බ්ලොග් අවකාශයේදී විතරක් හම්බු වෙන පිරිස දැක බලා ගන්න තිබුන පලවෙනි චාන්ස් 1ත් මිස් කරපු නිසා(ගාල්ලේ ගෙට් 1).සිහින උළෙලට නම් යනවමයි කියල හිටියේ.කලින් දවසේ රෑ බනි එක්ක චැට් කරල සෙට් වෙන විදිය අහගත්ත.පහු වෙනිදා උදේම ගාල්ලේදී අපි කස්ටිය කොළඹ යන්න සෙට් උණා.එතනින් මම කලින් අදුරන්නේ අරුණැල්ල බ්ලොග් 1 ලියන නජාත්,බනියා විතරයි ,තව වැහි පොදක් බ්ලොග් 1 ලියන කල්ප බ්ලොග් 1 හරහා දැනගෙන හිටිය.ජනරංග අයියත් ඉතින් බුකියේදී හා බ්ලොගේදී දැකල තිබුන.තව ගයාන් කල්හාර,රත්ගමයා,රුවින්ද්යා නංගි,චාමික අයියල කස්ටියත් හිටිය.වැඩි වෙලාවක් නොගිහින් ඒ සේරම එල කිරි වගේ ෆිට් උණා.
අපි කස්ටිය වැල්ලවත්තෙන් බහිද්දී 9.30 විතර වෙන්නැති.කස්ටියම හොර පාරකින්ම ග්රවුන්ඩ් 1ට ගියා.ජාතික ගීය කියල ,පොල්තෙල් පහන එහෙම පත්තු කරල වැඩ පටන් ගත්ත.මුල්ම තරගය උනේ මීටර් 100 දිවීම.හා හා පුරා කියල එකටත් සහභාගී උණා.යන්තම් ගේමක් දීල එකෙන් 3 වෙනියා උණා.ඊට පස්සෙ ගියා කණා මුට්ටිය බිඳින්න.මම නම් හිතුවේ අපිට චාන්ස් 1 එන්න කලින් කව්රුහරි බිදීවී කියල.නාකිය අයිය එහෙම පියවර මැනගෙන ගියත් ඇස් 2 බැන්දාම අපාය පෙනුන නිසා බය උනාලු.ඒ නිසා බිඳගන්න බැරි උණා.මට චාන්ස් 1 එද්දී මුට්ටි 2 යි ඉතිරි.කොහොම හරි කස්ටියගේ පිහිටෙන් මගේ දක්ෂතාවයෙන් මුට්ටිය බින්ද.
එතැනදී ජෙෂ්ඨ බ්ලොග් කරුවනුත් ,නවකයනුත් ඒක ලෙස විනෝද උණා.තරග වලට සහභාගී වුනා,කට්ටිය අදුරගත්ත,කෑවා,බිව්වා.ඉතින් ඒ හවස් වෙනකම්ම දැනුනෙවත් නෑ.ඇත්තටම සතුටුයි මේ වගේ දෙයකට සහභාගී වෙන්න ලැබුණු 1 ගැන.මගේ ජීවිතයේ අමතක නොවන දවසක් තමයි පෙරේද දවස.ඒ වගේම පොඩි දුකකුත් තියෙනවා හැමෝම එක්ක කතා කරන්න නොලැබුණු එක ගැන.එත් ඒ අඩුපාඩුව ලබන අව්රුද්දෙ සම්පූර්ණ කරගන්නවා.
ගෙදර එද්දිත් බස් 1 ෆුල්ම ෆන් 1ක් ගත්ත.ෆන් 1 වැඩි කමට තව පොඩ්ඩෙන් ගුටි කනවා මිනිස්සුන්ගෙන්.චාමික සහෝදරයා එහෙම බ්ලොග් 1 ගැන ප්රචාරනයකුත් දීගෙනම අවේ බස් 1 අයට.කොහොම උණත් ඒදවස ගැන නම් කියන්න වචන නෑ.ලබන අව්රුද්දෙත් මේ වගේම දවසක් එනකම් අසාවෙන් බලන ඉන්නව.ඒ වගේම මේ තරම් වෙහෙසක් දරල හැමෝටම සතුටු වෙන්න අවස්ථාවක් සලසල දුන්න සංවිධායක මණ්ඩලයට අපි හැමෝම හිස නමල ආචාර කරන්න ඕන.මේ වගේ දවසක් උදා කරල දීම සම්බන්දයෙන් හැම දෙනාටම ස්තුතියි.
අදවත් කෑල්ලක් සෙට් වෙයිද?? |
![]() |
බැලුන් පුපුරවන්නයි ලෙස්තිය |
![]() |
මුට්ටිය කුඩු කිරීමෙන් පස්සෙ |
මුට්ටිය බිඳලා තෑගිත් ලැබුණ |
![]() |
කඹ ඇදලත් දිනුම් |
![]() |
මුන්ගේ කට විතරයි වැඩ නෑ |
![]() |
අන්ධ සෙල්ලම් |
![]() |
ගාල්ලෙන් ගියපු අපේ සෙට් 1 |
මම මුට්ටිය බින්දේ නැත්තේ උඹ ගැන දුක හිතිලනේ... නැත්තන් ඔය කඩන බිදින ඒවා මට නුහුරු නුපුරුදු ඒවයැ....:))))
ReplyDeleteදැක්කනේ කකුලත් කඩාගෙන හිටිය හැටි.. මගේම ඒවා එහෙම නම් කොහෙවත් තියෙන ඒවා ගැන කවර කතාද???
තැග්ග මටත් බාගයක් අයිතියි ඒ නිසා අරී...
නියම දවසක්... ආයෙම යම්බ වෙමුකෝ නේ මල්ලී..
එක තමයි කස්ටියගේ ඔළු කුඩු කරන්න ගියේ :P
Deleteඋඹ කලින් ගියානේ ,නැත්තම් භාගයක් දෙනවා තෑග්ගෙන්!
මට ඔය පොත් දෙක හම්බ වුනා... තුෂාට පින්සිද්ධ වෙන්න...
Deleteඅහ්හ් නියමයි. මාත් එක්කනම් කතා කලානේ :)..
ReplyDeleteමෙයා හැම තරඟයක්ම දිනලානේ බොලේ :/
අපි ඉතින් කොහේ ගියත් දක්සයෝනේ ;)
Deleteමෙයත් ඉතිං අපිවගේ වැඩත් ඇහැකි ගමත් ගාල්ලේ කෙනෙක්නේ. :D
Deleteආයේ එකෙන්ම!;)
Deleteහඳුනාගන්න ලැබීම ගොඩාක් සතුටුයි අප්පා.... ෆලෝ ලිස්ට් එක තාමත් හදලා නෑනේ ඒක හදන්නකෝ එන්න පරක්කු වුනා නැත්තම් මුට්ටිය මගේ මම අත තියන තියන දේ කැඩෙන නිසා මුට්ටියත් ගේමක්යැයි
ReplyDeleteඊලග පාර අත තියල බලහන්කො!:P
Deleteඅයියෝ.......මම ආවෙ නැතෝ..
ReplyDeleteයකෝ මූ මාර එකෙක්නෙ.. ඔහොමත් දිනනවද ඈ..? :-)
වැඩ බැරි උණත් ගම ගාල්ල නේ ;)
Deleteඅනිවා එල එල!! මැක්සා දවසක් තමා.....හික් පුදුමයි අපි බස් එකෙන් එලියට දැම්මේ නැති එක බං..
ReplyDeleteමාම හිතුවේ අර කෙල්ලගෙන් කුඩා පාරක් කන්න වෙයි කියල:P
Deleteඅපි මුට්ටිය බින්දේ නැත්තේ උඹ පවු හින්දා මිසක් බැරි කමකට එහෙම නෙවෙයි හරිද මල්ලි. කඹ ඇදලත් උඹල දින්නේ කුමන්ත්රනේ කොරලානේ :පි
ReplyDeleteඕව ඉතින් නොහැකියාවට සහ ඉරිසියාවට කියන කතා:P
Deleteඅපි සැලේවි ඕවට !!
හී හී... එදා නම් නියමයි.. කෝ අපිට තැග්ගෙන් කෑල්ලක්වත් දුන්නේ නෑනේ..
ReplyDeleteසරසවියෙන් පොතක් අරගත්තම එක කියවන්න දෙන්නම්!;)
Deleteසිරා !
ReplyDeleteසැමා එක්ක කතා කරන්න බැරි වීම ගැන දුකය:)
Deleteඑලම එලය... අනාගතයේදීවත් කතාකරන්නට අපේක්ෂා කරමි. එදා බැරිවීම ගැන කණගාටුයි. මචං, දිගටම ලියපන්...
ReplyDeleteඅනිවා අනාගතයේ සෙට් වෙලා කතා කරමුකෝ!:)
Deleteඑල ඈ.. උඹ කොහෙද බං අපි නැත්තං මුට්ටිය බිඳින්නේ.. එහෙනම් ඉතින් තාමත් වේලෙනවා!!
ReplyDeleteපට්ට ෆන් එකක් නම් ගත්ත නේ!!
අනේ පලයන් බන් යන්න!
Deleteඑක මගේ දක්ෂතාවය ;)
ඉටිගෙඩිය.. උඹ මග නවතින්න හදද්දී මම කිව්වේ නැත්නම් බිඳියි මුට්ටිය!!
Deleteකණා මුට්ටිය බිඳින්නේ ලේසි වුනේ අර රැට රෑට ගස් නැගපු පුරුද්ද නේද?..
ReplyDeleteහරියටම කිව්වා!:P
Deleteමාම ගියේ ලිස්සන ගහ නගින්න,කොහෙද තිබුනේ නෑනේ!:p
බලාගෙන යද්දි ගොඩක් ඒවයේ දිනලා තියෙන්නේ නුවන්නේ..
ReplyDeleteඅනේ නෑ දිනේෂ් අයියේ,මුට්ටිය බිඳලා විතරයි හරියට දිනුම්!:P
Deleteirisiyaa hithenawaaaa :)
ReplyDeleteඉරිසියා කොරල වැඩක් නෑ :P
Deleteඊලග පාරවත් එන්න ට්රයි කොරන්න :)
අඩෝ මං කන බොන ඒවා අයින් කරපිය :D
ReplyDeleteආයේ පිස්සුවක් ඇතැ:D
Deleteමං අදමයි මේ පැත්තේ ආවේ...
ReplyDeleteඉතිං අර තෑගිවලට ලැබුන "දුකින් තැවෙන සිතට සහනයක්" පොත කියෙව්වද....
:)
අනේ නෑ අක්කෙ,තාම කියවන්න බැරි උණා!:-/
Deleteඅක්කත් ඇවිල්ල හිටිය දැක්ක මම:)
කතා කරන්න නම් බැරි උණා
අපේ චාමිකයා නම්, පොඩ්ඩක් කොහෙන්හරි සෙට් වෙලා වගේ එදත්..... :D :P
ReplyDeleteපොර ඉතින් නැව ගිලුණත් බෑන් චුන් ඩයල් 1ක්නේ ;)
Delete+++++ :))
ReplyDelete:PPPPP
Delete"ආවෙ නැති උන් දැන් ඉතිං හූල්ල වැඩක් නැත.. ලබන අවුරුද්දේ එන්න දැන්මම රෙඩි වෙලා ඉන්නවා හොදය..." මේ පොඩි මෑන් ගේ කතාවය. එය මෙතනට නියමෙට ගැලපෙයි.
ReplyDeleteඅපිත් ලබන අවුරුද්දේ සෙට් වෙමුකු එහෙනම් එළකිරි වගේ
අනිවා ;)
Deleteහයියූ ඇඩෙනව හලේ....:(
ReplyDeleteදැන් ඉතින් අඬල දොඩල වැඩක් නෑ:P
Deleteඊලග පාර වත් එන්න ට්රයි කොරන්න
මේ කොළඹ අවට ඉඳලත් එන්න බැරිවුණා. මේවා දැක්කාම අපරාදේ විනාඩි දෙක තුනකට හරි ඇවිත් ගියානම් කියල හිතෙනවා මලේ.. කොහෙද ඉතින් අපිට මේවගේ ෆන් එකකටවත් වෙලාවක් තියෙන එකක් යැ.මේතම් කාර්ය බහුල ජීවිත මොනවටද කියලා හිතෙනවා.
ReplyDeleteඊළඟ සැරේ ට්රයි එකක් දෙමු
මමත් හිතුව දයානන්ද අයිය ඒවි කියල :)
Deleteලබන පාරවත් සෙට් වෙමුකෝ
උඹව හඳුනාගන්න ලැබීම ලොකු සතුටක් මලයා..ආයෙත් දවසක සෙට් වෙමු
ReplyDeleteමටත් එසේමැයි :)
Deleteඅනිවා සෙට් වෙමු
කබ අදාල උබල හොරට දිනුවේ :පී
ReplyDeleteමේ මේ.. අපේ ජයග්රහණයට අපහාස කරන්න එපා.. හරි ය! අපි අවංක චේතනාවෙන් ක්රීඩා කරලා දින්නේ.. දස්සයාට තැන ලැබුණා!!
Deleteමට නම් ඉරිසියාවේ බැරිය. රුසියාවටත් වඩා ඉහලය...
ReplyDeleteස.සි.බ.උ. ලබන අවුරුද්දේවත් එන්න මග බලමි.
අක්ක දැන්මම ඉදන් ටිකට් බුක් කරගෙන ඉන්න ;)
Deleteචාමිකය ගියානං ඉතිං ෆුන් අහන්න දෙයක් නෑ... බස් කෙසේ වෙත්ත ඕකත් එක්ක මල ගෙවලවල ගිහින් ගුටි නොකා නේරිලා තියෙන්නෙ අනූ නමයෙන් හිනා වෙලා...
ReplyDeleteමට නම් එක එදා තේරුණා,මිනිස්සු ගැහුවේ නැත්තේ මොකද කියල මම මේ තාමත් හිතන්නේ :-/
Deleteහිතේ දුකට එතකොට කවි කියවෙනවා...... :(
ReplyDelete