හරි ! මේකයි කරණය !
අපේ සමහර ගීතවල යටි අර්ථ ගැන තමයි අපි කතා කරේ.ඇත්තටම සමහරක් කතා නම් ඇත්තටම වටිනවා.එත් සමහර අදහස් නම් පිළිගන්න අමාරුයි(පිළිගන්න බෑ නෙමෙයි ).මම අද කියන්න යන්නෙත් අන්න ඒ වගේ සින්දු 2 ක් 3 ක් ගැන.
ඔයාල අහල ඇති එඩ්වඩ් ජයකොඩි මහත්මය ගයනා කරන “සිරි යහනේ ලණු ඉහීරී සුසුම් හෙලන රෑ…..”ගීතය.ඒ ගීතය ලියල තියෙන්නේ ලුෂන් බුලත්සිංහලයන්.ටිකක් ආන්දෝලනාත්මක ගීත ලියපු රචකයෙක්නේ. (දම් පාටින් ලා සඳ බැස යනවා….,කොළොම්තොට..වගේ ගීත )
හරි !මම කිව්වේ සිරි යහනේ... ගීතය ගැනනෙ!මට දැනගන්න ලැබුණු විදියට මේකෙන් කියවෙන්නේ තරුණවිය ඉක්මවපු තනිකඩ පිරිමියෙක් රාත්රියේදී (කියන්නත් ලැජ්ජයි
සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුණු දැලින් සිරි සිරියෙ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පුදින්නේ //
නාරිලතා මල් දැක්කම තාපසයන්ගේත් දැහැන් බිඳෙනවා කියල අහල ඇතිනෙ.
ඔන්න ඕක තමයි කතාව.බැලුවම ඒක එහෙම නොවෙන්නත් බැරි කමක් නෑ. එත් ලුෂන් බුලත්සිංහල මහත්මය කියල තිබුන පුවත්පතකට එකෙන් අදහස් වෙන්නෙ තනිකඩ පුද්ගලයෙක්ගේ කාන්සිය,පාළුව කියල.මටත් ඉතින් හිතෙන්නෙ එහෙමයි මුළු සින්දුවම ඇහුවම.(අර විදියට නොහිතෙනවා නෙමෙයි
මේ සින්දුව මුලින්ම අමරදේව මහත්මයටලු දීල තියෙන්නේ එත් සින්දුවේ යටි අර්ථය දැනගත්තම එතුමා සින්දුව ගායන කරන ඒක ප්‍රතික්ෂේප කරාලු.(මම නම් දන්නේ නෑ ,ඔය එක එක්කෙනා කියන්නේ)
දෙවැනි සිද්ධිය තමයි කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා ගයන “ගහක මල් පිපිලා “ ගීතය.මේ ගීතය ලියල තියෙන්නේ යමුනා මාලනී පෙරේරා කියන ප්‍රවීන රචිකාව.දැන් කට්ටිය කියන විදියට ඕකෙන් කියවෙන්නේ සමලිංගික ප්‍රේමයක් ගැනලු.
සඳට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳී එකදු තරුවක් සිටිය නොහැකිද යම්
ලොවට නොපෙනෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් …..
මේ පේලි ටික විතරක් ගත්තම ඔය අදහස ඉස්මතු නොවෙනවා කියන්න බෑ(ඉරත් තරුවක්නේ).එත් පද රචිකාවියක් ඕක අදහස් කළා කියල මට නම් පිළිගන්න අමාරුයි.(අපේ රටේ).
අනිත් කතාව තමයි චාමර වීරසිංහ ගයනා කරන “තිස්ස වැවේ ඉවුර ලඟට…” ගීතය.මෙන්න මේකේ අන්තිම පද 4නුත් අදහස් වෙන්නේ අර “සිරියහනේ ලණු ඉහීරී “ ගීතයේ අදහසට සමාන අදහසක්ය කියල තමයි මට දැනගන්න ලැබුනෙ.
ගීතයේ අන්තිම පද 4 තමයි
……..ඉරුණු සරමේ හිල් වැහෙන්න දෙපොට දමා ඇඳ ගත්තා
හිතේ මැවුණු සොඳුරු හැගුම් සොරොව් කටින් එපිට ගියා…
ඔය පද ටිකෙනුත් අර අදහස ඉස්මතු නොවෙනවා කියන්න බෑ වගේ .
එත් මුළු ගීතය ගත්තම ඒ අදහස ඉස්මතු වෙන්නේ නෑ(මාගේ තර්කයට අනුව).
විශේෂයෙන්ම කියන්න ඕන මේවා මාගේ යාලුවන්ගේ හෝ මාගේ පෞද්ගලික අදහස් නෙමෙයි.අපේ සමාජයේ තිබෙන මතවාද.නමුත් කව්රු මේ අදහස් ප්‍රකාශ කලත් ඒවා වැරදියි කියන්න පෞද්ගලිකව මට නම් අයිතියක් නෑ.මම මේ ලිපිය ලියන්නේ ඒ අදහස් ගරහන්න නෙමෙයි.මට ඒ අදහස් පිළිගන්න අමාරුයි කියන්න.නමුත් මේ වගේ සියුම් මොළ තියෙනවද කියල මට නම් වෙලාවකට හිතෙනවා ඔය වගේ අර්ථයන් ගීතයකින් මතුකරගන්න තරම්(අදහස වැරදි උණත් නිවැරදි උණත් ).කොහොම උණත් බුදු බණේත් කියල තියෙනවනේ තමන්ගේ සිහි නුවණින් කල්පනා කරලා බලල ඕනෑම දෙයක් පිළිගන්න කියල.අපිත් ඒ ආදර්ශය හිතට ගමු!
එහෙනම් තවත් පොස්ට් 1 කින් හම්බවෙමු !
ජය වේවා !
ප.ලි- *ගීත වල පද පේලි උඩ කෙටීමෙන් එම ගීත බාගත හැක
*මෙමගින් මාගේ හෝ මාගේ මිතුරන්ගේ පෞද්ගලික අදහස් නිරූපනය නොවන බව සලකන්න.*දෝෂරෝපණයක් ඇත්තම් එයද පවසන ලෙස ඉල්ලා සිටිමි .
api nam owa gana katha kare na :-D
ReplyDeleteකුමරියක පා සළඹ සැලුනා ගීතය ගායනා කරන්නේ අමරදේව මහත්තයා නෙවෙයිද?
ReplyDelete@රෙපා අයියා
ReplyDeleteඒක නම් ගයන කරන්නේ අමරදේව මහත්මය තමයි
එත් ඒ සම්බන්දව පවතින කතා නම් මම දන්නේ නෑ !
නැවතිල්ලේ හිතද්දී එක එක ඒවා හිතෙනවා.මොනවා වුනත් මේ මත සමාජගත කල ඇත්තොත් හොද විචාරකයෝ ටිකක්.මොකද ඔහේ අහලා අහක දාන්නේ නැතුව සියුම් අර්ථ පවා විශ්ලේෂනය කරලා තියෙනවා.....
ReplyDeleteමම අහල තියෙන විදිහට
ReplyDelete"අන්න බලන් සද රන්තැටියෙන් - සුදු සීතගගුල් ගලනා - හද සෝක තැවුල් නිවනා "
කියන ගීතයත් ඔය ගොඩටම වැටෙන්නක්. පොඩ්ඩක් හොයලා බලන්නකෝ
පලවෙනි ගීතය ගැන නම් දැනන් හිටියේ. ඒත් අනිත්වා වල මෙහෙම තේරුම් ගන්න පුළුවන් කියල අදයි දැන ගත්තේ
ReplyDeleteසමහර වෙලාවට ඔය ගීත රචකයා අදහස් නොකරපු තරම් ගැඹුරු තේරුම් හොයාගන්න රසිකයින්ට පුළුවන්නේ... :D
මේකත් බලන්න
ReplyDeletehttp://upashantha.blogspot.com/2010/12/blog-post.html
අනේ මන්දා :ඩි
ReplyDeleteවචන කණ්ඩ තුල එහෙම අදහසක් මතු වුනාට සමහර ගීත "ගීතය" සමස්තයක් ලෙස සැලකුවාම ඒ අදහස ඉවත්ව යන ගතියක් තියනවා
ReplyDeleteඅනේ මන්ද ඉතින්..ඒත් මුලින් කියපු ගීත දෙකම මම කැමති ගීත..ඔහොම තේරුමක්නම් මට තේරුනෙ නැහැ..බලන් යද්දි සමහරවිට මේ කතාවෙ ඇත්තකුත් ඇති.. :D
ReplyDeleteකාගෙ හරි පොස්ට් එකක දැක්ක "සඳ එලිය මමයි නම්, සඳ සාවි මගේ .." සින්දුවත් ඔය වර්ගෙ එකක් කියල ....
ReplyDeleteකුමරියක පා සළඹ සැලුණා එකේ ව්ය්ංගයෙන් නෙමෙයි...ගෙඩිය පිටින්ම තියෙනවනේ..වෙනත් වචන වලින්...
ReplyDeleteකුමරියක පා සළඔ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඔසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිඳුනා
උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවෙන තුසිතය
සුරන් නැලවු සුයාමය
නිසල ජීවන තපෝ වන මැද
හැගුම් ගජසෙන් යදම් බිද වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුලු මල් පෙති
මා හඩවයි බිදුනු තුසිතය
සුරන් නැලවු සුයාමය
Lyrics: K.D.K. Dharmawardane
Music: Victor Ratnayake
Singer: W.D. Amaradewa
http://sinhalahitsongs.blogspot.com/2010/08/kumariyaka-pa-salamba-saluna.html
@පුබුදු
ReplyDeleteඋඹ දන්නවනේ කත එක්කද කතා කලේ කියල!:D
@කල්ප
පුදුමයි එත් ඇත්තයි!
@පෙදරේරු අන්කල්
ස්තුතියි දැනුවත් කලාට ,දිගටම රැදෙන්න ආරාධනා කරනවා!
@නිරෝෂනි
ReplyDeleteමේක ආසියාවේ අශ්චර්යනේ!එකයි!
@ඉන්දික උපශාන්ත
මම ඇත්තටම් දැනගෙන හිටියේ නෑ ඒ ගීතය එහෙම එකක් කියල!
මම ගොඩක් ආදරය කරපු ගීතයක්
පස්සේ හොඳට අහද්දී තමයි වැටහුණේ!
ස්තුතියි,දිගටම රැදෙන්න ආරාධනා කරනවා!
@වර්ණා අක්ක
ReplyDeleteඅනේ මන්ද!:ඩී
@සබිත්
මාගේ අදහසත් ඒකමයි!
@සිත් රූ සිහින
වෙන්න පුළුවන්!
ස්තුතියි අදහසට!
@හරී
රෙපා අය්යට හොද පිළිතුරක්!
ස්තුතියි !
ඒ උනාට මම දන්නේ නෑ නේ.. මරු කතා ටික.. මම දැනගෙන හිටියේ මුල් ගීත දෙක ගැන විතරයි.. එල මචෝ!
ReplyDelete@නජාත්
ReplyDeleteස්තුතියි මචං!
හෆ්ෆට සිරි....අපි රස කර කර අහලා තියෙන්නේ කුණුහරුපනේ....:D :D
ReplyDeleteදිවුල්ගනේ මහතාගේ සින්දුව එහෙම කිවුවත් එකේ වෙනත් අර්ථයක් වෙන්න ඇති තියෙන්නේ.
ReplyDeleteම්...
ReplyDeleteසඳට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳී එකදු තරුවක් සිටිය නොහැකිද යම්
ලොවට නොපෙනෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම්
ඒ සිංදුවෙ මේ කොටසට මම පුදුම ආසයි...
මම දකින්නෙ බලයෙන් අඩු කෙනෙක් බලයෙන් වැඩිකෙනෙක්ට කරන කවදාවත් ඉටු නොවෙන අහිංසක උත්තරීතර ඒකපාර්ශවික ආදරයක් විදියට..
තරහ අවසර තාරක..(අයියද මල්ලිද දන්නෙ නැහැ...මම 93නේ)
මේ මට හැගෙන විදිය...:)
@කුබු
ReplyDeleteඒක එක්කෙනාගේ අදහස්නේ!
:D
@අසරණය
මටත් හිතෙන්නෙ එහෙමයි!:)
@නිසපු
මම තේරුම් ගත්තෙ මෙහෙමයි!
මේ ආදරයේ තියෙන අද්වතීය බව
බලන්න එකේදී බවිත කරලා තියෙන උපමාව ?හරිම වෙනස් නෙ
එත් අර අදහසත් ගන්න බැරි කමක් නෑ!
මොකද තරු සහ ඉර කියන්නේ එකම ගණයේනෙ!:D
(93නම් මට වඩා බාලයි නොවැ;) )
oya hama dama yamak diha wenas widiyata dakapu kanek eka waradak mama dakinna yam deyaka sagaunu aruthakin loku deyak kiyanna puluwan maka publish karaa hamoma kamayji wei aththatama maka aluthma deyak eth parissamen oya gana yam kanek waradi awabodayaka idiwi. eth ma karana hama demtama man mulu hadawathinma suba pathanawa. jayen jayama wenna kiyala
ReplyDeleteඅනිත් සිංදු ටික කෙසේ වෙතත් ගහක මල් පිපිලා සින්දුව නම් මම මාරෙටම ආසා එකක්... මිනිස්සු හිතන පතන විදිය ටිකක් වෙනස් උනොත් හොඳයි මගේ හිතේ...
ReplyDelete@ශානි
ReplyDeleteඅනේ මන්ද ඉතින්!
කොහොම උණත් මේ හිතල තියෙන විදියෙන් හිතපු කෙනා මොළ කාරයෙක්!
මගෙ ආධුනික බ්ලොගේ ෆොලෝ පාරක් දාල තියෙනව දැකල, කව්ද කියල හෙව්වෙ. එතකොටයි බ්ලොග් එකක් ලියන කෙනෙක් බව දැන ගත්තෙ. අන්තිම පෝස්ට් එක විතරයි කියෙව්වෙ, හෙමීට පරණ ඒවත් කියෝල බලන්නං. නැවත හමුවෙමු. සුභ ගමන්....!!!
ReplyDelete@ඔබා අය්යා(අංකල්ද මන්ද?)
ReplyDeleteබොහොම ස්තුතියි !
දිගටම එන්නකෝ මේ පැත්තට!
පිරිමියෙක් රාත්රියේදී (කියන්නත් ලැජ්ජයි Smile)ස්වයං වින්දනයේ යෙදෙන සිදුවීමක්ලු
ReplyDeleteඋබලට කරන්න හොඳයි.. කියන්න තමා ලැජ්ජ... හික් හික්
එකත් එහෙමම නොවේය කියලත් කියන්න බෑ.. ස්තුතියි ඔබට දැනගන්නට සැලස්සුවට..
ReplyDeleteගහක මල් පිපිලා..සින්දුව මගෙත් ආසම සින්දුවක්..ඒත් තේරුම නම් අර කියල තියෙන එක තමා...ඒක දෙවනි කොටසෙනුත් පෙන්නුම් කෙරෙනවා..
ReplyDelete"කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්....
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්...
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්...
කරනු බැරි තහනම්...."
මේකෙන් අදහස් වෙන්නෙ ලෝ දහමට පටහැනි ආලයක් ගැන.ඒ කියන්නෙ ඉතින් සමලිංගික ආලයක් ගැන..මේ ගීතයේ සමලිංගික ආදරය බොහොම ලස්සනට සාධාරණීකරණය කරල තියෙනව....
hmmmmm..atta tamai....man dannwa samalingikayan atarayth lassana lov e storys tiyenawa....good luck
ReplyDeleteඇයි තව තියෙනවා ගොඩක්...
ReplyDeleteමුදු මුහුනේ සුව දැනුනේ..
කුමරියක පා සලඹ සැලුනා .
සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
ReplyDeleteමකුණු දැලින් සිරි සිරියෙ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පුදින්නේ //
සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්....
නෙතට නුහුරු කඳුලු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්........
"නෙතට නුහුරු කඳුලු බිංදු" කියන්නෙ මොනාද කියාපල්ලකො බලන්ඩ..... හික්ස්
@Ireshan
Delete"නෙතට නුහුරු කදුලු බිංදු" කියන්නේ ඇසෙන් එන කදුලු මිසක් වෙන ව්‍යංගයක් එහි නැහැ. එකෙන් අදහස් වන්නේ සාමාන්‍යයෙන් ඇඩීම නුහුරු වුවත් තනිකම ගැන තැවුලෙන් අඩන බව පමණයි. සමහර සිංදු ශෘංගාරාත්මකයි, එකේ කිසි තර්කයක් නැහැ. එහෙත් සමහර ඒවා එසේ නොවේ. ඒවායේ පද කොටස් අරං ව්‍යංගාර්ථ ලබා දීම වැරදියි. එහෙම ගියොත් අම්මා කෙනෙක් තම දරුවාව සිපගැනීමටත් වනචරකමක් ලෙස දකින්න පුලුවන්නේ.
සිංදු කියන්නේ ආගම නෙමේ. සමහර සිංදු ශෘංගාරාත්මක වූවාට කිසි වරදක් නැහැ. කරන දෙය හෝ යම් දෙයක් එහි ස්වභාවය නිසාම අසභ්‍ය වන්නේ නැත. උදාහරණයක් ලෙස "රති කෙලිය (ලිංගික එක්වීම)" යනු රහසේ කළ යුතු එහෙත් සභ්‍ය ලෙස කථා කළ හැකි සිද්ධියක්. ඒ සඳහා ඕනෑ තරම් සභ්‍ය වදන් භාෂාව තුළ පවතිනවා. පාසල් පොත්වල පවා පාඩම් තියෙනවා එම වදන් භාවිතා කරමින්. එහෙත් එයම අසභ්‍ය ලෙස කථා කළ හැකියි. සභ්‍ය අසභ්‍ය වන්නේ භාවිතා කරන වදන් හා පෙළගැස්වීම ආදයි අනුවයි.