බ්ලොග් කරුවන් අතරිනුත් අපි දන්නා අදුරන බොහෝ පිරිසකගේ කවි මෙයට ඇතුලත් අරුණැල්ල බ්ලොගය ලියන නජාත් සොයුරාගේ,අකීකරු හිත ලියන දිනිති අක්කගේ,ඉර ඇහැරෙන ඉසව්ව ලියන නෙරන්ජි සුලක්ඛනා අක්කගේ නිර්මාණත් මෙයට ඇතුලත්ව තිබුණා.
සාමුහික කවි පොතක් එළිදැක්වීම යන තේමාවෙන් එහාට ගිය පුළුල් අරමුණක් වටා 11 වෙනි පැය එක්රොක් වෙනවා.නවක පරපුරට භාෂා දැනුම ලබාදෙන භාෂා සාහිත්‍ය ඇකඩමියක් පවත්වන එක ඔවුන්ගේ මුලික අරමුණක්.ඇත්තටම එය කාලීන අවශ්‍යතාවක්.ඉතින් ඒ සත් ක්‍රියාව සඵල කරගැනීමට අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබෙන්න කියල අපි පතමු.
පොස්ටුව ලියන්න හිතුනේ මගේ නිර්මාණයකුත් 11 වන පැයේ ඇතුලත් උනා.මුද්‍රිත මාධ්‍යයක මගේ නිර්මාණයක් ඇතුලත් උන පළමු අවස්ථාව මේක නිසා ඒ ගැන පොස්ටුවක් දාන්න ඕන කියල හිතුනා.
දේවිකා
උඩ බොත්තම් දෙකම ඇරුන
හැට්ටය තුලින් වරින් වර
චතුරංගනී සේනාවකට
ජිවය පොවන්නට
අනෝතප්ත විල් පසුකර
දිය කෙළියට යන ගමනේ
මනරම් හිමිදිරි උදයේ
දහසක් බුදු, බුදු වෙනවා
දුටුවේ නැතිද දේවිකා?
තාර ශීට් කුඩ හෙවනට
නුඹේ මදහස අඩු නොවුණා
ඉටිකොළ අස්සෙන් ගෙට එන
පිණි බිඳු දැක
නුඹේ හීනය තෙත් නොවුණා
කැක්කුම් දෙන සීත සුළඟ
එක මිටකට අල්ලාගෙන
හැමදාමත් නුඹේ හීනය
දරුවන්ගේ මංගල්‍යය
හැමදාමත් නුඹේ හීනය
වැහි නැති හිස් අහසක් මත…
(212 වෙනි පිටුව)
(Y)
ReplyDeletethanx machan!:)
Deleteහ්ම්ම්ම් නියමයිනේ.
ReplyDeleteඇත්තටම නියමයි..
ජය වේවා...!!
ස්තුතියි මචන්! :)
Deleteඔන්න දුන්නා + එකක්
ReplyDeleteඑකක් මදි වගේ :D!
Deleteශා... මරු මල්ලියේ... එල නේ... උඹේ නිර්මාණයක් මුද්‍රිත මාධ්‍යයේ පළ වුණා කිව්වම මටත් හරි ආසයි...
ReplyDeleteඔව් ඉතින් උඹ ඉස්සර ඉදන් කියනවනේ මම ලියන එව්වා සංකීර්ණයි කියල :P
Deleteඑච්චරම සංකීර්ණ නම් නෑ !හිතට දැනෙන දේ ලිව්වා!:)
අපූරු ලිපියක්! පද ටික නම් කියල වැඩක් නැහැ.
ReplyDeleteතව හැදෙන්න ඕන තැන් තියෙනවා!ඒත් මම තරමක් තෘප්තිමත්!:)
Deleteනියමයි මලයා.. කවිය ඇත්තටම ලස්සනයි..
ReplyDeleteබොහොම ස්තුතියි දිනේෂ් අයියේ!:)
Deleteසතුටුයි ඔබේ කවිය ගැන..හොඳ නිර්මාණයක්..
ReplyDeleteස්තුතියි!ඉස්සරහටත් ලියනවා !
Deleteඒවා ගැනත් ඔබේ අදහස් බලාපොරොත්තු වෙනවා!:)
නුවන් මල්ලිගේ කවියක් 11 වන පැයේ තිබුණා කියලා දැනගත්තේ මේ පෝස්ට් එකෙන්. නියමයි. තමන්ගෙ නිර්මාණයක් මුද්‍රණයෙන් පළව තිබෙනවා දකින ඕනෙම කෙනෙකුට දැනෙන සතුට මටත් දැනෙනවා.
ReplyDeleteකවිය වගේම මේ උත්සාහයත් අගය කරනවා. දිගටම ලියන්න ඒවගේම ප්‍රවීණ කවි කිවිඳියන්ගේ පොත් පත් කියවන්න.ඒක ලොකු අත්වැලක් වේවි. හෙට දවසට
මම මේකට දැම්ම කමෙන්ට් එක කෝ...............?
ReplyDeleteම්පොස්ට් එක දැම්ම දාට පහුවෙනිදා තමයි දැම්මේ.. ඒක ඇවිත් නැහැනේ...
මොනව වුණත් ඔබේ කවියක් 11 වන පැයේ ඇතුළත්ව තිබුණ බව දැනගත්තේ මේ පෝස්ට් එකෙන්. සතුටුයි. මෙහි ඇතුළත් කවි නිර්මානාත්මක ගුණයෙන් පිරිපුන් කවි බව ප්‍රවීන කිවියර නන්දන වීරසිංහයන් මා සමග කිව්වා. ඒ් නිසා. තමන්ෙග් කිර්මාණයක් ඒවැනි කලාකරුවන් අතින් පැසසුම් ලබන්නට ඔබ වාසනාවන්තෙයක්.
තමන්ෙග් නිර්මාණයක් මුද්රණෙයන් නිකුත්ව තිෙබන විට දැෙනන සතුට මටත් දැනී තිෙයනවා.
මුල් කමෙන්ට් 1 ස්පෑම් වෙලා තිබුනේ!අව්ලක් නෑ දෙකක් දැම්ම ලියල වැඩි වෙන එකක්යැ!:p
Deleteනන්දන වීරසිංහ වැනි ප්‍රවීන කවියෙක් මේ පොත ගැන හොඳ අදහසක් දැක්වීම ගැන මම සතුටුයි!
බොහොම ස්තුතියි ඔබේ අදහසට!
මම අදමද කෙහෙද මේ පැත්තට ආවේ , මරේ මරු
ReplyDeleteස්තුතියි මචන්!දිගටම එන්න කියල ආරාධනා කරනවා!:)
Deleteකවිය ගැන අදහස මම කිව්වා නේ! මුද්‍රිත මාධ්‍යයක කලින් කවි පල වෙලා තිබුනත්, කවි පොතක කවියක් පල වුණේ ප්‍රථම වරට.. ඒ සතුට ඔබට වගේ ම මටත් තිබෙනවා. නිදහසේ හොඳ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!
ReplyDeleteජය වේවා!
අනිවාර්යෙන්!:)
Deleteමගේ කවියක් තියෙනව කියල මටත් දැනුම් දුන්න ඒ අය වගේම යාලුවොත්...ඒත් මට තාම පොතක් ලැබුණෙ නැහැ...
ReplyDelete11 වෙනි පැය කලේ හුගක් හොද වැඩක්....ඉතින් මල්ලිටත් හුගක් දුර ගමනක් යන්න සුභ පතනව...
ස්තුතියි අක්කේ!
Deleteඅක්කගේ කවියත් ගොඩක් දැනුන හිතට!:)
මල්ලි අකුරු වලින් කරන දස්කම් සහ විස්කම් නිහතමානිව අගය කරමි
ReplyDeleteස්තුතියි!:)
Deleteමේ කවිය මම කවි සංග්‍රහයේ තියෙනවා දැක්කා..මගේ කවියකුත් තිබුනා.. ජය වේවා සහෝ..
ReplyDeleteඇත්ත නම දැනගෙන හිටියේ නැතත් ,පස්සේ දැනගෙන බැලුව !
Deleteලස්සන නිර්මාණයක්!:)
සුබ පැතුම්! කොයිතරම් සතුටක්ද ඒක... දිගින් දිගටම නිර්මාණ කරන්න ඉඩ ලැබේවා!
ReplyDeleteස්තුතියි මචන් අගය කිරීමට!ඒක මට ලොකු ශක්තියක්!:)
Deleteසංවේදී කව් පෙලක්..! හදවතට දැනුනා...!
ReplyDeleteස්තුතියි!;)
Deleteසාදරයෙන් පිලිගන්නවා!
කෝ දවස් දහයකටත් වැඩියි මොකූත් නැනේ
ReplyDeleteපොඩ්ඩක් ඉවසපල්ලා!:p
Deleteළඟදීම දානවා!;)
එල එල, .. කවි පොතක් ගහපන් ..
ReplyDeleteපොතක් ගහන්න තව කල් තියෙනවා බන්!අපි තාම ප්‍රතමිකයි නේ!
Deleteඔන්න උඹේ කවි එක්ක බැලුවම නම් මට වඩා උඹට සුදුසුකම් තියෙනවා කවි පොතක් ගහන්න!
සිරාවටම!:)
ගොඩක් සතුටුයි නුවන් මල්ලි උබ ගෙන :)
ReplyDeleteබොහෝහ ස්තුතියි අයියේ!ඔයාලගේ දිරිමත් කිරීම තමයි අපිට කියන්න බැරි ශක්තියක් වෙන්නේ!:)
ReplyDelete