Showing posts with label රත්න ශ්‍රී විජේසිංහ. Show all posts
Showing posts with label රත්න ශ්‍රී විජේසිංහ. Show all posts

15 April 2022

එරබදු!


අවුරුද්ද වෙනුවට අරගලය තෝරාගත් සහුර්දයින් තවමත් ගාලු මුවදොර පිටිය තනි නොකර, නිවෙස්වල සිටින කිරිබතක් උයා කැවිල්ලක් කන අප සැමගේ ජිවිත වල දිශානතිය තීන්දු කරන සටනක නියැලී සටින මොහොතක නිකන් අවුරුදු නෑ වගේ හැඟීමක් නොවලකණු හෙයින් මෙසේ සටහනක් ලියන්නට ඉටා ගතිමි. 

 නාම මාත්‍රික නිදහසකින් අවරුදු 74ක් ඉකුත් වූ පසුවද අප සිටින ආස්ථානය කුමක්ද යන්න තෝරා ගැනීමට සමීකරණ ප්‍රමේයයන් අනවශ්‍යය. කෙසේ වෙතත් වසර 74ක් තිස්සේ අතු ඉති ලමින් පමණක්ව උස්වුන ලාංකීය වෘක්ෂ රාජයාගේ අතු ඉති මුදුනින් එරබදු කැකුලක් හටගෙන තිබේ. එහෙයින් එය තවදුරටත් නිර්-ඵල වෘක්ෂයක් නොවනු ඇත. මක් නිසාද මල් පිපෙන ගසක ගෙඩි හට ගැනීම ස්ථිර බැවිනි.ඉතින් මිතුරනි මෙය පරාගණයට කාලයයි! 

මිත්‍ර වරුනි ගස අඩි විසි පහක් ඇතී 
පත්‍ර විතරමයි ගෙඩි මල් කිසිත් නැතී 
වෘක්ෂ දේවතාවොත් පිට මග ම යතී 
මුත්‍ර කරන්නට විතරක් මුලට එතී 

සාර සුබාවට ගස වැඩෙමින් රුවට 
සාර සියක් අතු ඉති වැනුණත් අවට 
බෝධි සත්වයින්ගේ හෙවණට ඉහට 
බෝධි රාජයෙක් වනු බැරි විය ගහට 
නීල වර්ණ නිල් චාමර කොළ තුරිනේ
මෝදු වුණයි රතු කැකුළක් ගස මුදුනේ 
පාරමිතා මිණිමුතු වී මල පිපුණේ 
යාළු, එයට ‘එරබදු’ යන නම ලැබුණේ 

රනේ රුවට රන් කිරුළක අන්දමට 
පෙනේ සුරත් මල ගහ උඩ තුන් යමට 
මලේ වරුණ පවසන මහ පිංකමට 
අනේ යෝද බල ලැබියන් දරුවන්ට 

ඉතින් යහළුවනි මල් පිපුණොත් ගසක 
සැකක් නැතිය පලයක් හට ගනු නිසැක 
සිතින් අත නෑර මල් වල මුදු මෙළෙක 
වරෙව් පරාගණයට රොද බැඳ හනික 

 [සුබ උදෑසන - 1988] රත්න ශ්‍රී විජේසිංහ