Showing posts with label මතවාද. Show all posts
Showing posts with label මතවාද. Show all posts

15 April 2022

එරබදු!


අවුරුද්ද වෙනුවට අරගලය තෝරාගත් සහුර්දයින් තවමත් ගාලු මුවදොර පිටිය තනි නොකර, නිවෙස්වල සිටින කිරිබතක් උයා කැවිල්ලක් කන අප සැමගේ ජිවිත වල දිශානතිය තීන්දු කරන සටනක නියැලී සටින මොහොතක නිකන් අවුරුදු නෑ වගේ හැඟීමක් නොවලකණු හෙයින් මෙසේ සටහනක් ලියන්නට ඉටා ගතිමි. 

 නාම මාත්‍රික නිදහසකින් අවරුදු 74ක් ඉකුත් වූ පසුවද අප සිටින ආස්ථානය කුමක්ද යන්න තෝරා ගැනීමට සමීකරණ ප්‍රමේයයන් අනවශ්‍යය. කෙසේ වෙතත් වසර 74ක් තිස්සේ අතු ඉති ලමින් පමණක්ව උස්වුන ලාංකීය වෘක්ෂ රාජයාගේ අතු ඉති මුදුනින් එරබදු කැකුලක් හටගෙන තිබේ. එහෙයින් එය තවදුරටත් නිර්-ඵල වෘක්ෂයක් නොවනු ඇත. මක් නිසාද මල් පිපෙන ගසක ගෙඩි හට ගැනීම ස්ථිර බැවිනි.ඉතින් මිතුරනි මෙය පරාගණයට කාලයයි! 

මිත්‍ර වරුනි ගස අඩි විසි පහක් ඇතී 
පත්‍ර විතරමයි ගෙඩි මල් කිසිත් නැතී 
වෘක්ෂ දේවතාවොත් පිට මග ම යතී 
මුත්‍ර කරන්නට විතරක් මුලට එතී 

සාර සුබාවට ගස වැඩෙමින් රුවට 
සාර සියක් අතු ඉති වැනුණත් අවට 
බෝධි සත්වයින්ගේ හෙවණට ඉහට 
බෝධි රාජයෙක් වනු බැරි විය ගහට 
නීල වර්ණ නිල් චාමර කොළ තුරිනේ
මෝදු වුණයි රතු කැකුළක් ගස මුදුනේ 
පාරමිතා මිණිමුතු වී මල පිපුණේ 
යාළු, එයට ‘එරබදු’ යන නම ලැබුණේ 

රනේ රුවට රන් කිරුළක අන්දමට 
පෙනේ සුරත් මල ගහ උඩ තුන් යමට 
මලේ වරුණ පවසන මහ පිංකමට 
අනේ යෝද බල ලැබියන් දරුවන්ට 

ඉතින් යහළුවනි මල් පිපුණොත් ගසක 
සැකක් නැතිය පලයක් හට ගනු නිසැක 
සිතින් අත නෑර මල් වල මුදු මෙළෙක 
වරෙව් පරාගණයට රොද බැඳ හනික 

 [සුබ උදෑසන - 1988] රත්න ශ්‍රී විජේසිංහ

09 January 2013

ජනප්‍රිය සංස්කෘතියේ යටිබඩ අතගෑම : HoTel CaliFornia

Eagles සංගීත කණ්ඩායම

1970තරම් ඈත යුගයක වුවද ධනවාදී සමාජ ක්‍රමයක් මගින් කළා ක්ෂේත්‍රයේ පුද්ගලයෙකුගේ ආත්මය සූරාකෑමේ ඛේදවාචකය ඇමරිකාව තුල දක්නට හැකිවිය.එකී හෘදසාක්ෂියේ  හඬ එම යුගයේ කරලියට බට ඊගල්ස්(Eagles) නම් රොක්(Rock) සංගීත කණ්ඩායමෙන් ප්‍රතිරාව දේ.
“Hotel California ගීතය තුලින්  අප දෘශ්‍ය කිරීමට උත්සහ දැරුවේ 70 දශකයේ ‘ඇමරිකානු සිහිනයේ' අඳුරු යටිබඩ හා සංගීත ක්ෂේත්‍රයේ පැවති දුරාචාරය යි.”
              ඒ Hotel California ගීතයේ රචකයා වූ ඩොන් හෙන්ලි (Don Henly) ගේ වචනයි.
On a dark desert highway,cool wind in my hair
Warm smell of colitas , rising up through the air
Up ahead in the distance,I saw a shimmering light
My head grew heavy and my sight grew dim
ඒ,සියල්ල වෙළඳ භාණ්ඩ බවට පත්වූ මනුෂ්‍යත්වයෙන් තොර සමාජ කාන්තාරයක් යන වෙහෙසකර ගමනේදී ක්ෂේම භූමියක් සේ පෙනෙන මිරිඟුවක්,ඉදිරියෙන් ඇති බවට හඟවන මාර්ග සංඥා ය.එය ගත සනහන සීත සුලන් රැල්ලකි.විටෙක සීතලට ගැලපෙන උණුසුම් මාරිජුවානා ගන්ධයකි.මේ පොපියන සංවේදනයන් තුල හැඟීම් වලින් හිස බරවන අතරේම බුද්ධියේ පෙනීම හීන වේ.
“මිනිසෙකු විසින් ජීවිතයේදී අත්දැකිය හැකි භයානක දේවල් දෙකකි.එනම් ගැහැණිය සහ මත්ද්‍රව්‍ය යි.”
                එසේ කියන්නේ මෙමෙ ගීතයට හඬ මුසුකරන Don Felder ය.
Then she lit up a candle and show me the way
අපායක් විය හැකි දිව්‍යලෝක තුල තමන්ට ආශ්වාස කිරීමට ඔක්සිජන් වුවද සැපයීමට සුදානම් කාන්තාවන් සිටියි.එය,එකට කොක්ටේල් එකක් පානය කිරීමේ අවමයේ සිට ගංජා කුරක ආලෝකයෙන් සුඛාන්ත ලෝකයේ අඳුරු මුළු පෙන්වීම දක්වා දිගු වේ.
            ඇමරිකානු ජනප්‍රිය සිහිනයේ ගිලී සුඛාන්තය කර යන ගමනේදී ඔවුන් වඩ වඩාත් අතෘප්තිකර වේ.මධ්‍යසාර යෙන්  ඔවුන්ගේ උගුර තෙත් නොවේ, කෙතරම් අභිසුරුලියන් හමුවේ වුවද ඔවුන්ගේ රාගය නොසන්සිඳේ.අසහනකාරී බවේ හි තුඩ වෙලාවක් අවේලාවක් නොමැතිව පපු තුලට කිඳා බසී.නින්ද අවශ්‍යම කටුක රාත්‍රියයන්ගේ දී පවා නින්දෙන් අවදි වීමට ඔබට බලකරයි.(Wake you up in the middle of the night just to hear them say…)
          ජීවිතය සොයා යන්නවුන් අවසානයේ තමන්ගේ අතෘප්තිකර ජීවිතය තුල ආත්මීය වශයෙන් සිරගත වේ.(We are just prisoners here of our own device).
අවසානයේදී ධනවාදී සමාජ ගංගාවේ තමන්ට අහිමි වූ තමන්ම ම සොයා ඇවිදින්නට ඔවුන්ට සිදුවේ.බොහෝ දෙනා එසේ සෙවීම අතහැර දම ඔහේ පාවී යන අතර එතරම් සැඩ පහරක වුවද උඩුගම් බලා පිහිනන්නට පොර බඳින  එකෙක් දෙන්නෙක් නැතුවා නොවේ.එසේ වුවත් එකී හැම අවස්ථාවකදී ම සිදුව ඇත්තේ ‘මෙයින් නික්මීම මරණය පමණක්ය’ යන්න ඔවුන්ට සිහිගන්විම පමණි.මේ ඔවුන්ගේ ශෝකාලාපයයි……
Last thing I remember I was, running for the door
I had to find the passage back to the place I was before
Relax said the night man we are programmed to receive
You can check out anytime you like but you can’t never leave…
මඟ දිගට ටෙලිවිෂන් කුණු බක්කි අවුස්සමින් දිනක් පහන්වන ඇසිල්ලෙහි සියලු ක්ලේශ නසා රියලිටි තරුවක්  වීමට අතදරුවාගේ පටන් පොරකන සමාජයකට උචිතම තැන Hotel California නොවේද?

Hotel CaliFornia audio


 

06 October 2012

පොඩි කතාවක්!


……………අම්ම අරාබියට ගිහිල්ල අවරුදු දෙකක් ගෙවිල ගියත් එදා ප්‍රියන්තගේ හිත ඇතුලේ නලියපු ආශාවල් අදත් එහෙමමයි.අම්ම ගියාට පස්සේ ප්‍රියන්ත ඉස්කෝලෙත් යන්න පටන් ගත්ත.අලුත් යාළුවො ගොඩක් හම්බුණා.අම්ම යන්න කලින් ප්‍රියන්ත ලියන්න දැනගෙන හිටියේ  “අම්මා” කියල විතරයි,එත් දැන් “අම්මා ඉක්මනට ගෙදර එන්න" කියලත් ලියන්න පුළුවන්.එත් අම්මත් එක්ක වෙසක් එකට කැළණි යන්න එදා තිබුණ ආශාව නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.
ඉහත කොටස උපුටාගත්තේ ජයතිලක කම්මැලිවීරයන්ගේ මාංචු නම් කෙටිකථා සංග්‍රහයේ එන“වරක් වැන්දොත්” කියන කෙටි කතාවෙනි.
           ප්‍රියන්ත කියන පොඩි දරුවා අසාවෙන් ඉන්නේ තමන්ගේ අම්මත් එක්ක වෙසක් දවසේ කැලණිය වඳින්න යන්න.එත් ප්‍රියන්ත ගේ අම්මත් බොහෝ දරුවන්ගේ අම්මල වගේ ආර්ථික මාරුතයට අහුවෙලා අරාබියට ගහගෙන ගිහිල්ල.මේ නිසා පුංචි ප්‍රියන්තට ඉතුරු වෙන්නේ හීනයක් අතේ  තියාගෙන තමන්ගේ අම්මා එනකම් බලාගෙන ඉන්න.
           කල් ගතවෙලා ප්‍රියන්තගේ අම්මා අපහු එන දවස උදා වෙනවා.කාලෙකට පස්සේ තමන්ගේ අම්මා දකින ප්‍රියන්තට දැනෙන්නේ ලැජ්ජාවක්.
…..අම්මා කොච්චර වෙනස් වෙලාද?කම්බුල් පිම්බිලා,රෝස පාටවෙලා.දැන් අපේ ඉංග්‍රීසි ටීචර්ටත් වඩා අම්මා ලස්සනයි.ප්‍රියන්තට එහෙම හිතුනේ ලැජ්ජා වේවි ඉන්න අතරතුර.
ප්‍රියන්ත අම්මා ගෙනාපු අරුමෝසම් බඩු,ටොපි චොකලට් එක්ක කාලය ගතකරත් ඔහුගේ හිත පුරා තවමත් තියෙන්නේ ඊළඟ දවසේ අම්මා එක්ක කැළණි යන්න.
          වෙසක් දවසත් එළඹිලා ප්‍රියන්ත අසාවෙන් ඉන්නවා අම්මා එක්ක කැළණි යන්න.ඒ අතරතුරේ අම්මා බලන්න ආපු අහල පහල උදවිය, යාළුවො එක්ක ප්‍රියන්තගේ අම්මා කාර්යබහුලයි.දැන් යයි දැන් යයි කියල බලාපොරොත්තුවෙන් හිටියත් ප්‍රියන්තගේ ආශාව ඉෂ්ටවෙන පාටක් නම් නෑ.
                   කාලයක් තිස්සේ හිතේ තියාගෙන හිටපු හීනය කඳුළු විදියට ප්‍රියන්තගේ ඇස් දෙකෙන් ගලාගෙන යනවා.
හානේ!මෙන්න මෙයා මෙතනට වෙලා අඬනවා..අයි මගේ පුතා අඬන්නේ?..පුතාට මම ගෙනාපු තෑගි හොඳ නැද්ද?.පුතා ආසද බයිසිකලේකට,ආ?..මම පුතාට චොපර් බයිසිකලයක් ගෙනත් දෙන්නම් හොඳේ?
ප්‍රියන්තගේ අම්මගේ උත්තරය වෙන්නේ ඔන්න ඕක.ප්‍රියන්තගේ අම්මා විතරක් නෙමෙයි මැදපෙරදිග රස්සාවට යන ගොඩක් අම්මලාගේ කතාව ඕක.ඒ අම්මල අපහු එද්දී වෙලා තියෙන සංස්කෘතික විපර්යාසය දරුවන්ට දරාගන්න බැරිතරම් බරයි.ඒ අම්මලට අමතකයි අපි වඳින්නේ අම්මා කෙනෙක් සතු ගුණකඳට මිස බාහිර පෙනුමට නෙමෙයි කියල
වටින් මහා සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට,නුඹ අම්මා හින්දයි!
කලකට ඉහතදී ලියවුණු මේ පද වැල මේ සිද්ධි දාමයට කොයිතරම් නම් හොඳින් ගැලපේද?


සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුළන
ඇතින්නියේ ….
යදම් අමතකද පා බැඳි විලංගුවේ//


පුතුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොම්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි//
ඇතින්නියේ …………
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි


සොඬින් නෙළුම් මල ගෙනියන….


වටින් මහ සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි//
ඇතින්නියේ…………
නෙළුම් මලට නෙවේ නුඹට නුඹ අම්මා හින්දයි


සොඬින් නෙළුම් මල ගෙනියන ………….


ගායනය      :-අතුල අධිකාරී
සංගීතය      :-………………..
පද රචනය   :-රත්න ශ්‍රී විජේසිංහ

ගීතය  බාගන්න මෙතන කොටන්න




        

26 September 2012

වන්දනාව!


සාහිත්‍ය මාසේ ගොඩක් දෙනා පොත් පත් එක්ක හිටපු බව බ්ලොග් පොස්ට් කියෙව්වම දැනුණ.හැමෝම පොත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සහ හොඳ පොත් මිතුරන් ගැන ලියල තිබුණ.
            කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න අපිත්(රැන්ගෝ සහ මම) ගියා.ප්‍රදර්ශනය පටන්ගත්තු දවසෙම.එතරම් සෙනග හිටියේ නම් නෑ එදා.අපි යනකොටත් සමහර පොත් සාප්පු වලට පොත් දානව.ඒත් පොත් තෝරා ගැනීමට අවශ්‍ය නිදහස නම් එදා තිබුණ.
      ප්‍රදර්ශන ශාලාවට ඇතුල් වුණු අපි පොත් ගැනීම පටන් ගත්තේ කාව්‍යක්කාර මිතුරන් මගින් පවත්වපු පොත් එකතුවෙන්(කැටපත් පවුර ලංගම තිබුණ ප්‍රදර්ශන කුටිය).ගිය පාරත් ඒක තිබුනේ එතනමයි.හා හා පුරා කියල ගත්ත මුල්ම පොත උනේ 2010 වසරේ හොඳම කාව්‍ය කෘතිය විදියට රාජ්‍ය සම්මාන දිනාගත්තු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ හිරුත් හිම පියල්ලක කියන කාව්‍ය සංග්‍රහය

මහින්ද අයියත් ඒ ප්‍රදර්ශන කුටියේම හිටපු නිසා ඔහුගේ සමරුවෙන් ඒ පොතේ වටිනාකම වැඩි උනා.
                 එතනදීම අපිට මුණගැහුණා සඳුන් අයිය.11 වන පැය කාව්‍ය සංග්‍රහයේ ප්‍රධාන නියමුවෙක් කිව්වොත් හරි.ප්‍රදර්ශන භුමිය අපිට නුහුරු තැනක් බවට පත් නොකරන්න සඳුන් අයිය සහ පිරිස වග බලාගත්ත.සැහෙන්න පිරිසක් අඳුරගන්න ලැබුණා.අපි වැඩිම වෙලාවක් ගත කලේ සයුරි ප්‍රදර්ශන කුටියේවෙන්න ඇති.පොත්  මිලදී ගැනීමටත් වඩා එතැනදී අඳුරගත්තු පිරිස වටිනවා කියන එකයි මගේ හැඟීම.
                                           මහගමසේකරයන්ගේ කවි පොත් සියල්ලම කියවා තිබුණත් පොත් එකතුවක ඔහුගේ පොත් කීපය තිබිය යුතුමයි කියල හිතුන නිසා ඔහුගේ කවි පොහ ටිකත් ගත්ත.ඒ වගේම නන්දන වීරසිංහයන්ගේ සත්‍යකාම නම් වෙමි කියන ආඛ්‍යාන කාව්‍ය මම ගොඩක් කියවන්න ආසාවෙන් හිටපු පොතක්.ඒ වගේම ගිංගගේ විලාපය කියන පොතත් ගත්ත.
                                    අපේ බ්ලොග්කරුවන් විසින් සංවිධානය කරපු සයිබර් සිහින උළෙල කට්ටියට මතක ඇති.එකේදී මට පොඩි තරඟ ජයග්‍රහණයක් ලැබිල හම්බු උන තෑග්ගෙන් මම වටිනා පොතක් ගත්ත.මේ පාර පොත් ප්‍රදර්ශනයෙන් මම ගත්ත හොඳම පොත මේක කියල මට හිතෙනවා.මහාචාර්ය සරත්චන්ද්‍රයන් විසින් රචනා කරන ලද ඔහුගේ ස්වකීය අත්දැකීම් ඇතුලත් "පින් ඇති සරසවි වරමක් දෙන්නේ" කියන කෘතිය මම මිලදී ගත්ත.
     තවත් පොත් ගණනාවකට ඇහැ යොමු උණත් තාම පරපෝෂිත වන අපට සල්ලි තමයි ප්‍රශ්නේ.මොනවා කරන්නද කියල හිත හදාගෙන ආව.
            මේ පාර වෙනස් තේමාවකින් පොත් ප්‍රදර්ශනය සංවිධානය කරලා තිබුණ බවක් පෙනුන.ගුරු ගෙදර වගේ සංකල්ප  තුලින් පොත් ගන්න එන අයට සැහෙන්න සේවාවක් වුණා.
                     දෙවැනි වතාවටත් පොත් ප්‍රදර්ශනය බලන්න ගියත් ඒ නම් ගියේ පොත් ගන්න නෙමෙයි.ටිකක පරක්කු වෙලා ගියපු නිසා දයානන්ද අයියත්(අස්වැන්න) මඟ අරුනා.එදා නන්දන වීරසිංහයන්ගේ වටිනා දේශනයකට සවන් දීල පොත් එළිදැක්වීමේ උත්සවයකින් සංග්‍රහයකුත් බුක්ති විඳලම ආව!
මගේ  නම් අදහස ප්‍රදර්ශන භුමිය තුල වටිනා වෙනස්කම් කරලා තිබුණට පාඨකයා මෙන්ම සුළු පරිමාණ පොත් ප්‍රකාශකයෝ ගැනත් හිතල තිබුණ මදි කියල.පොත් ප්‍රකාශන සමාගමෙන්ම ඒ පොතට දෙන්නේ 20% ක වට්ටමක්.ඒක 30%ක් වත් කරා නම් වටිනවා.අඩුම ගානේ දුර ඉඳන් එන අයගේ බස් ගාස්තු වලට වත් සරිලන විදියට.ඒ වගේම ප්‍රදර්ශන කුටි වල ගාණත් පහුගිය වර්ෂ වලට සාපේක්ෂව ඉතා වැඩි බවයි දැනගන්න ලැබුනේ.
කොහොම  උණත් වඩා සංවිධානාත්මකව ඊළඟ වසරේ පොත් ප්‍රදර්ශනය පවත්වනන් කටයුතු කරනවානම් දුර බැහැර ඉඳන් පොත් ගන්න එන අයට වගේම සාහිත්‍යට ලැදි හැමදෙනාටම සේවයක් වේවි!

 

14 June 2012

මැතිවරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි!

නීතිඥ සංගමයේ සභාපති ජනාදිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් මැතිසබය ස්වාමින් වහන්සේලාට නීතියෙන් තහනම් කල යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.මගේ අදහස අනුව එය ඉතාමත් කාලෝචිත යෝජනාවක්ය.ස්වාමීන් වහන්සේලා යනු ලෞකික ජීවිත සමඟ බැඳීම් තබාගත යුතු කොට්ඨාසයක් නොවේ.උන් වහන්සේලාගේ වගකීම ධර්JHU Press_CIමය ප්‍රචාරය කරමින් උන් වහන්සේලාද සසරින් එතෙර වීමය.ධර්මය කෙරෙහි වුවද බැඳීම් තබාගත යුතු නොව බව බුදුන් වහන්සේ දේශනා කර ඇත.උන් වහන්සේ ධර්මය උපමා කරන්නේ පහුරකටය.එතෙර වූ පසු පහුර කර තබාගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැත.රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ද ස්වාමීන් වහන්සේලාට ඇත්තෙ ඒ පිලිබඳ ධර්මනුකුල විවරණයක් සැපයීම මිස සිවුර උස්සාගෙන කෑගසමින් බෞද්ධයන් වන අප හට අන්‍ය ආගමිකයන්ට මුහුණ දීමට බැරි තත්වයක් උදාකරලීම නොවේ.
                           මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත් පතට දේශප්‍රේමී කණ්ඩායමේ අයිකන් එකක් වන උදය ගම්මන්පිල උපාසක මහත්තයා ලිපියක් සපයා තිබුණි.හාමුදුරුවන් නැත්තම් ඔවුනුත් ගස් බව හොදාකාරවම දන්නා නිසා 3පොරගේ සිත සැහෙන්න රිදී ඇත.ඔහු පළමුව කිය ඇත්තෙ බුදුන් වහන්සේ  “මැතිවරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනුවෙන් ශික්ෂා පදයක් පනවා නැති නිසා භික්ෂුන් වහන්සේලාට මැති සබය සුදුසු බවයි.මෙවැනි කතා කියද්දී මුන් බෞද්ධයන් දැයි සිතේ.හෙට අනිද්දාට බුදුන් වහන්සේ ශික්ෂා පදයක් පනවා නැතැයි කියා තව මොකක් හෝ ජඩ වැඩක් කර අත පිහිදා ගැනීමට මොවුන් පසුබට නොවනු ඇත.
                           ශ්‍රී ලංකාවේ වාසය කරන ග්‍රාමවාසි හා අරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේලාගෙන් ග්‍රාමවාසී භික්ෂුන් ධර්මය ප්‍රචාරය කිරීමේ වගකීම භාර ගෙන ඇති බවත් එහිදී ලෞකික බැඳීම් වලට යටත් වීමට ස්වාමීන් වහන්සේලාට සිදුවන බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.මේ අනුව හෙළ උරුමයේ ස්වාමීන් වහන්සේලා මහජන ඡන්දය අපේක්ෂා කරන්නේ ධර්මය ප්‍රචාරය කිරීමටය.පසුගිය වසර කීපයක සිට ඔවුන් ධර්මය ප්‍රචාරය කරන ආකාරය කව්රුත් දන්නා නිසා ඒ ගැන තවත් කතා කිරීම අනවශ්‍යය.
                             ඇමති මණ්ඩලයට අමතක කල නොහැකි චරිතයක් වන දුටුගැමුණු රජතුමාද ගම්මන්පිල මහතාගේ සිහියට නැගෙයි.දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයින්ගෙන් කෙනෙකු වන ථෙරපුත්තාභය යෝධයාද මහණදම් පිරු අයෙකු බවත් රටේ අවශ්‍යතාව අනුව ඔහු යුද්ධයට ගිය බවත් ඔහු කියයි.එය සැබෑවකි,නමුත් ථෙරපුත්තාභය යුද්ධයට ගියේ සිවුරට සමු දීමෙන් පසුවය,යුද්ධයෙන් අනතුරුව නැවතත් මහණ විය.හෙළ උරුමයේ ස්වාමීන්වහන්සේලාටද එසේ කැක්කුමක් තිබුණ නම් පසුගිය යුද්ධ සමයේ සිවුරට සමු දී T-56 ක්ද රැගෙන යුද්ධයට යාමට තිබුණි,එසේ වුනි නම් කිසිම කෙනෙක් උන් වහන්සේලාට අපවාද නොනගනු ඇත,එමෙන්ම එසේ වුනි නම් උන් වහන්සේලා ථෙරපුත්තාභය මෙන් ඉතිහාසගත වීමට තිබුණි.
                              කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේලාට මැති සබය නීමිතියෙන් තහනම් කල යුතුයි යන්න ඉතා කාලෝචිත යෝජනාවක් බවයි මගේ අදහස.
හවසට ගොස් තේකොල, සීනි ටික පන්සලෙන් අරන් එන උපාසක මහත්වරුන්ට හා ගම්මන්පිල මහත්මා වැනි හාමුදුරුවන් ලවා කොස් ඇට බාගන්නා අයට මිස සියලු දෙනා මේ යෝජනාවට කැමති වනු ඇත. විඳින්නට හැකි සියලුම කම්සැප විඳින අතරේ බෞද්ධාගම නමට මුවා වී එකිනෙකාගේ පිට කසාගන්නා මෙවැනි සංඝ-උපාසක කණ්ඩායම් රජකාලයේ මෙන් පැන්නිය යුතුය.කෙසේ වෙතත් මොවුන් බලයට ගෙන ආවොත් පන්සිල් පද 5 ද පනතක් මගින් ඉවත් කරනු ස්ථිරය.


පින්තුරය ගත්තේ මෙතනින්  http://maathalan.blogspot.com/2010_05_01_archive.html

03 April 2012

ධර්මපාල නම් පියෙකුගේ ප්‍රකාශය!

ඈත දඹදිව ධර්මපාල කියල රජ කෙනෙක් හිටිය.ඔහුගේ පරම්පරාවේ සියල්ලන්ම නියමිත ආයුෂ වළඳල තමයි මිය ගියේ .කිසිම කෙනෙක් අකාලයේ මිය ගියේ නෑ .මේ රජතුමාගේ පුත් කුමාරය යනව දිසාපාමොක් ආචාරිය ලඟට ඉගෙන ගන්න.ඉතින් මේ දිසාපාමොක් ආචාරීන් ළඟ ඉගෙන ගනිපු වෙනත් තරුණ ශිෂ්‍යයෙක් මිය යනව.ඉතින් මේ සිදුවීම වෙලාවේදී ධර්මපාල පුත් කුමාරය ඉතාම පුදුමයෙන් මේ දිහා බලල කියනව අපේ පරපුරේ නම් කිසිම කෙනෙක්  මේ විදියට අකාලයේ මැරෙන්නේ නෑ කියල.ඉතින් මේ කාරණාව පරික්ෂා කරන්න දිසාපාමොක් ආචාරිය එළුවෙක්ගේ  ඇට කැබැල්ලකුත් අරන් යනව ධර්මපාල රජතුමා ලගට,ගිහින් කියනව පුත් කුමාරය මිය ගියා කියල.
මේ වෙලාවෙ ධර්මපාල රජතුමා කොක් හඬ දාල හිනා වෙනව.ඔහු කියනව ඒක වෙන්න බෑ මොකද තමුන්ගේ පව්ලේ සියලු දෙනාම පන්සිල් රකින අය,ඔවුන් රට පාලනය කරන්නෙ දස රාජ ධර්මය අනුව.ඒ නිසා ඔවුන් සියල්ලන්ම නියමිත ආයු වළඳල තමයි මිය යන්නෙ කියල.මේ තමයි අපි දන්නා ධර්මපාල ජාතකය.
          80 දශකයේදී තවත් පියෙක් තමන්ගේ පුතාව යවනවා  ඉගෙන ගන්න.දළදා හාමුදුරුවන්ගේ අඩවියට,හන්තාන අඩවියට.මේ පිය රජතුමාත් බොහොම දැහැමිව තමුන්ගේ දහදිය මහන්සියෙන් ජීවත් වෙන පියෙක්,මේ නිසා ඔහුත් අකල් මරණ ගැන දන්නෙ නෑ.නමුත් දවසක් තමන්ගේ පුතා ගෙදර එනව පෙට්ටියක,උඩුකුරුව සැතපිලා ,දෑත් බැඳගෙන.මේ වතාවේ මේ පියාට හිනා වෙන්න ඉඩක් නෑ.නමුත් ඔහුට පුදුමයි මේ දේ සිද්ධ උණේ කොහොමද කියල.නමුත්  ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා.ඉතින් මේ අවනඩුව කාට කියන්නද??
         මේ පියා එක් පියෙක් නෙමෙයි,80 දශකයේ අමානුෂික ලෙස ඝාතනයට ලක්වුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සියළුම පියවරු නියෝජනය  කරන පියෙක්.ඉතින් මේ අවනඩුව නීතියත් වල් වැදුන කාලයක වෙන කාගෙන් අහන්නද, දළදා හාමුදුරුවන්ගෙන් ඇර?

දළදා නාමෙට උත්තර දෙනවද
මතු බුදු වන හාමුදුරුවනේ…//

හන්තානේ කඳු දණ ඇණ නමදින සිරි දළදා හාමුදුරුවනේ
ඔබවහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය මගේ දරුවා හමුදුවනේ kapuge
පිරුවට අන්දා ඇස් දෙක පියවා  ගෙන ආවලු හාමුදුරුවනේ
දළදා නාමෙට උත්තර දෙනවද මතු බුදු වන හාමුදුරුවනේ ….//

ඇඳිරිදුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැඳී සෙනගට අසුවුන මරු වැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙලුනේ
දහඩිය විකුණන හොර මැර නැති අප අකල් මරණ ගැන නැත දන්නෙ..//

කාලය දීපය දේශය දන්නා මතු බුදු වන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු හමුවුන නැති බව නැත දන්නෙ…
තුවාල සුදු රෙදි පටින් වසාගෙන උඩුකුරු වී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද කියන්න දැන්වත් ඇඳිරිදුනේ…// 

Wenas_wemu          ගීතය ලියල තියෙන්නෙ ප්‍රවීණ ගීත රචකයෙක් වන රත්න ශ්‍රී විජේසිංහ මහතා,වචන වලටම ඔබින විදියට සංගීතය සහ හඬ දායක කරල තියෙන්නෙ ගුණදාස කපුගේ මහතා.

තව කාරණයක් කියන්න ඕන.අද දවස විශේෂ දවසක්.ගුණදාස කපුගේ මහත්මය අපි අතරින් වෙන් වෙලා ගිහින් තියෙන්න 2003 අද වගේ දවසක.ඒ වගේ ශ්‍රේෂ්ට කලාකරුවෙක් සිහිකරන්නත් එක්ක තමයි මේ ගීතය ගැන ලියන්න හිතුනේ.ගුණදාස කපුගේ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට,වැඩ කරන මිනිස්සුන්ට  ගීත කියපු ගායකයෙක් කියල මේ ගීතයෙන් තවත් පැහැදිලි වෙනව.
                                       ගීතය බාගන්න මෙතන කොටන්න 

කපුගේ  ගැන ලියවිච්ච සාර්ථක ලිපියක් අස්වැන්නේ තියෙනවා ඒක බලන්න මෙතනින් යන්න!

10 January 2012

කුණුහරුප නොවේ !

පහුගිය දවසක අපේ යාලුවෝ ටික දෙනෙක් අතර ඇතිවුන කතා බහක් තමයි අද ලිපියට මුල් වෙන්නේ.මුලින්ම කියන්න ඕන මේවා ඒ යාලුවන්ගේ හෝ මාගේ අදහස් නෙමෙයි .ඒවා ඒ ගොල්ලන්ටත් අහන්න ලැබුණු දේවල් .(මතක් වෙනකොටත් හිනා යනවා Open-mouthed smile)
                    හරි ! මේකයි කරණය !
අපේ සමහර ගීතවල යටි අර්ථ ගැන තමයි අපි කතා කරේ.ඇත්තටම සමහරක් කතා නම් ඇත්තටම වටිනවා.එත් සමහර අදහස් නම් පිළිගන්න අමාරුයි(පිළිගන්න බෑ නෙමෙයි ).මම අද කියන්න යන්නෙත් අන්න ඒ වගේ සින්දු 2 ක් 3 ක් ගැන.
ඔයාල අහල ඇති එඩ්වඩ් ජයකොඩි මහත්මය ගයනා කරන “සිරි යහනේ ලණු ඉහීරී සුසුම් හෙලන රෑ…..”ගීතය.ඒ ගීතය ලියල තියෙන්නේ ලුෂන් බුලත්සිංහලයන්.ටිකක් ආන්දෝලනාත්මක ගීත ලියපු රචකයෙක්නේ. (දම් පාටින් ලා සඳ බැස යනවා….,කොළොම්තොට..වගේ ගීත )
  හරි !මම කිව්වේ සිරි යහනේ... ගීතය ගැනනෙ!මට දැනගන්න ලැබුණු විදියට මේකෙන් කියවෙන්නේ තරුණවිය ඉක්මවපු තනිකඩ පිරිමියෙක් රාත්‍රියේදී (කියන්නත් ලැජ්ජයි Smile)ස්වයං වින්දනයේ යෙදෙන සිදුවීමක්ලු!(කුණුහරුප කියනවා නෙමෙයි හොදේ  Smile with tongue out,ඕකට මම දන්න සභ්‍යම වචනය තමයි කිව්වේ ).මේ අදහසට හේතුව තමයි ඒ ගීතයේ මුල් පද කීපය.

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුණු දැලින් සිරි සිරියෙ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පුදින්නේ //

නාරිලතා මල් දැක්කම තාපසයන්ගේත් දැහැන් බිඳෙනවා කියල අහල  ඇතිනෙ.
ඔන්න ඕක තමයි කතාව.බැලුවම ඒක එහෙම නොවෙන්නත් බැරි කමක් නෑ. එත් ලුෂන් බුලත්සිංහල මහත්මය කියල තිබුන පුවත්පතකට එකෙන් අදහස් වෙන්නෙ තනිකඩ පුද්ගලයෙක්ගේ කාන්සිය,පාළුව කියල.මටත් ඉතින් හිතෙන්නෙ එහෙමයි මුළු සින්දුවම ඇහුවම.(අර විදියට නොහිතෙනවා නෙමෙයි Open-mouthed smile)
මේ සින්දුව මුලින්ම අමරදේව මහත්මයටලු දීල තියෙන්නේ එත් සින්දුවේ යටි අර්ථය දැනගත්තම එතුමා සින්දුව ගායන කරන ඒක ප්‍රතික්ෂේප කරාලු.(මම නම් දන්නේ නෑ ,ඔය එක එක්කෙනා කියන්නේ)

                           දෙවැනි සිද්ධිය තමයි කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා ගයන “ගහක මල් පිපිලා “ ගීතය.මේ ගීතය ලියල තියෙන්නේ යමුනා මාලනී පෙරේරා කියන ප්‍රවීන රචිකාව.දැන් කට්ටිය කියන විදියට ඕකෙන් කියවෙන්නේ සමලිංගික ප්‍රේමයක් ගැනලු.Open-mouthed smile(මම නෙමෙයි කියන්නේ ).එකට හේතුව තමයි මෙන්න මේ පද පේලි ටික
සඳට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්           
හිරුට පෙම් බැඳී එකදු තරුවක් සිටිය නොහැකිද යම්
ලොවට නොපෙනෙන මගේ  ප්‍රේමය ඒ වගේ මනරම් …..

මේ පේලි ටික විතරක් ගත්තම ඔය අදහස ඉස්මතු නොවෙනවා කියන්න බෑ(ඉරත් තරුවක්නේ).එත් පද රචිකාවියක්  ඕක අදහස් කළා කියල මට නම් පිළිගන්න අමාරුයි.(අපේ රටේ).

  
                        අනිත් කතාව තමයි චාමර වීරසිංහ ගයනා කරන “තිස්ස වැවේ ඉවුර ලඟට…” ගීතය.මෙන්න මේකේ අන්තිම පද 4නුත් අදහස් වෙන්නේ අර “සිරියහනේ ලණු ඉහීරී “ ගීතයේ අදහසට සමාන අදහසක්ය කියල තමයි මට දැනගන්න ලැබුනෙ.Open-mouthed smile.
          ගීතයේ අන්තිම පද 4 තමයි
……..ඉරුණු සරමේ හිල් වැහෙන්න දෙපොට දමා ඇඳ ගත්තා
          හිතේ මැවුණු සොඳුරු හැගුම් සොරොව් කටින් එපිට ගියා…
ඔය පද ටිකෙනුත් අර අදහස ඉස්මතු නොවෙනවා කියන්න බෑ වගේ .
එත් මුළු ගීතය ගත්තම ඒ අදහස ඉස්මතු වෙන්නේ නෑ(මාගේ තර්කයට අනුව).
           
                           විශේෂයෙන්ම කියන්න ඕන මේවා මාගේ යාලුවන්ගේ හෝ මාගේ පෞද්ගලික අදහස් නෙමෙයි.අපේ සමාජයේ තිබෙන මතවාද.නමුත් කව්රු මේ අදහස් ප්‍රකාශ කලත් ඒවා වැරදියි කියන්න පෞද්ගලිකව මට නම් අයිතියක් නෑ.මම මේ ලිපිය ලියන්නේ ඒ අදහස් ගරහන්න නෙමෙයි.මට ඒ අදහස් පිළිගන්න අමාරුයි කියන්න.නමුත් මේ වගේ සියුම් මොළ තියෙනවද කියල මට නම් වෙලාවකට හිතෙනවා ඔය වගේ අර්ථයන් ගීතයකින් මතුකරගන්න තරම්(අදහස වැරදි උණත් නිවැරදි උණත් ).කොහොම උණත් බුදු බණේත් කියල තියෙනවනේ තමන්ගේ සිහි නුවණින්  කල්පනා කරලා බලල ඕනෑම දෙයක් පිළිගන්න කියල.අපිත් ඒ ආදර්ශය හිතට ගමු!
 එහෙනම්  තවත් පොස්ට් 1 කින් හම්බවෙමු !
                                         ජය වේවා !


ප.ලි- *ගීත වල පද පේලි උඩ කෙටීමෙන් එම ගීත බාගත හැක
        *මෙමගින් මාගේ හෝ මාගේ මිතුරන්ගේ පෞද්ගලික අදහස් නිරූපනය නොවන බව සලකන්න.
         *දෝෂරෝපණයක් ඇත්තම් එයද පවසන ලෙස ඉල්ලා සිටිමි .