වන්දනාව!
සාහිත්‍ය මාසේ ගොඩක් දෙනා පොත් පත් එක්ක හිටපු බව බ්ලොග් පොස්ට් කියෙව්වම දැනුණ.හැමෝම පොත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සහ හොඳ පොත් මිතුරන් ගැන ලියල තිබුණ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න අපිත්(රැන්ගෝ සහ මම) ගියා.ප්‍රදර්ශනය පටන්ගත්තු දවසෙම.එතරම් සෙනග හිටියේ නම් නෑ එදා.අපි යනකොටත් සමහර පොත් සාප්පු වලට පොත් දානව.ඒත් පොත් තෝරා ගැනීමට අවශ්‍ය නිදහස නම් එදා තිබුණ.
ප්‍රදර්ශන ශාලාවට ඇතුල් වුණු අපි පොත් ගැනීම පටන් ගත්තේ කාව්‍යක්කාර මිතුරන් මගින් පවත්වපු පොත් එකතුවෙන්(කැටපත් පවුර ලංගම තිබුණ ප්‍රදර්ශන කුටිය).ගිය පාරත් ඒක තිබුනේ එතනමයි.හා හා පුරා කියල ගත්ත මුල්ම පොත උනේ 2010 වසරේ හොඳම කාව්‍ය කෘතිය විදියට රාජ්‍ය සම්මාන දිනාගත්තු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ හිරුත් හිම පියල්ලක කියන කාව්‍ය සංග්‍රහය
මහින්ද අයියත් ඒ ප්‍රදර්ශන කුටියේම හිටපු නිසා ඔහුගේ සමරුවෙන් ඒ පොතේ වටිනාකම වැඩි උනා.
එතනදීම අපිට මුණගැහුණා සඳුන් අයිය.11 වන පැය කාව්‍ය සංග්‍රහයේ ප්‍රධාන නියමුවෙක් කිව්වොත් හරි.ප්‍රදර්ශන භුමිය අපිට නුහුරු තැනක් බවට පත් නොකරන්න සඳුන් අයිය සහ පිරිස වග බලාගත්ත.සැහෙන්න පිරිසක් අඳුරගන්න ලැබුණා.අපි වැඩිම වෙලාවක් ගත කලේ සයුරි ප්‍රදර්ශන කුටියේවෙන්න ඇති.පොත් මිලදී ගැනීමටත් වඩා එතැනදී අඳුරගත්තු පිරිස වටිනවා කියන එකයි මගේ හැඟීම.
මහගමසේකරයන්ගේ කවි පොත් සියල්ලම කියවා තිබුණත් පොත් එකතුවක ඔහුගේ පොත් කීපය තිබිය යුතුමයි කියල හිතුන නිසා ඔහුගේ කවි පොහ ටිකත් ගත්ත.ඒ වගේම නන්දන වීරසිංහයන්ගේ සත්‍යකාම නම් වෙමි කියන ආඛ්‍යාන කාව්‍ය මම ගොඩක් කියවන්න ආසාවෙන් හිටපු පොතක්.ඒ වගේම ගිංගගේ විලාපය කියන පොතත් ගත්ත.
අපේ බ්ලොග්කරුවන් විසින් සංවිධානය කරපු සයිබර් සිහින උළෙල කට්ටියට මතක ඇති.එකේදී මට පොඩි තරඟ ජයග්‍රහණයක් ලැබිල හම්බු උන තෑග්ගෙන් මම වටිනා පොතක් ගත්ත.මේ පාර පොත් ප්‍රදර්ශනයෙන් මම ගත්ත හොඳම පොත මේක කියල මට හිතෙනවා.මහාචාර්ය සරත්චන්ද්‍රයන් විසින් රචනා කරන ලද ඔහුගේ ස්වකීය අත්දැකීම් ඇතුලත් "පින් ඇති සරසවි වරමක් දෙන්නේ" කියන කෘතිය මම මිලදී ගත්ත.
තවත් පොත් ගණනාවකට ඇහැ යොමු උණත් තාම පරපෝෂිත වන අපට සල්ලි තමයි ප්‍රශ්නේ.මොනවා කරන්නද කියල හිත හදාගෙන ආව.
මේ පාර වෙනස් තේමාවකින් පොත් ප්‍රදර්ශනය සංවිධානය කරලා තිබුණ බවක් පෙනුන.ගුරු ගෙදර වගේ සංකල්ප තුලින් පොත් ගන්න එන අයට සැහෙන්න සේවාවක් වුණා.
දෙවැනි වතාවටත් පොත් ප්‍රදර්ශනය බලන්න ගියත් ඒ නම් ගියේ පොත් ගන්න නෙමෙයි.ටිකක පරක්කු වෙලා ගියපු නිසා දයානන්ද අයියත්(අස්වැන්න) මඟ අරුනා.එදා නන්දන වීරසිංහයන්ගේ වටිනා දේශනයකට සවන් දීල පොත් එළිදැක්වීමේ උත්සවයකින් සංග්‍රහයකුත් බුක්ති විඳලම ආව!
මගේ නම් අදහස ප්‍රදර්ශන භුමිය තුල වටිනා වෙනස්කම් කරලා තිබුණට පාඨකයා මෙන්ම සුළු පරිමාණ පොත් ප්‍රකාශකයෝ ගැනත් හිතල තිබුණ මදි කියල.පොත් ප්‍රකාශන සමාගමෙන්ම ඒ පොතට දෙන්නේ 20% ක වට්ටමක්.ඒක 30%ක් වත් කරා නම් වටිනවා.අඩුම ගානේ දුර ඉඳන් එන අයගේ බස් ගාස්තු වලට වත් සරිලන විදියට.ඒ වගේම ප්‍රදර්ශන කුටි වල ගාණත් පහුගිය වර්ෂ වලට සාපේක්ෂව ඉතා වැඩි බවයි දැනගන්න ලැබුනේ.
කොහොම උණත් වඩා සංවිධානාත්මකව ඊළඟ වසරේ පොත් ප්‍රදර්ශනය පවත්වනන් කටයුතු කරනවානම් දුර බැහැර ඉඳන් පොත් ගන්න එන අයට වගේම සාහිත්‍යට ලැදි හැමදෙනාටම සේවයක් වේවි!
කොහොම උණත් වඩා සංවිධානාත්මකව ඊළඟ වසරේ පොත් ප්‍රදර්ශනය පවත්වනන් කටයුතු කරනවානම් දුර බැහැර ඉඳන් පොත් ගන්න එන අයට වගේම සාහිත්‍යට ලැදි හැමදෙනාටම සේවයක් වේවි! කතාව නම් සහතික ඇත්ත මත් එක අත්දෙකිමෙන්ම දැක්ක පොඩි අඩුපාඩුවක්
ReplyDeleteඔව් බන් මීට වඩා ලාබෙට මරදානෙන් ගන්න පුළුවන්!
Deleteස්තුතියි මේ පැත්තේ ආවට!
//පරපෝෂිත// නියම වචනේ :)
ReplyDeleteකාව්‍ය පොත් විතරමද ගත්තේ..
ගොඩක් ආස කවි පොත් කියවන්නනේ සයුරි අක්කේ !අනික නවකතා පොත් ගත්ත නම් මට පොත් දෙකක් අරගෙන ගෙදර එන්න තිබ්බ!අනික මගෙත් එක්ක ගියපු යාළුවා නවකතා පොත් ගොඩක් ගත්ත.ඉතින් මම එයාගෙන් යැපෙනවා :D
Deleteඑතැනත් පරපෝෂිත
අද තමයි බ්ලොග් එක් හොයාගත්තේ. මමත් පොත් වන්දනාවේ ගියානේ. මමත් හිතනවා මීට වඩා සංවිධානාත්මකව ප්‍රදර්ශනේ තිබ්බනම් හොඳයි කියලා. ස්ටෝල්ස් තිබුන හැටි වුණත් එච්චරම පිළිවෙළක් නෑ.
ReplyDeleteඑකනම් ඇත්ත!සාහිත්‍ය දියුණු කරන්න පොත් ප්‍රදර්ශනය තිබුණ පාටක් නෑ!
Deleteසල්ලි හම්බු කරනදාට ගන්න බැරියෑ පොත් යහමින්, මං දන්න කියන දෙතුන් දෙනෙක්නම් පන්හයදාහක පොත් ගත්තා
ReplyDeleteඔව් බන් අපි ඉවසමු!
Deleteපන් හයදාහා??
මම අන්න අය පහළොස්දාහේ විසිදාහේ විතර ගත්ත!
උඹලත් දන්නා අය තමයි!;)
මේ පොත් ප්‍රදර්ශනේ වාසිය පාඨකයන්ට ලැබුනේ නැහැ. වෙලෙන්දන් විසින් උදුරාගත්තා කිව්වොත් නිවැරදියි. පාටකයාට ලැබුන එකම වාසිය තමන් කැමති පොතක් තොරා ගැනිමට හැකිවිම පමණයි.පොතකින් පාඨකයිට 50% ක වට්ටම් දෙන්න පුළුවන්. මම නිතර පොත්පත් ගන් තැන් කිපයකින් හිතවතුන් හිටිය නිසා 40% වට්ටමට පොත් ගත්තා. එවැනි වාසි හිමිවන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට විතරයි.ඒක අසාධාරණයක්.
ReplyDeleteඔබ දෙන්නා මේ වතාවේ මග හැරීම කණගාටුයි. මතු දවසක හමුවේවි.
සහතික ඇත්ත!හැම තැනම ආර්ථික අරමුණු මිස සාහිත්‍ය දිටුණු කරන්න වැඩ පිළිවෙලක් නෑ!
Deleteදයානන්ද අයිය මඟ හැරීම ගැන කණගාටුයි!
ඇත්තමයි ඈ.සල්ලි සල්ලිම නේ.ආසාවට මිනිස්සුන්ගේ පොත් කියවීමේ රුචිය වැඩි කරන්න උත්සහා ගන්නේ නෑනේ
ReplyDeleteසහතික ඇත්ත මචන්!ආර්ථික අරමුණු විතරයි!කොතනටත් දේශපාලනය රිංගල!
Deleteඅපි ලබන පාර එක හොදට කරමු.. නව රජයක් යටතේ ;)
ReplyDeleteසෑම් රජය යටතේද ??එස් එෆ් රජය යටතේද??:P
Deleteලබන පාර පොත් ගන්න දැම්ම ඉඳං සල්ලි එකතු කරමු මාත් එනවෝ :)
ReplyDeleteඑල එල!
Deleteහැබැයි මේ වෙන දේවල් එක්ක මම ප්‍රදර්ශනේ බලන්න යාවිද කියන එකයි අව්ල!:D
හොඳ වන්දනාවක් කරලා නොවැ.
ReplyDeleteලංකාවෙ හිටියනම් කියලා හිතෙන්නෙ මේ වෙලාවට..
වන්දනාව නම් හොඳයි තමයි දිනේෂ් අයියේ!ඒත් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් බැරි උනා!එහෙන් මීට හොඳ පොත් ගන්න බැරිය!සිංහල පොත් නම් ලංකාවට ආවම ගන්න!
Deleteඵුස්ථක වන්දනාව
ReplyDeleteපුස්තක වන්දනාව නේද??;)
Deleteගිය අවුරුද්දෙ කවි එකතු කරලා මේ සැරේ කැටපත් පවුර පොත ගහලා තිබුන්නැද්ද අය්යේ.මට යන්න බැරි වුණා.මොනවා කරන්නද ඉතින්.එක්සෑම් ගොඩදාගන්නත් එපෑ.
ReplyDeleteගිය අව්රුද්දෙ පොත නම් අපිටත් හම්බු උනා!මේ අව්රුද්දෙත් ඒක ප්‍රින්ට් කරලා තියෙනවා කිව්වට හම්බුනේ නම් නෑ!
Deleteහොඳින් එක්සෑම් කරගන්නකො ඉස්සෙල්ල!පස්සේ පුළුවන්නේ ප්‍රදර්ශන බලන්න යන්න!:)
මාත් යන්න ආසවෙන් හිටියේ ඒත් යන්න බැරිවුනා ලබන අවුරුද්දේ කොහොම හරි යන්න ඕන.
ReplyDeleteකොහොමහරි යන්න!ඒත් මගේ නම් වැඩි පැහැදීමක් නෑ පොත් ප්‍රදර්ශනය ගැන!ඊට වඩා ලාබෙට මරදානෙන් ගන්න පුළුවන්!
Deleteස්තුතියි මේ පැත්තේ ආවට!
මට යන්ට බැරි වුණානේ... සතියේ දවස් 6 ක් වැඩ... අනිත් දවසේ ක්ලාස්... අනික් අතට සල්ලි ගැටලු... ගොඩක් දුර බැහැර ඉන්න අයත් එනවා... මට කලුතර ඉදන් යන්න බැරි වුණා... ඉතින් මොනා කරන්නද?
ReplyDeleteමම නම් ගියේ නෑ පොත් ගන්න.. ම්ම්ම් මම මේ පෝස්ට් එකට කමෙන්ටුවක් දැම්ම වගේ මතකයි කලින්..ඒක ස්පෑම් වෙලා වත් ද.. කමක් නෑ ඔන්න ආයෙත් එකක් දැම්ම..
ReplyDeleteප්රදර්ශණයටනම් මේසැරේ ගියෙ නෑ....එක්සෑම් ළඟයිනේ...:‘(
ReplyDeleteහිහ්...මං බබී සැලෙනවද ඒවට....අඬල අඬල අම්මවත් ඇදගෙන ගොඩගේ එකට ගියා....^_^
ප්රබුද්ධ මරු පොත ඈ.....^_^
මගෙ නමත් තියන නිසා කොහොමහරි 1 වෙනි පොත නම් කියවන්නම ඕන! :)
ReplyDeleteමහගමසේකරයන්ගේ කවි පොත් සියල්ලම කියවා තිබුණත් පොත් එකතුවක ඔහුගේ පොත් කීපය තිබිය යුතුමයි කියල හිතුන
ReplyDeleteඋඹ හරිම පින් කාරයෙක්නේ බං මල්ලියේ
හොඳ බ්ලොග් එකක්නේ . කමෙන්ටුව හරහා ආවේ . පොත් ප්‍රදර්ශනය පොත් ගන්නම නෙමේ . මේ වගේ රසවත් සංවාදයන්ට සහභාගී වෙන්න වාසනාව ලැබීම සතුටක් . ඉස්සර මහජන පුස්තකාලයේ තිබුන ඔය වගේ පොඩි පොඩි අවස්ථා මග ඇරුණේ නැහැ . දැන් ඉතින් අපි අමුතු ජීවින් වෙලා . මේ රටේ බසින් කෙරෙන දේවලුත් අපට නැහැ . අපේ එව්වට යන්නත් බැහැ.
ReplyDelete