පනින්නට බලා ඉන්නා
වෙරළ උද්‍යානයට !
පෙම් කරන්න නොලැබුණු දුකට
බලා ඉන්නවා වත්ද !
යන්තමට කඳුළු බිඳු සලමින
ඇහැට ඇඟිල්ලෙන් අනිනතුරු
ඉකිගසා අඬන්නට.
ප්‍රේමයටත් ලන්සු වැටෙන
මේ දේශයෙන් ඉහලට යන
ජල වාෂ්පත් කුහකද
ඒ තරමටම ?
ලිංග විපර්යාස පමණක්
වෙනස් කළ නොහැකිය කියන
ව්‍යවස්ථාවේ තෙදට නුඹ නතුද
නවතන්න අවසර වැසිදිය
පනත් කෙටුම්පත් අනුවමද ?
ටිකක් නවතින්න වැහි වලාකුළ
දෙන්න අපහට මඳකට අවසර
අඳිමුද අඳිමුද ! රිදී පාට ඉර
කැපීපෙනෙන ලෙස නුඹේ ඇඟමත !
මේ පාර ස්කෝලාධාර අගුණකොළපෑලැස්සට
1 day ago
හැමදාමත් වගේ එල මචෝ...
ReplyDelete@najath
ReplyDeleteතැන්කු වේවා!
හිතමිතුරු සුළග ළඟ එන වැහි වලාවට කියන්
ReplyDeleteඅද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණගැසේවි හසගනක් ලෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙය් සැනින්
@පුබුදු
ReplyDeleteස්තුතියි මලයෝ
//පෙම් කරන්න නොලැබුණු දුකට
ReplyDeleteබලා ඉන්නවා වත්ද !
යන්තමට කඳුළු බිඳු සලමින
ඇහැට ඇඟිල්ලෙන් අනිනතුරු
ඉකිගසා අඬන්නට. //
ම්ම්ම්ම්ම්ම්.... වෙනස් සංකල්පයක්... ලස්සනයි නිර්මාණෙ...
@හිතුවක්කාරී
ReplyDeleteබොහොම ස්තුතියි !
දිගටම රැඳෙන්න !