21 February 2012

නුඹ

නමක් නොමැති ආලය ඔබ
පැණිරස අපුලව කෙල ගසන
කටුක තිත්ත දිවග තබන
පිපාසයට කඳුළුම බොන

නිදි නොලබා අහසට එන
තරු එළියෙන් පාර කියන
සඳක් වෙන්න ඉඩ ඇතිමුත්
තරුවක් වී පිපී වැනෙන

නෙක හැඩයට පාට ගෑව
රසම සුවඳ  සුළඟට දෙන
පිපී දිලෙන මල් අතරේ
පරමල් වල සුවඳ බලන

කවදාවත් සැබෑ නොවෙන
නිදිවර්ජිත හීන වලට
ඇඟිල්ලකින් පාට උලන
ළගට ඇවිත් මා සනසන…..