සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

26 May 2012

වෙල්ලස්සේ කිරි අම්මලා!

ඌව වෙල්ලස්ස කියන්න අතීතයේ ඉදන්ම බොහොම සශ්‍රික පළාතක්.වෙල්ලස්ස කියන්නෙ වෙල් ලක්ෂයක් කියන පදයෙන් හැදුන කියල තමයි කියන්නෙ.එ වගේම ආගමික විස්වාස එහෙම ගොඩක් තියෙන පළාතක්.වෙල්ලස්ස පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ ජනවහරේ කිරි අම්මල හත් දෙනෙක් ඉන්නව ඉඳිගොල්ලේ කිරිඅම්මා,උනාපානේ කිරිඅම්මා,කන්දේ කිරිඅම්මා,දිවැස් කිරිඅම්මා,වෙල්ලස්සේ කිරිඅම්මා,කුකුලාපොල කිරිඅම්මා,බිලි කිරිඅම්මා යන අය තමයි එ කිරි අම්මාවරු හත්දෙනා.මේ අතරින් වෙල්ලස්ස පළාතේ කුකුලාපොල කිරිඅම්ම කියල හදුන්වන්නේ කුවේණිව.

ancentඉංග්‍රීසි පාලන සමයේදී පැවතුනු පාලනක්‍රමයටවිරුද්ධව වෙල්ලස්සෙන් ලොකු කැරැල්ලක් ඇති උණා.එ කැරැල්ල බොහොම සාර්ථක විදියට ක්‍රියාත්මක උණත් අපේ රටේම ඉන්න කළු සුද්දන්ගේ පිහිටෙන් කැරැල්ල මර්ධනය කරන්න ඉංග්‍රීසින් සමත් උණා.ඉන් පස්සෙ වෙල්ලස්සේ ගම් විනාශ කරල,වැව අමුණු විනාශ කර විතරක් නෙමෙයි අවරුදු 18ට වැඩි  සියලු පිරිමින් මරාදමන්න අණ කරා.ඒ උණත් වෙලස්සේ ඉතුරු වුන පිරිස හැංගිලා, පාවාදීම් වලට බයේ නම් ගම පවා වෙනස් කරගෙන ඔවුන්ගේ සංස්කෘතිය රැකගත්ත.

                      මේ අතරේ 1978 විවෘත ආර්ථික ක්‍රමයේ හදුන්ව දීමෙන් පස්සෙ 1982 වර්ෂයේදී ගොවීන්ගේ ඉඩම් බලෙන් පවරාගෙන මොණරාගල සීනි කර්මාන්ත ශාලාවක් ඉදිකරන්න බුකර්ටේට් කියන බ්‍රිතාන්‍ය සමාගමට රජය අවසර දුන්න.මේකට විරුද්ධවත් ගොවීන් නැගී හිටිය.එ ගැන කියවෙන ගීතයක් තමයි ගුණදාස කපුගේ මහත්මය ගයනා කරන බිම්බරක් සෙනග ගැවසුන කියන ගීතය.

                                    ජන වහරේ එන කුකුලාපොල කිරි අම්මා ගැන සම්බන්ධ කරගත්තත් මම අද කියන්න යන ගීතයේත් තියෙන්නෙ අර දේශපාලනික වටපිටාවම කියලයි මට හිතෙන්නෙ.ගීතය තමයි “කුකුලාපොල කිරි අම්මේ"කියන ගීතය.ගීතය ගයනා කරන්නෙත් ගුණදාස කපුගේ මහත්මය.එහි තනුව හැටියට යොදාගෙන තියෙන්නෙ වැදි ගීයක ආකෘතිය.මුලින්ම අහද්දී මටත් ටිකක් නීරස ගතියක් දැනුන.එත් පස්සෙ සින්දුව අහද්දී නම් එ ගතිය නැති වෙලා ගියා.

         

        කුකුළාපොළ  කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි

        මේ පැටවුන් එක්කල මම කොයි අහ යන්දැයි

        නිවැරැද්දේ අපට මෙහෙම පිටු පෑවේ ඇයි

        කුකුළා පොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි 

     

        සංහිඳ හෙවණේ වෑ තෙර බෝ රුක මුදුනේ

        ගල් වැව් මණ්ඩියෙ නිතර නුඹ වැඩ උන්නේ

        කොයි සිට බැලුවත් අම්මේ දුරට පෙනෙන්නේ

        රන්කොත වැන්නේ නුඹ ගණ රන් කොත වැන්නේ


        යකඩ ඇතුන්නේ බිරුසන් හඬ ගුගුරන්නේ

        රුක් දෙවියන්නේ මුල් සිඳිලා වැතිරෙන්නේ

        ඉඳිකඩ අයිනේ සෙයිලම ළඟ ළඟ එන්නේ

        තුන් යම හීනෙන් විතරයි නුඹ ළඟ අම්මේ


මේ ගීතයේදී කුකුලාපොල කි‍රී අම්මව ආදේශ කරල තියෙන්නෙ වෙල්ලස්ස පැත්තේ තියෙන ගැමි බවට,ස්වාභා සෞන්දර්යයට.ඇය ගැමි පරිසරය තුල ජීවමානයි කියල තමයි රචකයා කියල තියෙන්නෙ.ගීතයේ පලවෙනි සහ දෙවැනි කොටස් වලින් ඒක පැහැදිලිවෙනවා.
                                බිම්බරක් සෙනග ගැවසුන ගීතයේ සහ මේ ගීතයේ කියවෙන්නේ එකම සමාජ දේශපාලන කතාවක් කියල මට හිතුනේ,බිම්බරක් සෙනග ගීතය ලිවීමේදී එ ගීතයේ රචකයා වෙච්ච රත්න ශ්‍රී විජේසිංහයන් යොදාගෙන තිබුනේ වෙල්ලස්ස පළාතේ තියෙන මෙන්න මේ ජන කවිය
                                     
              කන්ද උඩින බැස්ස කලට පෙනේය උළු මාළිගාව
              බිම්බරකුත් සෙනග ඇවිත් රුවට කරපු මාළිගාව
              උදේ හවා දිස්නේ දිදී රන්කොත් බබලන සොබාව
              ලංකාවට තිලකයක්ය සබරගමුව මාළිගාව
                                  ටිකක් විමසිල්ලෙන් බැලුවොත් පෙනේවි කුකුලාපොල කිරි අම්මා ගීතයේ දෙවැනි කොටසේත් තියෙන්නෙ මෙන්න මේ අදහසම කියල.
                      එ වගේම බිම්බරක් සෙනග ගැවසුන ගීතයේ අන්තිම කොටසේ තියෙන,
            ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංච නාදයෙන් ඇලලුණ
            වෘක්ෂ දේවතාවන් බිම වැටී පණ ගසයි…
                                       කියන කොටසේත්, කුකුලාපොල කිරි අම්ම ගීතයේ අන්තිම කොටසේ එන,
         යකඩ ඇතුන්නේ බිරුසන් හඬ ගුගුරන්නේ
         රුක් දෙවියන්නේ මුල් සිඳිලා වැතිරෙන්නේ…..
                                                      කියන කොටසේත් තියෙන්නෙ එකම අර්ථය.මේ නිසා මේ ගීත දෙකෙන්ම කියවෙන්නේ එකම කතාවක් කියල තමයි මගේ නම් අදහස.
                                           මේ කියන ගොවීන්ගේ ඉඩම් පවරා ගැනීමේ සිද්ධියෙන් පස්සෙ වෙල්ලkapugeස්සේ තිබුන සශ්‍රිකත්වය සහමුලින්ම විනාශ උණා.අඟුණුකොළ පැලැස්ස ප්‍රදේශයේ විතරක් වැව් සියගානක් තිබිල තියෙනව,මේ සේරම වහල තමයි ඒවා උඩින් සීනි කර්මාන්තශාලාවට එන්න පාරවල් හදල තියෙන්නෙ.මේ සිදුවීමේදී ගුණදාස කපුගේ මහත්මය සක්‍රියව ගොවීන්ගේ අරගලයට තමන්ගේ හඬ දායක කරල තියෙනව.කොහොම උණත් මිනිස්සු දේශපාලනික අනාථයන් කරපු අවස්ථාවකට තවත් උදාහරණයක්‌.
  ගීතය අහලම බලන්න
ප.ලි /
  • චීන කමියුනිස්ට් නායක මාවෝ සේතුං වරක් කිව්වා සමහර පුද්ගලයන්ගේ මරණයන් අපිට දැනෙන්නේ කුරුළු පිහාටුවක් බිමට වැටෙනවා වගේ බොහම සැහැල්ලුවට කියල,එ වගේම සමහර පුද්ගලයන්ගේ මරණය මහා පර්වතයක් කඩාගෙන වැටෙනව වගේ දරාගන්න අමාරුයි.ඔබා මාමගේ මරණයත් එහෙමයි.අනපේක්ෂිත මොහොතක අපි අතරින් වියෝ වුන ඔබා මාමගේ මරණයෙන් අපි ගොඩක් දෙන සිහි එළවගත්තේ නෑ.අද උණත් මේ ලිපියට ඔහුගෙන් කමෙන්ට් 1ක් නොවටෙවී කියල මට හිතන්න අමාරුයි.එත් ඉතින් ජීවිතය කියන්නෙ ඕක තමයි.බුදු දහම කියන්නෙ කොච්චර යථාර්තවාදී  දර්ශනයක් ද කියල හිතෙන්නෙ මෙන්න මේ වගේ වෙලාවට,වෙන මොනම හරි චින්තනයක් මේ වගේ වෙලාවට ගලපන්න පුළුවන්ද කියන 1 මට ප්‍රශ්නයක්(අනිත්ආගම් පහත් කරල දැකීමේ පටු අරමුණක් නොවේ).කොහොම වුනත් ඔබා මාම අපි අතර තවමත් ජීවමානයි.
  • කුකුලාපොල කිරි අම්මා ගීතය ගැන මාම අහල තිබුනත් එ ගීතය හොයාගන්න මාර කට්ටක් කෑවේ.නෙට් 1 නම් කොහෙවත් නෑ කියල 100% ක් ෂුවර්.ඉතින් මේ ගැන අස්වැන්න බ්ලොගය ලියන දයානන්ද රත්නායක අයියට කිව්වම එතුමා එ ගීතය විතරක් නෙමෙයි ගුණදාස කපුගේ මහත්මය  ගායනා කරන අපි අහල නැති දුර්ලභ ගීත ගොන්නක් මට ලැබෙන්න සැලැස්සුව.එ විතරක් නෙමෙයි මේ ගීතයේ පද ටික ලියල දුන්නෙත් එතුමා.සමහරෙක්ට ඒක පොඩි වැඩක් වෙන්න පුළුවන්,එත් දයානන්ද අයියේ ඔබ වැන්නෙක් මට ගීතයක් සොයාදීම පිටිපස්සේ වචනයෙන් කියාගත නොහැකි මනුස්සකමක් තියෙනව.ඔබට අනේක වාරයක් පින්!
  • අනිත් කාරණය තමයි මේ පාර උසස්පෙළ කරන නිසා මේ දවස්වල වැඩ වැඩියි.තව මාස 2යිනේ තියෙන්නෙ.එ නිසා ගොඩක් අයගේ බ්ලොග් බලන්න උනේ නෑ පහුගිය දවස් වල.ඒ ගැන අහිතක් හිතන්න එපා කියලත් බොහොම කරුණාවෙන් ඉල්ලනවා.

24 April 2012

සැබෑවක් වූ සිහින උළෙල!

බ්ලොග් අවකාශයේදී විතරක් හම්බු වෙන පිරිස දැක බලා ගන්න තිබුන පලවෙනි චාන්ස් 1ත් මිස් කරපු නිසා(ගාල්ලේ ගෙට් 1).සිහින උළෙලට නම් යනවමයි කියල හිටියේ.කලින් දවසේ රෑ බනි එක්ක චැට් කරල සෙට් වෙන විදිය අහගත්ත.පහු වෙනිදා උදේම ගාල්ලේදී අපි කස්ටිය කොළඹ යන්න සෙට් උණා.එතනින් මම කලින් අදුරන්නේ අරුණැල්ල බ්ලොග් 1 ලියන නජාත්,බනියා විතරයි ,තව වැහි පොදක් බ්ලොග් 1 ලියන කල්ප බ්ලොග් 1 හරහා දැනගෙන හිටිය.ජනරංග අයියත් ඉතින් බුකියේදී හා බ්ලොගේදී දැකල තිබුන.තව ගයාන් කල්හාර,රත්ගමයා,රුවින්ද්‍යා නංගි,චාමික අයියල කස්ටියත් හිටිය.වැඩි වෙලාවක් නොගිහින් ඒ සේරම එල කිරි වගේ ෆිට් උණා.
අපි කස්ටිය වැල්ලවත්තෙන් බහිද්දී 9.30 විතර වෙන්නැති.කස්ටියම හොර පාරකින්ම ග්‍රවුන්ඩ් 1ට ගියා.ජාතික ගීය කියල ,පොල්තෙල් පහන එහෙම පත්තු කරල වැඩ පටන් ගත්ත.මුල්ම තරගය උනේ මීටර් 100 දිවීම.හා හා පුරා කියල එකටත් සහභාගී උණා.යන්තම් ගේමක් දීල එකෙන් 3 වෙනියා උණා.ඊට පස්සෙ ගියා කණා මුට්ටිය  බිඳින්න.මම නම් හිතුවේ අපිට චාන්ස් 1 එන්න කලින් කව්රුහරි බිදීවී කියල.නාකිය අයිය එහෙම පියවර මැනගෙන ගියත් ඇස් 2 බැන්දාම අපාය පෙනුන නිසා බය උනාලු.ඒ නිසා බිඳගන්න බැරි උණා.මට චාන්ස් 1 එද්දී මුට්ටි 2 යි ඉතිරි.කොහොම හරි කස්ටියගේ පිහිටෙන් මගේ දක්ෂතාවයෙන් මුට්ටිය බින්ද.

එතැනදී ජෙෂ්ඨ බ්ලොග් කරුවනුත් ,නවකයනුත් ඒක ලෙස විනෝද උණා.තරග වලට සහභාගී වුනා,කට්ටිය අදුරගත්ත,කෑවා,බිව්වා.ඉතින් ඒ හවස් වෙනකම්ම දැනුනෙවත් නෑ.ඇත්තටම සතුටුයි මේ වගේ දෙයකට සහභාගී වෙන්න ලැබුණු 1 ගැන.මගේ ජීවිතයේ අමතක නොවන දවසක් තමයි පෙරේද දවස.ඒ වගේම පොඩි දුකකුත් තියෙනවා හැමෝම එක්ක කතා කරන්න නොලැබුණු එක ගැන.එත් ඒ අඩුපාඩුව ලබන අව්රුද්දෙ සම්පූර්ණ කරගන්නවා.
                        ගෙදර එද්දිත් බස් 1 ෆුල්ම ෆන් 1ක් ගත්ත.ෆන් 1 වැඩි කමට තව පොඩ්ඩෙන් ගුටි කනවා මිනිස්සුන්ගෙන්.චාමික සහෝදරයා එහෙම බ්ලොග් 1 ගැන ප්‍රචාරනයකුත් දීගෙනම අවේ බස් 1 අයට.කොහොම උණත් ඒදවස ගැන නම් කියන්න වචන නෑ.ලබන අව්රුද්දෙත් මේ වගේම දවසක් එනකම් අසාවෙන් බලන ඉන්නව.ඒ වගේම මේ තරම් වෙහෙසක් දරල හැමෝටම සතුටු වෙන්න අවස්ථාවක් සලසල දුන්න සංවිධායක මණ්ඩලයට අපි හැමෝම හිස නමල ආචාර කරන්න ඕන.මේ වගේ දවසක් උදා කරල දීම සම්බන්දයෙන් හැම දෙනාටම ස්තුතියි.
අදවත් කෑල්ලක් සෙට් වෙයිද??
බැලුන් පුපුරවන්නයි ලෙස්තිය

මුට්ටිය කුඩු කිරීමෙන් පස්සෙ








මුට්ටිය බිඳලා තෑගිත් ලැබුණ



කඹ ඇදලත් දිනුම්

මුන්ගේ කට විතරයි වැඩ නෑ


අන්ධ සෙල්ලම්


ගාල්ලෙන් ගියපු අපේ සෙට් 1
ප/ලි -: සියලුම පින්තුර බුකියෙනි,අයිතිකරුවන්ට බෙහෙවින් පින්









 

03 April 2012

ධර්මපාල නම් පියෙකුගේ ප්‍රකාශය!

ඈත දඹදිව ධර්මපාල කියල රජ කෙනෙක් හිටිය.ඔහුගේ පරම්පරාවේ සියල්ලන්ම නියමිත ආයුෂ වළඳල තමයි මිය ගියේ .කිසිම කෙනෙක් අකාලයේ මිය ගියේ නෑ .මේ රජතුමාගේ පුත් කුමාරය යනව දිසාපාමොක් ආචාරිය ලඟට ඉගෙන ගන්න.ඉතින් මේ දිසාපාමොක් ආචාරීන් ළඟ ඉගෙන ගනිපු වෙනත් තරුණ ශිෂ්‍යයෙක් මිය යනව.ඉතින් මේ සිදුවීම වෙලාවේදී ධර්මපාල පුත් කුමාරය ඉතාම පුදුමයෙන් මේ දිහා බලල කියනව අපේ පරපුරේ නම් කිසිම කෙනෙක්  මේ විදියට අකාලයේ මැරෙන්නේ නෑ කියල.ඉතින් මේ කාරණාව පරික්ෂා කරන්න දිසාපාමොක් ආචාරිය එළුවෙක්ගේ  ඇට කැබැල්ලකුත් අරන් යනව ධර්මපාල රජතුමා ලගට,ගිහින් කියනව පුත් කුමාරය මිය ගියා කියල.
මේ වෙලාවෙ ධර්මපාල රජතුමා කොක් හඬ දාල හිනා වෙනව.ඔහු කියනව ඒක වෙන්න බෑ මොකද තමුන්ගේ පව්ලේ සියලු දෙනාම පන්සිල් රකින අය,ඔවුන් රට පාලනය කරන්නෙ දස රාජ ධර්මය අනුව.ඒ නිසා ඔවුන් සියල්ලන්ම නියමිත ආයු වළඳල තමයි මිය යන්නෙ කියල.මේ තමයි අපි දන්නා ධර්මපාල ජාතකය.
          80 දශකයේදී තවත් පියෙක් තමන්ගේ පුතාව යවනවා  ඉගෙන ගන්න.දළදා හාමුදුරුවන්ගේ අඩවියට,හන්තාන අඩවියට.මේ පිය රජතුමාත් බොහොම දැහැමිව තමුන්ගේ දහදිය මහන්සියෙන් ජීවත් වෙන පියෙක්,මේ නිසා ඔහුත් අකල් මරණ ගැන දන්නෙ නෑ.නමුත් දවසක් තමන්ගේ පුතා ගෙදර එනව පෙට්ටියක,උඩුකුරුව සැතපිලා ,දෑත් බැඳගෙන.මේ වතාවේ මේ පියාට හිනා වෙන්න ඉඩක් නෑ.නමුත් ඔහුට පුදුමයි මේ දේ සිද්ධ උණේ කොහොමද කියල.නමුත්  ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා.ඉතින් මේ අවනඩුව කාට කියන්නද??
         මේ පියා එක් පියෙක් නෙමෙයි,80 දශකයේ අමානුෂික ලෙස ඝාතනයට ලක්වුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සියළුම පියවරු නියෝජනය  කරන පියෙක්.ඉතින් මේ අවනඩුව නීතියත් වල් වැදුන කාලයක වෙන කාගෙන් අහන්නද, දළදා හාමුදුරුවන්ගෙන් ඇර?

දළදා නාමෙට උත්තර දෙනවද
මතු බුදු වන හාමුදුරුවනේ…//

හන්තානේ කඳු දණ ඇණ නමදින සිරි දළදා හාමුදුරුවනේ
ඔබවහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය මගේ දරුවා හමුදුවනේ kapuge
පිරුවට අන්දා ඇස් දෙක පියවා  ගෙන ආවලු හාමුදුරුවනේ
දළදා නාමෙට උත්තර දෙනවද මතු බුදු වන හාමුදුරුවනේ ….//

ඇඳිරිදුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැඳී සෙනගට අසුවුන මරු වැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙලුනේ
දහඩිය විකුණන හොර මැර නැති අප අකල් මරණ ගැන නැත දන්නෙ..//

කාලය දීපය දේශය දන්නා මතු බුදු වන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු හමුවුන නැති බව නැත දන්නෙ…
තුවාල සුදු රෙදි පටින් වසාගෙන උඩුකුරු වී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද කියන්න දැන්වත් ඇඳිරිදුනේ…// 

Wenas_wemu          ගීතය ලියල තියෙන්නෙ ප්‍රවීණ ගීත රචකයෙක් වන රත්න ශ්‍රී විජේසිංහ මහතා,වචන වලටම ඔබින විදියට සංගීතය සහ හඬ දායක කරල තියෙන්නෙ ගුණදාස කපුගේ මහතා.

තව කාරණයක් කියන්න ඕන.අද දවස විශේෂ දවසක්.ගුණදාස කපුගේ මහත්මය අපි අතරින් වෙන් වෙලා ගිහින් තියෙන්න 2003 අද වගේ දවසක.ඒ වගේ ශ්‍රේෂ්ට කලාකරුවෙක් සිහිකරන්නත් එක්ක තමයි මේ ගීතය ගැන ලියන්න හිතුනේ.ගුණදාස කපුගේ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට,වැඩ කරන මිනිස්සුන්ට  ගීත කියපු ගායකයෙක් කියල මේ ගීතයෙන් තවත් පැහැදිලි වෙනව.
                                       ගීතය බාගන්න මෙතන කොටන්න 

කපුගේ  ගැන ලියවිච්ච සාර්ථක ලිපියක් අස්වැන්නේ තියෙනවා ඒක බලන්න මෙතනින් යන්න!

18 March 2012

දේශ ද්‍රෝහියා මා දෙස බලා සිටී!

ගොඩක් දවසකට පස්සේ කවියට පොඩ්ඩක් සමු දීල වෙන දෙයක් ලියන්න කියල හිතුවෙ.සමුදීල කිව්වට මේ ලියන්න යන්නෙත් මට කියවන්න ලැබුණු කවි පොතක් ගැනම තමයි .
ඇත්තම කියවනවානම් මේක මට කියවන්න ලැබුණු ආන්දෝලනාත්මක කවි පොතක්.පොතේ නම තමයි “මාතෘකාවක් නැති මාතෘ භුමිය හෙවත් දෙමළ කවි “.කතෘ තමයි මංජුල වෙඩිවර්ධන .

කලාකරුවෙක් කියන්නේ සිංහලයෙක්වත් දෙමළෙක් වත් නෙමෙයි ඔහු සංවේදී මනුෂ්‍යයෙක් කියන අදහස මේ පොත පුරාවටම විහිදෙනව.මේ පොත ලියල තියෙනේ ද්‍රවිඩ දෘෂ්ටියකින් කියල කිව්වොත් මම නිවැරදියි.යුධ ජයග්‍රහණයෙන් පස්සේ අපි ජයගොස නැගුවා මිස දෙමළ මිනිස්සුන්ගේ දුක මොකක්ද කියන එක අමතක කරලා දැම්ම.කොටින්ම ඔව්න් මිනිස්සු කියන දේත් අපි අමතක කරල.ජයග්‍රාහී මානසිකත්වයෙන් සියලුම ද්‍රවිඩ මිනිස්සු දිහා අප්‍රිය බැල්මක් හෙලන්න තරම් අපි කුහක වෙලා.ඇත්තටම කිව්වොත් හැම දෙමළ මිනිහෙක්ම කොටියෙක් කියල කියන තැනටම අපි පත්වෙලා.ඉතින් මේ වාතාවරණය ඇතුලේ යුද්ධයෙන් දිනුවේ කව්ද??මේ කතාව දෙමළ කවි පොත පුරාවටම විහිදිලා තියෙනව.
        මෙන්න මේ මානසිකත්වය නිසාම සාමාන්‍ය ද්‍රවිඩ මිනිස්සු මුහුණ දුන්න අතිශය සංවේදී සිද්ධි ගොන්නක් මේ කවි වල නිමිති ලෙස දක්වල තියෙනව.
             “මඩකලපුව සිත්තන්ඩියේ දිගිලිවෙෛඩ රජයේ පාසලේ පහ වසරේ ඉගෙනුම ලැබූ දැරියක්,සෙබළුන් තිදෙනෙකු විසින් දුෂණය කරන ලදී.ඊට විරෝධය පෑ ගම් වැසියෙකුගේ මළ සිරුර පසුදා එහි පොකුණක තිබී හමුවිය"
                (44 පිට - සිත්තන්ඩි කඳුළු )

ත්‍රස්තවාදීන් විසින් සිදුකරන අපරාධ වලට වැරදි කරුවෝ නම් සියලු දෙමළ  මිනිසුන්ද?ඔව්නට යුක්තියකට ඉඩක් නැද්ද?ඔවුන් මනුෂ්‍යයෝ නොවේද?
මේ කවි පුරාවටම ඇත්තේ ඔවුන්ගේ අසරණකම නොවේද?
          
            මෙහි පසු ග්‍රන්ථයේ සඳහන් එක් කවියක් පෞද්ගලිකව මාව අතිශය සංවේදී කිරීමට සමත් උණා.
                                                   මම ලිඟුමාල වෙමි
සටහන - පොලිස් පාදඩයන් දස දෙනෙකු විසින් දුෂණය කරනු ලැබ අවසාන යෝනිය තුලට අත්බෝම්බයක් දමා පුපුරවාහැර අමානුෂිකලෙස මරා දැමු කොනේශ්වරී අම්පාරේ විසු තෙදරු මවකි.මෙම සිද්ධිය වුයේ 1996 ජුනි මාසයේදීය .එදා මෙම සිද්ධිය සැලවීමෙන් අකම්පිතව සිටි දකුණේ සිත වලට අද මෙම සිද්ධිය සම්පුර්ණයෙන්ම අමතකය.

අතගසාගෙන  නළලත
වෙසක් සඳ වැළපෙයි
ජනේලෙන් හොටු පෙරයි

ලඟපාත ගෙදරක තෙමගුල පිණිස නිම වූ
නෙලුම් මල් සත  තවම පරවී නැත .

පන්සීය පනස් ජාතක  එක්පතට සින්දා තැනු
නුතන වි-ජාතකයක විරිඳු සුරල් රාවය
විටින් විට තොරණකින්
ඈතින් ඇසේ.

මා ඉදිරියේ හිස්ම හිස්  කඩදාසියකි
කවියක් පිණිස ඇහැරී බලා ඉන්නා

එකෙණෙහිම 
පියඹා ආ මස් කැබැල්ලක්
කඩදාසියේ පතිතව
යෝනියක හැඩතල මවයි.
නිසැකවම ඒ කොනේශ්වරීගේ  විය යුතුය.

අම්පාර සිට කොළඹට
පියඹා එන්නට
මේ හැටි කාලයක්?

ඒ තරම් අපි ඈතය
දෑස කඳුලින් සීතය.

කඳුළු අතරින් මම
අංගුලිමාල නොව  ලිඟුමාල වෙමි
මට ඇඟිලි අනවැසිය  ඕනෑ පුරුෂ නිමිතිය.

බතින් වමතින්ගත් මස් කැබැල්ලෙන් යුතුව ද
දකුණතින් තරවැ ගත් තියුණු සැතකින් යුතුවද
නික්මෙමි.

මග දිගට හමුවන ගෙයින් ගෙට සන් කොට
සෑම සිංහල ලිඟුවම කපා හුයකින් අමුණමි
අවසානයේ මගෙත්
ආහ්…..

වේදනා දරා ගෙන
සමනොළ ගිර ගෙලට
ලිංග මාලය පළදමි.

නවතාලනු පිණිස මා
බුදු කෙනෙකු නැතියෙන්
නිසැකවම මෙය කල හැක.

සහෝදර සිත් නැති ,හැගුම් නැති
ජාතියක් කුමටද?

මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි
ඒ මත ලේ පැල්ලමකි
එය කවියකි
එත් එය දෙමලෙනි
සිහළුනට නොතේරෙන්නේ  එබැවිනි!
  
වරද සිහළුන්ගේද, දෙමළුන්ගේද මම නොදනිමි.නමුත් කොහේ හෝ වරදක් ඇත.එය තවම නිවැරදි වී නැත.සුපිරි පැලැන්තියේ ජීවත් වන දෙමළුන් හැර අනෙක් සියළුම දෙමළුන් අපිට බොහෝ ඈතය.සත්‍යය එය යැයි මට සිතේ.
                           අවසාන වශයෙන් මේ සම්බන්දව සංවේදී වන අතලොස්සක් සිංහලයන්ද දේශද්‍රෝහීන් කර ඇති බව පොතේ පසුවදනින් පිළිබිඹු වේ


“සිංහලයන්ගේ කොදෙව්වේ ,අනෙකාටද තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමේ අයිතිය සෑම විටම සමාන යැයි කියූ වරදට දේශ හිතෙයිශීන් විසින් පිටුවහල් කරන ලද දේශද්‍රෝහියා මා දෙස බලා සිටී”
     ඉන්දික උඩුගම්පොළ-පසුවදන





ප.ළි- පොත ගැන විස්තර කිව්වේ නෑනේ
පොත සූර්ය ප්‍රකාශනයක්  මිල රු.200යි.
          
            


අරුණැල්ල  බ්ලොගය ලියන අපේ නජාත් සහෝදරයාගේ නිර්මාණයට  ලයික් 1 ක් දාගෙනම යන්න!

21 February 2012

නුඹ

නමක් නොමැති ආලය ඔබ
පැණිරස අපුලව කෙල ගසන
කටුක තිත්ත දිවග තබන
පිපාසයට කඳුළුම බොන

නිදි නොලබා අහසට එන
තරු එළියෙන් පාර කියන
සඳක් වෙන්න ඉඩ ඇතිමුත්
තරුවක් වී පිපී වැනෙන

නෙක හැඩයට පාට ගෑව
රසම සුවඳ  සුළඟට දෙන
පිපී දිලෙන මල් අතරේ
පරමල් වල සුවඳ බලන

කවදාවත් සැබෑ නොවෙන
නිදිවර්ජිත හීන වලට
ඇඟිල්ලකින් පාට උලන
ළගට ඇවිත් මා සනසන…..

25 January 2012

පමා වූ පෙම්වත!

                            අද ඔබගේ මංගල රාත්‍රියයි .සඳක් වැනි ඔබගේ මුහුණ කඳුළු සේලයෙන් වැසී ඇත.ජීවිතයේ වැදගත්ම රාත්‍රියේදී ඔබ කඳුළු සලයි .තාරුකා වැනි ඇස් කඳුළු වලින්  තෙත් වී එහි කාන්තිය නැතිවී ගොසින්ය. රෝස පෙති වැනි කම්බුල් මතට කඳුළු බින්දු පතිත වේ.

        අද මා ගෙවන කටුකම රාත්‍රියයි.ඔබ මා ළඟ නැත.තනිකමේ සීතලෙන් මා මුසපත්ව සිටිමි.මම දෙනෙත් පියාගෙන ඔබේ උණුසුමට ගුලි වෙමි.

 

        **   “මෙලොව සිටින කිසිදු පෙම්වතෙක්

              දරාගත නොහැකි ශෝකයෙන්

              කිසිදාක කඳුලක් නොහෙළ බැවින්

              මටද ඇඬීමට නොහැක ..”

 

රෑ ඇඳේදී දකින සිහිනයක් නොවේ ජීවිතය.හෙට අළුත් දවසකි.අප දෙදෙනාම එයට මුහුණ දිය යුතුය.අද පටන් අප දෙන්නා දෙදෙනෙකි.

සියලු බාධක වලට අප අද පටන් තනියම මුහුණ දිය යුතුය.1sad_man

ලෝකයට නොපෙනෙන පරිදි  ඔබට හැඩීමට හැක්කේත් ,මට දුක් වීමට හැක්කේත් රාත්‍රියේදී පමණි. සඳ බැස යාමට ආසන්නය .රාත්‍රියද ගෙවී අවසන් වීමට ආසන්නය.ජීවිතය රාත්‍රියට වඩා දිගු එකකි. ඔබේ සිහිනයෙන් මට යන්න අවසර දෙන්න.

ඔබ මගේ සිතේ කොතැනක හෝ සදාකල්හිම රැදී සිටීවි.

අපගේ ප්‍රේම වෘක්ෂයේ ඉතිරිව මලක් නැත,තිබුණු එකම මලද වෙනකෙක් සතුය.ඇත්තේ කටු පමණකි.ඒ මල සිහිකරගෙන මම ඉතිරිව ඇති කටු සිප ගනිමි!

                 **   “ තියුණු විස කටු පොකුර

                       මත තබා මගේ දෙතොල

                       අවසාන වරට නුඹ සිප ගනිමි

                       හෙට ප්‍රභාතය  පිණිස ….”

 

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... ‍
රෝස පෙති කඩා හැලේ


කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යායුතුව තිබේ...


නින්ද නැති රැයේ...//


රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර  ඒ මගේ...


නින්ද නැති රැයේ...//


ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ

 

** උපුටනය :-  රත්න ශ්‍රී විජේසිංහයන්ගේ  සුභ උදැසන           කාව්‍ය සංග්‍රහය.(44  වන පිට "පමා වූ පෙම්වත")

                           

         

22 January 2012

නිවාඩු දවසක!

අමුතුම පුසුඹ සුළඟකි
ඉරිදාට කොටුව තුල
විදේශික බසකින් හැසිරෙන
කරදිය මිශ්‍ර සුළඟ
තට්ටුව කැඩී ගිය
ගල් බංකුවක් ලඟට
ඇවිත් දණගාන
කෙට්ටු හීනයක මම ඔබට
අමිහිරිම කටහඩින් කීව
සංකීර්ණම පෙමක් ගැන
සරල ගීයක් කියන

තැඹිලි පැහැ සිවුරක්
ඈතින් පොඩියට යන එන
වෙරළ මත භාවනාවට
කමටහන් සොයා ඇවිදින
වැඩ ඇරී ගෙදර යන ඉර
අළුතෙන් පැහැ තැවරීය
අඳුරු වී ගිය සිවුරත



ගල් බංකුව උඩ
තරුකැට හතරකි
නිරුත්තර පැනයකට
විසදුම් සොයා වෙහෙසෙන
අඳුර වැටෙන තුරු කල්මරන
පනින්නට හිස් අහසට !

IMG_5727

10 January 2012

කුණුහරුප නොවේ !

පහුගිය දවසක අපේ යාලුවෝ ටික දෙනෙක් අතර ඇතිවුන කතා බහක් තමයි අද ලිපියට මුල් වෙන්නේ.මුලින්ම කියන්න ඕන මේවා ඒ යාලුවන්ගේ හෝ මාගේ අදහස් නෙමෙයි .ඒවා ඒ ගොල්ලන්ටත් අහන්න ලැබුණු දේවල් .(මතක් වෙනකොටත් හිනා යනවා Open-mouthed smile)
                    හරි ! මේකයි කරණය !
අපේ සමහර ගීතවල යටි අර්ථ ගැන තමයි අපි කතා කරේ.ඇත්තටම සමහරක් කතා නම් ඇත්තටම වටිනවා.එත් සමහර අදහස් නම් පිළිගන්න අමාරුයි(පිළිගන්න බෑ නෙමෙයි ).මම අද කියන්න යන්නෙත් අන්න ඒ වගේ සින්දු 2 ක් 3 ක් ගැන.
ඔයාල අහල ඇති එඩ්වඩ් ජයකොඩි මහත්මය ගයනා කරන “සිරි යහනේ ලණු ඉහීරී සුසුම් හෙලන රෑ…..”ගීතය.ඒ ගීතය ලියල තියෙන්නේ ලුෂන් බුලත්සිංහලයන්.ටිකක් ආන්දෝලනාත්මක ගීත ලියපු රචකයෙක්නේ. (දම් පාටින් ලා සඳ බැස යනවා….,කොළොම්තොට..වගේ ගීත )
  හරි !මම කිව්වේ සිරි යහනේ... ගීතය ගැනනෙ!මට දැනගන්න ලැබුණු විදියට මේකෙන් කියවෙන්නේ තරුණවිය ඉක්මවපු තනිකඩ පිරිමියෙක් රාත්‍රියේදී (කියන්නත් ලැජ්ජයි Smile)ස්වයං වින්දනයේ යෙදෙන සිදුවීමක්ලු!(කුණුහරුප කියනවා නෙමෙයි හොදේ  Smile with tongue out,ඕකට මම දන්න සභ්‍යම වචනය තමයි කිව්වේ ).මේ අදහසට හේතුව තමයි ඒ ගීතයේ මුල් පද කීපය.

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුණු දැලින් සිරි සිරියෙ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පුදින්නේ //

නාරිලතා මල් දැක්කම තාපසයන්ගේත් දැහැන් බිඳෙනවා කියල අහල  ඇතිනෙ.
ඔන්න ඕක තමයි කතාව.බැලුවම ඒක එහෙම නොවෙන්නත් බැරි කමක් නෑ. එත් ලුෂන් බුලත්සිංහල මහත්මය කියල තිබුන පුවත්පතකට එකෙන් අදහස් වෙන්නෙ තනිකඩ පුද්ගලයෙක්ගේ කාන්සිය,පාළුව කියල.මටත් ඉතින් හිතෙන්නෙ එහෙමයි මුළු සින්දුවම ඇහුවම.(අර විදියට නොහිතෙනවා නෙමෙයි Open-mouthed smile)
මේ සින්දුව මුලින්ම අමරදේව මහත්මයටලු දීල තියෙන්නේ එත් සින්දුවේ යටි අර්ථය දැනගත්තම එතුමා සින්දුව ගායන කරන ඒක ප්‍රතික්ෂේප කරාලු.(මම නම් දන්නේ නෑ ,ඔය එක එක්කෙනා කියන්නේ)

                           දෙවැනි සිද්ධිය තමයි කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා ගයන “ගහක මල් පිපිලා “ ගීතය.මේ ගීතය ලියල තියෙන්නේ යමුනා මාලනී පෙරේරා කියන ප්‍රවීන රචිකාව.දැන් කට්ටිය කියන විදියට ඕකෙන් කියවෙන්නේ සමලිංගික ප්‍රේමයක් ගැනලු.Open-mouthed smile(මම නෙමෙයි කියන්නේ ).එකට හේතුව තමයි මෙන්න මේ පද පේලි ටික
සඳට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්           
හිරුට පෙම් බැඳී එකදු තරුවක් සිටිය නොහැකිද යම්
ලොවට නොපෙනෙන මගේ  ප්‍රේමය ඒ වගේ මනරම් …..

මේ පේලි ටික විතරක් ගත්තම ඔය අදහස ඉස්මතු නොවෙනවා කියන්න බෑ(ඉරත් තරුවක්නේ).එත් පද රචිකාවියක්  ඕක අදහස් කළා කියල මට නම් පිළිගන්න අමාරුයි.(අපේ රටේ).

  
                        අනිත් කතාව තමයි චාමර වීරසිංහ ගයනා කරන “තිස්ස වැවේ ඉවුර ලඟට…” ගීතය.මෙන්න මේකේ අන්තිම පද 4නුත් අදහස් වෙන්නේ අර “සිරියහනේ ලණු ඉහීරී “ ගීතයේ අදහසට සමාන අදහසක්ය කියල තමයි මට දැනගන්න ලැබුනෙ.Open-mouthed smile.
          ගීතයේ අන්තිම පද 4 තමයි
……..ඉරුණු සරමේ හිල් වැහෙන්න දෙපොට දමා ඇඳ ගත්තා
          හිතේ මැවුණු සොඳුරු හැගුම් සොරොව් කටින් එපිට ගියා…
ඔය පද ටිකෙනුත් අර අදහස ඉස්මතු නොවෙනවා කියන්න බෑ වගේ .
එත් මුළු ගීතය ගත්තම ඒ අදහස ඉස්මතු වෙන්නේ නෑ(මාගේ තර්කයට අනුව).
           
                           විශේෂයෙන්ම කියන්න ඕන මේවා මාගේ යාලුවන්ගේ හෝ මාගේ පෞද්ගලික අදහස් නෙමෙයි.අපේ සමාජයේ තිබෙන මතවාද.නමුත් කව්රු මේ අදහස් ප්‍රකාශ කලත් ඒවා වැරදියි කියන්න පෞද්ගලිකව මට නම් අයිතියක් නෑ.මම මේ ලිපිය ලියන්නේ ඒ අදහස් ගරහන්න නෙමෙයි.මට ඒ අදහස් පිළිගන්න අමාරුයි කියන්න.නමුත් මේ වගේ සියුම් මොළ තියෙනවද කියල මට නම් වෙලාවකට හිතෙනවා ඔය වගේ අර්ථයන් ගීතයකින් මතුකරගන්න තරම්(අදහස වැරදි උණත් නිවැරදි උණත් ).කොහොම උණත් බුදු බණේත් කියල තියෙනවනේ තමන්ගේ සිහි නුවණින්  කල්පනා කරලා බලල ඕනෑම දෙයක් පිළිගන්න කියල.අපිත් ඒ ආදර්ශය හිතට ගමු!
 එහෙනම්  තවත් පොස්ට් 1 කින් හම්බවෙමු !
                                         ජය වේවා !


ප.ලි- *ගීත වල පද පේලි උඩ කෙටීමෙන් එම ගීත බාගත හැක
        *මෙමගින් මාගේ හෝ මාගේ මිතුරන්ගේ පෞද්ගලික අදහස් නිරූපනය නොවන බව සලකන්න.
         *දෝෂරෝපණයක් ඇත්තම් එයද පවසන ලෙස ඉල්ලා සිටිමි .



  


      

05 January 2012

දිරිය කත!

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනව මුලින්ම . අලුත් අවුරුද්දේ  වැඩ අල්ලන්නයි මේ ලේස්ති වෙන්නෙ. මේ ලගදි මම තුමාට ගීතයක් අහන්න ලැබුණ.කලින් අහල තිබුණට මේකේ lyrics බැලුවේ නම් ලගදි.ඒ කිව්වේ ඊයේ පෙරේද !මගේ යාලුවෙක් තමයි මාව දැනුවත් කරේ මේ ගැන .
           
මෙන්න පද මාලාව ..

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද...
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද.
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද...



දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...


තබා දෙතොල ඉඳික‍ටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල..
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ
..


පද රචනය රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගේ ,සංගීතය රෝහණ වීරසිංහයන්ගේ .ගීතය ගායනය කරන්නේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය.

           1978  විවෘත ආර්ථික පනතත් එක්ක අපේ රටේ ආරම්භ  උණා  නිදහස් වෙළඳ කලාප කියල ජාතියක්.මේවයේ ප්‍රධානම වෙළඳ භාණ්ඩය උනේ ඇඳුම්.කොටින්ම සුද්දන්ට ඇඳුම් මැසීම තමයි අරමුණ. මේවට ගම්බද තරුණියෝ සැහෙන්න පිරිසක් ඇදිල අවා.ඒත් ඔවුන්ගේ නොදැනුවත් කමෙන් ප්‍රයෝජන ගත්තු සමහර පිරිස් නිසා ඔවුන්ගේ සමාජ පිළිගැනීම නැති වෙලාම ගියා.ඔවුන් වෛශ්‍යාවන් ගානටම දාල  කතා කරපු කාලයක් තිබුණ.
              නොයෙක් අග හිඟ කම නිසා රැකියාවට එන මේ  තරුණියෝත් බොහොම සංවේදී කාන්තාවන් .මුල් පද පේලි වලින් ඉස්මතු වෙන්නෙ ඒ දේ  කියලයි මට හිතෙන්නේ.
           ගම්බද මේ කාන්තාවෝ මුහුණ දෙන අපහසුතා ව්‍යංගාර්ථයෙන්  දෙවැනි verse  එකේදී  මාර ලස්සනට කියල තියෙනව.ඉර හඳ දෙක කියල අදහස් කරන්න ඇත්තේ දෙමව්පියෝ .ඔවුන් දෙදෙනා මහළුයි කියල අදහස් වෙනව “දුඹුල් බැඳී" කියන කොටසෙන්.මේ දරුවන්ටත් නිසි අධ්‍යාපනයක්‌ ලැබිල නෑ.ගෙදර ලිපේ ගින්දර ඇවිලෙන්නේ නෑ.ඇවිලෙන්නේ හිතේ ගින්දර විතරයි.
දුකක් තේරුම් ගන්න බැරි කෙනෙක් කාන්තාවක් වෙන්න පුළුවන්ද?ඉතින් මේ දුක තේරුම් අරගත්ත ඇය නියම කාන්තාව නොවේද??
        මේකේ අන්තිම verse 1 දකිද්දී නම් මට මතක්‌ වෙන්නේ බූන්දියේ කියවපු කවියක්!  මෙතනින් යන්න එක බලන්න .
නූල් පටකින් ඇය ගෙදරක් ගොඩ ගන්න හැටි කොච්චර නම් සංවේදීද?මේකෙන් නිරුපනය වෙන්නේ එක පවුලක කතාවක් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ.අපේ රටේ ආර්ථිකයට ඇඟලුම් සේවිකාවන් කරන දායකත්වයත් මේකෙන් නිරුපනය වෙනව.
     ඔවුන්ගේ සේවයට අපේ උත්තමාචාරය !

   
mp3 එක මෙතනින්  බාගන්න

              ජය වේවා !

24 November 2011

වැහි වලාකුළු !

කළු කැත වැහි වලාකුළු
හිතන්නටවත් පුළුවන්ද
නුඹ රැගෙන ගිය වගක්
පෙම් හසුනක් කුමරියකට
හමුවන දවසේ අප
දෙබැම හකුළුවාගෙන
කඩා පනින්නට බලා ඉන්නා
වෙරළ උද්‍යානයට !

පෙම් කරන්න නොලැබුණු දුකට
බලා ඉන්නවා වත්ද !
යන්තමට කඳුළු බිඳු සලමින
ඇහැට ඇඟිල්ලෙන් අනිනතුරු
ඉකිගසා අඬන්නට. 

ප්‍රේමයටත් ලන්සු වැටෙන
මේ දේශයෙන් ඉහලට යන
ජල වාෂ්පත් කුහකද
ඒ තරමටම ?

ලිංග විපර්යාස පමණක්
වෙනස් කළ නොහැකිය කියන
ව්‍යවස්ථාවේ තෙදට නුඹ නතුද
නවතන්න අවසර වැසිදිය
පනත් කෙටුම්පත් අනුවමද ?

ටිකක් නවතින්න වැහි වලාකුළ
දෙන්න අපහට මඳකට අවසර
අඳිමුද අඳිමුද ! රිදී පාට ඉර
කැපීපෙනෙන ලෙස නුඹේ ඇඟමත !

PartlyCloudy