මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත් පතට දේශප්‍රේමී කණ්ඩායමේ අයිකන් එකක් වන උදය ගම්මන්පිල උපාසක මහත්තයා ලිපියක් සපයා තිබුණි.හාමුදුරුවන් නැත්තම් ඔවුනුත් ගස් බව හොදාකාරවම දන්නා නිසා
ශ්‍රී ලංකාවේ වාසය කරන ග්රාමවාසි හා අරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේලාගෙන් ග්රාමවාසී භික්ෂුන් ධර්මය ප්‍රචාරය කිරීමේ වගකීම භාර ගෙන ඇති බවත් එහිදී ලෞකික බැඳීම් වලට යටත් වීමට ස්වාමීන් වහන්සේලාට සිදුවන බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.මේ අනුව හෙළ උරුමයේ ස්වාමීන් වහන්සේලා මහජන ඡන්දය අපේක්ෂා කරන්නේ ධර්මය ප්‍රචාරය කිරීමටය.පසුගිය වසර කීපයක සිට ඔවුන් ධර්මය ප්‍රචාරය කරන ආකාරය කව්රුත් දන්නා නිසා ඒ ගැන තවත් කතා කිරීම අනවශ්‍යය.
ඇමති මණ්ඩලයට අමතක කල නොහැකි චරිතයක් වන දුටුගැමුණු රජතුමාද ගම්මන්පිල මහතාගේ සිහියට නැගෙයි.දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයින්ගෙන් කෙනෙකු වන ථෙරපුත්තාභය යෝධයාද මහණදම් පිරු අයෙකු බවත් රටේ අවශ්‍යතාව අනුව ඔහු යුද්ධයට ගිය බවත් ඔහු කියයි.එය සැබෑවකි,නමුත් ථෙරපුත්තාභය යුද්ධයට ගියේ සිවුරට සමු දීමෙන් පසුවය,යුද්ධයෙන් අනතුරුව නැවතත් මහණ විය.හෙළ උරුමයේ ස්වාමීන්වහන්සේලාටද එසේ කැක්කුමක් තිබුණ නම් පසුගිය යුද්ධ සමයේ සිවුරට සමු දී T-56 ක්ද රැගෙන යුද්ධයට යාමට තිබුණි,එසේ වුනි නම් කිසිම කෙනෙක් උන් වහන්සේලාට අපවාද නොනගනු ඇත,එමෙන්ම එසේ වුනි නම් උන් වහන්සේලා ථෙරපුත්තාභය මෙන් ඉතිහාසගත වීමට තිබුණි.
කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේලාට මැති සබය නීමිතියෙන් තහනම් කල යුතුයි යන්න ඉතා කාලෝචිත යෝජනාවක් බවයි මගේ අදහස.
හවසට ගොස් තේකොල, සීනි ටික පන්සලෙන් අරන් එන උපාසක මහත්වරුන්ට හා ගම්මන්පිල මහත්මා වැනි හාමුදුරුවන් ලවා කොස් ඇට බාගන්නා අයට මිස සියලු දෙනා මේ යෝජනාවට කැමති වනු ඇත. විඳින්නට හැකි සියලුම කම්සැප විඳින අතරේ බෞද්ධාගම නමට මුවා වී එකිනෙකාගේ පිට කසාගන්නා මෙවැනි සංඝ-උපාසක කණ්ඩායම් රජකාලයේ මෙන් පැන්නිය යුතුය.කෙසේ වෙතත් මොවුන් බලයට ගෙන ආවොත් පන්සිල් පද 5 ද පනතක් මගින් ඉවත් කරනු ස්ථිරය.
පින්තුරය ගත්තේ මෙතනින් http://maathalan.blogspot.com/2010_05_01_archive.html
මගේ අදහස ද ඒක ම ය.. ඔය කතාව මා කීවේ මීට කලින් ය. හරියට ම කියනවා නම් බද්දේගම සමිත හාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ අසුන් ගත්තු දින ය. පසු වී හෝ මහ තැන් වලට ඒ බව තේරුම් යාම යම් තරමක හෝ සතුටක් ඇති කරයි.
ReplyDeleteජය වේවා!!
බුද්ධ නීතිය පවා තමන්ගේ වාසිය තකා වෙනස් කරගන්න මොවුන් ගැන කණගාටුයි. මේ පනත පරාජය වුණොත් අවබෝධයක් තියෙන බෞද්ධයන් කළ යුත්තේ මෙවන් අය මින් ඉදිරියට මන්ත්‍රීවරුන් ලෙස පත් නොකිරීම.
ReplyDeleteමුන්ට ඡන්දෙ නොදි හිටියනම් හරි. ලෞකික සැප අපේක්ෂාවෙන් පැවැද්ද විකුනගෙන කන කුජීතයෝ.
ReplyDeleteසිව්රට ගරු කළද මෙවන් අසික්කිතයන් ගල් ගසා එලවිය යුතුය. සිව්ර පෙරවගෙන හිටියට කතා කරද්දි බලන්න කිසිම ශාන්ත ගතියක් තියෙනවද කියල. අර රතන කියන සිවුර අතුලේ මහත්තයා දේශපාලන වේදිකාවේ කෝපෙන් වේවලනවා.
* සෑමා සිංහල බෞද්ධය
මුන් සාසනය කන වල් පාහරයෝ මුන්ව එලවපු දවසට තමයි මේ රටේ බුද්ද සාසනය ආරක්ෂාවෙන්නේ ,අර එල්ලාවල කියන පච්ච සිරා කියන ගොන් කතා දැක්කම ඇගේ මාළු නටනවා ...
ReplyDeleteපහුවෙලා හරි ගෙනාපු හොදම යෝජනාවක් ...
සුනිල් ආරිය රත්න මහතා ලිව්වා ගියක " මේකද මුනි බනේ අනේ" කියලා.. මේ අදහසට සම්පුර්නයෙන් එකගයි. ආයෙ ඒගැන මත දෙකක් නැහැ. ඒත් උඹ තාම පොඩි එකා ඡන්ද බලෙත් නෑ නේද? මේවා දකිනකොට කට කහනවා තමයි ඒත් අහක බලං හිටපං උඹ තව පොඩි එකා නිසා..
ReplyDelete++++++
Delete"මැතිවරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි!"
ReplyDeleteආයෙමත් ධර්ම සංගායනවක් තියලා මේ සිල් පදයත් එක්කාසු කරමු
මේවයින් වෙන්නේ බුද්ධාගමට නිගරු වෙන එක.. ඒක තේරුම් අරන් වැඩ කරනවනම්..
ReplyDeleteMEYA NEETHI GATHA WENNE NETHANAM SANGHAYATA CHANDAYA DEEMA WARJANAYA KARANNA.
ReplyDeleteඔයාගෙ කථාවට මමත් සම්පූර්ණ එකගයි.ඇත්තටම භික්ෂූන් වහන්සේ කියන්න බැරි තරම් චීචරධාරීන් කියල තමයි කියන්න වෙන්නේ..පිඩු සිගා වැඩලා ධර්මය බෙදන ගමන් අන්තඅසරණයන් වෙනුවෙන් ධර්ම දානය බෙදල තමනුත් මේ පාප වලෙන් එතර වෙන්නයි බුදුන් වහන්සේ දේශනා කලේ.මේ ගොල්ලන් කරන්නේ මෙයාලත් අපායටම වැඩමවල අපිවත් අදගෙනම යන එක..හරිහමන් බණක් අහන්න පුදුමාකාර ආසයි බණක් කියන එක හාමුදුරු කෙනෙක් ඉන්නවද මිනිසුන්ට ධර්මය කියල දෙන්න හරි වැරැද්ද පෙන්නල දෙන්න..අපොයි එහෙම අය දැන් නෑ... බල තන්හාවෙන් කූජිත වෙලා විහින් නැහෙනව මදිවට බුද්ධ චීවරයත් පොරවගෙන..මෙවැනි අයගේ ක්‍රියාව නිසා අපිට අනිත් ආගම් වලට මුහුණ දෙන්න බැරි වෙනවා..ඒකයි ලොකුම ප්රශ්නය..කාලෝචිත මාතෘකාවක් යාළු...
ReplyDeleteඅනී මංනම් මොකූට් කියන්නෑ.............:)
ReplyDeleteඅනේ මන්ද දැන්නම් වෙන දේවල් යාලු....
ReplyDeleteහොඳ ලිපියක්.
ReplyDeleteනමුත් මේ හාමුදුරුවරු පාර්ලිමේන්තු ආවේ මොකක් හෝ වැඩක් කිරීමේ අදහසින්. පස්සේ ඒ දේවල් මොකක් හෝ දෙයක් නිසා වෙනස් උනා. සාමාන්‍ය මන්ත්‍රීල වගේ වැඩකට නැති තවත් වැඩකට නැති පිරිසක් වගේ වැඩ. උදය ගම්මන්පිල රැකෙන්නෙත් මේ හාමුදුරුවරු නිසා.
මචන් පට්ට විදිහට ලයින් කරලා. ප්‍රධාන පත්තරේක කතුවැකිය කියවනවා වගේ දැක්කේ. සුපිරියි. මමත් උඹේ අදහසට එකඟයි. මොකද රැවුලයි කැඳයි දෙකක් බෑනේ.
ReplyDeleteඅදහසට එකගයි මල්ලි.
ReplyDeleteසිරා මේ පැත්තට පැමිණියේ අදය... මේ පෝස්ටුවේ අදහසට මමද එකග වෙමි. මෙතුවක් කල් ස්වාමීන් වහන්සේලා පාර්ලිමේන්තුවට වැඩම කර සිදුකල කිසිදු ඇටලබ්බක් සිරාට මීටර් නොවේ... වෙච්ච එකම සන්තෑසිය නම්.. වරක් සභා ගැබේදී හාමුදුරැවන්ගේ තහනම් කලාප මන්ත්‍රීලා විසින් මිරිකා පවර් එක පෙන්විමයි... එය සිවුරට නිගාවකි.
ReplyDeleteඑකඟයි මචන්
ReplyDeleteපරක්උනා, උඹගේ පොස්ට් ඒක මට අප්ඩේට් උනේ නෑ
හාමුදුරුවරු දේශපාලනේට සම්බන්ද වෙන එක මමත් හෙලා දකිනවා.කොහොමත් මම අකමැති සබ්ජෙක්ට් එකක් ඕක..හාපෝ..
ReplyDeleteමම අදමයි ආවේ මෙහාට. පෝස්ට් එකත් එක්ක මමත් එකඟයි. හාමුදුරුවරු දේශපාලනය කරන එකෙන් ශාසනයට වත් වෙන යහපතක් මටත් පේන්නෙ නෑ. සිවුරක් දාගෙන හිටපු පලියට "සාධු සාධු" නොකියා බෞද්ධයා මීට වඩා කල්පනාකාරී විය යුතුයි. දේශපාලනයට ආවේ නැතුවට සමාජයට සේවයක් කරන අප්‍රසිද්ධ හාමුදුරුවරු ඕන තරම් ඉන්නවා.
ReplyDelete