11 September 2012

11 වන පැය සහ මම!

                 11 වන පැය ගැන බ්ලොග් ලියන හැම දෙනාම දන්නවා ඇතැයි සිතනවා.11 වන පැය කියන්නේ සාමුහික කාව්‍ය සංග්‍රහයක්.කවි කිවිඳියන් 500 කගේ නිර්මාණ ඇතුලත් ග්‍රන්ථයක්.රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, ලාල් හෑගොඩ,ආරියවංශ රණවීර වැනි ප්‍රවීන කවීන්ගේත්,නව පරපුරේ කවි කිවිඳියන් ගේත්,නිර්මාණ මෙයට ඇතුලත්ව තිබුණා.
                 බ්ලොග් කරුවන් අතරිනුත් අපි දන්නා අදුරන බොහෝ පිරිසකගේ කවි මෙයට ඇතුලත් අරුණැල්ල බ්ලොගය ලියන නජාත් සොයුරාගේ,අකීකරු හිත ලියන දිනිති අක්කගේ,ඉර ඇහැරෙන ඉසව්ව ලියන නෙරන්ජි සුලක්ඛනා අක්කගේ නිර්මාණත් මෙයට ඇතුලත්ව තිබුණා.
                 සාමුහික කවි පොතක් එළිදැක්වීම යන තේමාවෙන් එහාට ගිය පුළුල් අරමුණක් වටා 11 වෙනි පැය එක්රොක් වෙනවා.නවක පරපුරට භාෂා දැනුම ලබාදෙන භාෂා සාහිත්‍ය ඇකඩමියක් පවත්වන එක  ඔවුන්ගේ මුලික අරමුණක්.ඇත්තටම එය කාලීන අවශ්‍යතාවක්.ඉතින් ඒ සත් ක්‍රියාව සඵල කරගැනීමට අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබෙන්න කියල අපි පතමු.
               පොස්ටුව ලියන්න හිතුනේ මගේ නිර්මාණයකුත් 11 වන පැයේ ඇතුලත් උනා.මුද්‍රිත මාධ්‍යයක මගේ නිර්මාණයක් ඇතුලත් උන පළමු අවස්ථාව මේක නිසා ඒ ගැන පොස්ටුවක් දාන්න ඕන කියල හිතුනා.




දේවිකා


උඩ බොත්තම් දෙකම ඇරුන
හැට්ටය තුලින් වරින් වර
නුඹේ දුප්පත් ලැම දකිමි මම
චතුරංගනී සේනාවකට
ජිවය පොවන්නට
hut-poor-women-child-streetකිරි තියේදෝ ඔය තනයේ?

අනෝතප්ත විල් පසුකර
දිය කෙළියට යන ගමනේ
මනරම් හිමිදිරි උදයේ
දහසක් බුදු, බුදු වෙනවා
දුටුවේ නැතිද දේවිකා?

තාර ශීට් කුඩ හෙවනට
නුඹේ මදහස අඩු නොවුණා
ඉටිකොළ අස්සෙන් ගෙට එන
පිණි බිඳු දැක
නුඹේ හීනය තෙත් නොවුණා

කැක්කුම් දෙන සීත සුළඟ
එක මිටකට අල්ලාගෙන
හැමදාමත් නුඹේ හීනය
දරුවන්ගේ මංගල්‍යය
හැමදාමත් නුඹේ හීනය
වැහි නැති හිස් අහසක් මත…


(212 වෙනි පිටුව)

37 comments:

  1. හ්ම්ම්ම් නියමයිනේ.
    ඇත්තටම නියමයි..
    ජය වේවා...!!

    ReplyDelete
  2. ඔන්න දුන්නා + එකක්

    ReplyDelete
  3. ශා... මරු මල්ලියේ... එල නේ... උඹේ නිර්මාණයක් මුද්‍රිත මාධ්‍යයේ පළ වුණා කිව්වම මටත් හරි ආසයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් උඹ ඉස්සර ඉදන් කියනවනේ මම ලියන එව්වා සංකීර්ණයි කියල :P
      එච්චරම සංකීර්ණ නම් නෑ !හිතට දැනෙන දේ ලිව්වා!:)

      Delete
  4. අපූරු ලිපියක්! පද ටික නම් කියල වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. තව හැදෙන්න ඕන තැන් තියෙනවා!ඒත් මම තරමක් තෘප්තිමත්!:)

      Delete
  5. නියමයි මලයා.. කවිය ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ් අයියේ!:)

      Delete
  6. සතුටුයි ඔබේ කවිය ගැන..හොඳ නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!ඉස්සරහටත් ලියනවා !
      ඒවා ගැනත් ඔබේ අදහස් බලාපොරොත්තු වෙනවා!:)

      Delete
  7. නුවන් මල්ලිගේ කවියක් 11 වන පැයේ තිබුණා කියලා දැනගත්තේ මේ පෝස්ට් එකෙන්. නියමයි. තමන්ගෙ නිර්මාණයක් මුද්‍රණයෙන් පළව තිබෙනවා දකින ඕනෙම කෙනෙකුට දැනෙන සතුට මටත් දැනෙනවා.

    කවිය වගේම මේ උත්සාහයත් අගය කරනවා. දිගටම ලියන්න ඒවගේම ප්‍රවීණ කවි කිවිඳියන්ගේ පොත් පත් කියවන්න.ඒක ලොකු අත්වැලක් වේවි. හෙට දවසට

    ReplyDelete
  8. මම මේකට දැම්ම කමෙන්ට් එක කෝ...............?

    ම්පොස්ට් එක දැම්ම දාට පහුවෙනිදා තමයි දැම්මේ.. ඒක ඇවිත් නැහැනේ...

    මොනව වුණත් ඔබේ කවියක් 11 වන පැයේ ඇතුළත්ව තිබුණ බව දැනගත්තේ මේ පෝස්ට් එකෙන්. සතුටුයි. මෙහි ඇතුළත් කවි නිර්මානාත්මක ගුණයෙන් පිරිපුන් කවි බව ප්‍රවීන කිවියර නන්දන වීරසිංහයන් මා සමග කිව්වා. ඒ් නිසා. තමන්ෙග් කිර්මාණයක් ඒවැනි කලාකරුවන් අතින් පැසසුම් ලබන්නට ඔබ වාසනාවන්තෙයක්.
    තමන්ෙග් නිර්මාණයක් මුද්‍රණෙයන් නිකුත්ව තිෙබන විට දැෙනන සතුට මටත් දැනී තිෙයනවා.

    ReplyDelete
    Replies
    1. මුල් කමෙන්ට් 1 ස්පෑම් වෙලා තිබුනේ!අව්ලක් නෑ දෙකක් දැම්ම ලියල වැඩි වෙන එකක්යැ!:p
      නන්දන වීරසිංහ වැනි ප්‍රවීන කවියෙක් මේ පොත ගැන හොඳ අදහසක් දැක්වීම ගැන මම සතුටුයි!
      බොහොම ස්තුතියි ඔබේ අදහසට!

      Delete
  9. මම අදමද කෙහෙද මේ පැත්තට ආවේ , මරේ මරු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්!දිගටම එන්න කියල ආරාධනා කරනවා!:)

      Delete
  10. කවිය ගැන අදහස මම කිව්වා නේ! මුද්‍රිත මාධ්‍යයක කලින් කවි පල වෙලා තිබුනත්, කවි පොතක කවියක් පල වුණේ ප්‍රථම වරට.. ඒ සතුට ඔබට වගේ ම මටත් තිබෙනවා. නිදහසේ හොඳ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!
    ජය වේවා!

    ReplyDelete
  11. මගේ කවියක් තියෙනව කියල මටත් දැනුම් දුන්න ඒ අය වගේම යාලුවොත්...ඒත් මට තාම පොතක් ලැබුණෙ නැහැ...

    11 වෙනි පැය කලේ හුගක් හොද වැඩක්....ඉතින් මල්ලිටත් හුගක් දුර ගමනක් යන්න සුභ පතනව...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ!
      අක්කගේ කවියත් ගොඩක් දැනුන හිතට!:)

      Delete
  12. මල්ලි අකුරු වලින් කරන දස්කම් සහ විස්කම් නිහතමානිව අගය කරමි

    ReplyDelete
  13. මේ කවිය මම කවි සංග්‍රහයේ තියෙනවා දැක්කා..මගේ කවියකුත් තිබුනා.. ජය වේවා සහෝ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත නම දැනගෙන හිටියේ නැතත් ,පස්සේ දැනගෙන බැලුව !
      ලස්සන නිර්මාණයක්!:)

      Delete
  14. සුබ පැතුම්! කොයිතරම් සතුටක්ද ඒක... දිගින් දිගටම නිර්මාණ කරන්න ඉඩ ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන් අගය කිරීමට!ඒක මට ලොකු ශක්තියක්!:)

      Delete
  15. සංවේදී කව් පෙලක්..! හදවතට දැනුනා...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!;)
      සාදරයෙන් පිලිගන්නවා!

      Delete
  16. කෝ දවස් දහයකටත් වැඩියි මොකූත් නැනේ

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉවසපල්ලා!:p
      ළඟදීම දානවා!;)

      Delete
  17. එල එල, .. කවි පොතක් ගහපන් ..

    ReplyDelete
    Replies
    1. පොතක් ගහන්න තව කල් තියෙනවා බන්!අපි තාම ප්‍රතමිකයි නේ!
      ඔන්න උඹේ කවි එක්ක බැලුවම නම් මට වඩා උඹට සුදුසුකම් තියෙනවා කවි පොතක් ගහන්න!
      සිරාවටම!:)

      Delete
  18. ගොඩක් සතුටුයි නුවන් මල්ලි උබ ගෙන :)

    ReplyDelete
  19. බොහෝහ ස්තුතියි අයියේ!ඔයාලගේ දිරිමත් කිරීම තමයි අපිට කියන්න බැරි ශක්තියක් වෙන්නේ!:)

    ReplyDelete