09 January 2013

ජනප්‍රිය සංස්කෘතියේ යටිබඩ අතගෑම : HoTel CaliFornia

Eagles සංගීත කණ්ඩායම

1970තරම් ඈත යුගයක වුවද ධනවාදී සමාජ ක්‍රමයක් මගින් කළා ක්ෂේත්‍රයේ පුද්ගලයෙකුගේ ආත්මය සූරාකෑමේ ඛේදවාචකය ඇමරිකාව තුල දක්නට හැකිවිය.එකී හෘදසාක්ෂියේ  හඬ එම යුගයේ කරලියට බට ඊගල්ස්(Eagles) නම් රොක්(Rock) සංගීත කණ්ඩායමෙන් ප්‍රතිරාව දේ.
“Hotel California ගීතය තුලින්  අප දෘශ්‍ය කිරීමට උත්සහ දැරුවේ 70 දශකයේ ‘ඇමරිකානු සිහිනයේ' අඳුරු යටිබඩ හා සංගීත ක්ෂේත්‍රයේ පැවති දුරාචාරය යි.”
              ඒ Hotel California ගීතයේ රචකයා වූ ඩොන් හෙන්ලි (Don Henly) ගේ වචනයි.
On a dark desert highway,cool wind in my hair
Warm smell of colitas , rising up through the air
Up ahead in the distance,I saw a shimmering light
My head grew heavy and my sight grew dim
ඒ,සියල්ල වෙළඳ භාණ්ඩ බවට පත්වූ මනුෂ්‍යත්වයෙන් තොර සමාජ කාන්තාරයක් යන වෙහෙසකර ගමනේදී ක්ෂේම භූමියක් සේ පෙනෙන මිරිඟුවක්,ඉදිරියෙන් ඇති බවට හඟවන මාර්ග සංඥා ය.එය ගත සනහන සීත සුලන් රැල්ලකි.විටෙක සීතලට ගැලපෙන උණුසුම් මාරිජුවානා ගන්ධයකි.මේ පොපියන සංවේදනයන් තුල හැඟීම් වලින් හිස බරවන අතරේම බුද්ධියේ පෙනීම හීන වේ.
“මිනිසෙකු විසින් ජීවිතයේදී අත්දැකිය හැකි භයානක දේවල් දෙකකි.එනම් ගැහැණිය සහ මත්ද්‍රව්‍ය යි.”
                එසේ කියන්නේ මෙමෙ ගීතයට හඬ මුසුකරන Don Felder ය.
Then she lit up a candle and show me the way
අපායක් විය හැකි දිව්‍යලෝක තුල තමන්ට ආශ්වාස කිරීමට ඔක්සිජන් වුවද සැපයීමට සුදානම් කාන්තාවන් සිටියි.එය,එකට කොක්ටේල් එකක් පානය කිරීමේ අවමයේ සිට ගංජා කුරක ආලෝකයෙන් සුඛාන්ත ලෝකයේ අඳුරු මුළු පෙන්වීම දක්වා දිගු වේ.
            ඇමරිකානු ජනප්‍රිය සිහිනයේ ගිලී සුඛාන්තය කර යන ගමනේදී ඔවුන් වඩ වඩාත් අතෘප්තිකර වේ.මධ්‍යසාර යෙන්  ඔවුන්ගේ උගුර තෙත් නොවේ, කෙතරම් අභිසුරුලියන් හමුවේ වුවද ඔවුන්ගේ රාගය නොසන්සිඳේ.අසහනකාරී බවේ හි තුඩ වෙලාවක් අවේලාවක් නොමැතිව පපු තුලට කිඳා බසී.නින්ද අවශ්‍යම කටුක රාත්‍රියයන්ගේ දී පවා නින්දෙන් අවදි වීමට ඔබට බලකරයි.(Wake you up in the middle of the night just to hear them say…)
          ජීවිතය සොයා යන්නවුන් අවසානයේ තමන්ගේ අතෘප්තිකර ජීවිතය තුල ආත්මීය වශයෙන් සිරගත වේ.(We are just prisoners here of our own device).
අවසානයේදී ධනවාදී සමාජ ගංගාවේ තමන්ට අහිමි වූ තමන්ම ම සොයා ඇවිදින්නට ඔවුන්ට සිදුවේ.බොහෝ දෙනා එසේ සෙවීම අතහැර දම ඔහේ පාවී යන අතර එතරම් සැඩ පහරක වුවද උඩුගම් බලා පිහිනන්නට පොර බඳින  එකෙක් දෙන්නෙක් නැතුවා නොවේ.එසේ වුවත් එකී හැම අවස්ථාවකදී ම සිදුව ඇත්තේ ‘මෙයින් නික්මීම මරණය පමණක්ය’ යන්න ඔවුන්ට සිහිගන්විම පමණි.මේ ඔවුන්ගේ ශෝකාලාපයයි……
Last thing I remember I was, running for the door
I had to find the passage back to the place I was before
Relax said the night man we are programmed to receive
You can check out anytime you like but you can’t never leave…
මඟ දිගට ටෙලිවිෂන් කුණු බක්කි අවුස්සමින් දිනක් පහන්වන ඇසිල්ලෙහි සියලු ක්ලේශ නසා රියලිටි තරුවක්  වීමට අතදරුවාගේ පටන් පොරකන සමාජයකට උචිතම තැන Hotel California නොවේද?

Hotel CaliFornia audio


 

29 comments:

  1. සෑහෙන කාලෙකින් බ්ලොග් පැත්තේ ඇවිත්.. මාත් ආසම සිංදුවක් මේකනම්..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් අයියේ මේ දවස් වල සැහෙන්න වැඩ.එත් මීට පස්සේ දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා! :)

      Delete
  2. බලාගෙන ගියාම Hotel California සින්දුව ගැන මං හිතාගෙන ඉඳල තියෙන්නෙ වෙනස්ම විදිහකටන...

    /*
    මඟ දිගට ටෙලිවිෂන් කුණු බක්කි අවුස්සමින් දිනක් පහන්වන ඇසිල්ලෙහි සියලු ක්ලේශ නසා රියලිටි තරුවක් වීමට අතදරුවාගේ පටන් පොරකන සමාජයකට උචිතම තැන Hotel California නොවේද?
    */

    +++++++

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සින්දුවක නොයෙක් තේරුම් අහන කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්.අපිට ඒ එකක්වත් බැහැර කරන්න බෑ.එත් රචකයා අදහස් කරේ මේක කියල තමයි කියන්නේ :)
      ස්තුතියි මචන් අදහසට!

      Delete
  3. ආසම ගීතයක අපූරු විස්තරයක්. පහලින් තියෙන ගීතය නම් වැඩ නැත.

    ReplyDelete
    Replies
    1. මේ ගීතයට හැමෝම වගේ කැමතියි සහ හැමෝම මේකේ වචන දන්නවා.ලෝකේ වැඩිම පිරිසක් දන්න සින්දු වලින් මුල් ස්ථාන 5 ඇතුලේ මේකත් තියෙනවා මන් හිතන්නේ!
      ලින්කුව වැඩ නැතුව තිබිල ඔන්න හැදුව ;)

      Delete
  4. මමත් මේච්චර දවස් හිතාගෙන ඉදලා තියෙන්නෙ වෙනස් විදියකටනේ. හ්ම්ම්ම්.

    ReplyDelete
    Replies
    1. ඒ විදියත් මොකක්ද කියල කියලම ගියා නම් තමයි හොඳ ;)

      Delete
  5. මං නං ඔච්චර හරියක් දැනං හිටියේ නෑ.. බොරු මොකටද.. හි හි

    ReplyDelete
    Replies
    1. සින්දුවක් රස විඳින්න ඔච්චර දේවල් දැන ගන්නම ඕන නෑ.එත් දැනගත්තම රසය වැඩියි! :)

      Delete
  6. ඊගල්ස්ලගේ හොටෙල් කැලිෆෝර්නියා වගේම ඩෙස්පරාඩෝ ගීතයෙත් යටි පෙළේ තියෙන්නේ ධනවාදයේ අදුරු ශෝකාන්තය. මගෙත් ප්‍රිඅයතම ගීයක්.

    ReplyDelete
    Replies
    1. ඩෙපරාඩෝ ගීතයටත් ආස උනාට එකේ වචන තේරෙන්නේ නෑනේ.ඒ නිසා අදහසක් ගන්න අමාරුයි.එත් මමත් අහල තියෙනවා එකෙත් ලොකු තේරුමක් තියෙනවා කියල.චිත්‍රපටයෙත් අසන්න වශයෙන් එහෙම තේමාවක් නේ තියෙන්නේ!
      ස්තුතියි මිත්‍රය!

      Delete
  7. මම ආසම සින්දුවක්... ක්ලැසිකල් ගිටාර් පන්ති යන අයටත් අභ්‍යාසයක් විදියට ඔය ගීතය ප්‍රැක්ටිස් කරන්න ලැබෙනවා..

    27 ගම්පහ එනවා නේද ? විස්තර කාමරෙන් බලන්න...

    ReplyDelete
    Replies
    1. මේකේ ගිටාර් පාර්ට් 1 තමයි පට්ට!විනාඩි 5ක් විතරම යනවනේ ගිටාර් 1 විතරක්.
      27 බොහෝ දුරට එන්න ලැබේවි මචන්!දවස් ලං වෙලා හරියටම කියන්නම්! ;)

      Delete
  8. මේ ගීතය මගෙත් ප්‍රියතම ගීතයක්. ඒත් මටත් මේ ගීතය ගැන තිබ්බෙ වෙනස් අදහසක්.

    ReplyDelete
  9. මගෙත් ප්‍රියතම ගීතයක් උනත් මාත් මෙච්චර කල් ඒ ගීතය ගැන හිතාගෙන හිටියෙ වෙනස් විදිහකට.

    ReplyDelete
    Replies
    1. ඒ වෙනස් විදියත් මොකක්ද කියල කිව්වනම් තමයි හොඳ!:)

      Delete
  10. ගීතයක අදහස අමුවෙන් දීමෙන් එහි වටිනාකම ගිලිහෙනවා. වඩාත් සාර්ථක නිර්මාණයකට දෙන විචාර එකිනෙකට වෙනස් ආකාර දහස් ගණනකින් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නොදකින සහ නොපෙනෙන පැත්තක් ඔබ පෙන්වන්න උත්සාහ කර තිබෙනවා.

    රැඩිකල්වාදය පිලිබඳ එතරම් විශ්වාසයක් නැතත්, ඔබේ අර්ථ දැක්වීමට සම්පුර්ණයෙන් එකඟ වෙනවා. කාලයක් නිහඬව ඉඳලා හොඳ, වැදගත් සහ අර්ථාන්විත නිර්මාණයක් ඉදිරිපත් කිරීම පිළිබඳව සතුටුයි සහෝදරයා.

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ගීතයක අදහස අමුවෙන් දෙන එක අපිට කරන්න බෑ!එක අඩුම ගණනේ ගීත රචකයටවත් කරන්න බෑ.මොකද එකෙන් තව කෙනෙක්ගේ රස වින්දනයට බාධා වෙන්න පුළුවන්.
      මේකත් එක අදහසක් පමණයි.

      Delete
  11. කාලෙකට පස්සේ වැඩකට අත ගහලා..

    ඊගල් සංගීත කණ්ඩායම රොක් සංගීත කණ්ඩායමක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් කාලෙකින්!මීට පස්සේ නම් දිගටම ලියනවා.
      ඊගල්ස් ල වැටෙන්නේ ක්ලැසික් රොක් කියන ගණයට!

      Delete
  12. ගැඹුරු අර්ථයක් ගැබ් වුනු ගීතයක් නේ.
    මොකද බ්ලොග ලියනවා අඩු දැන්..

    ReplyDelete
  13. මේ දවස් වල පොඩ්ඩක් කාර්ය බහුලයි බන්!
    මීට පස්සේ නම් දිගටම ලියනවා!:)

    ReplyDelete
  14. සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එක මතක් වුණ එක නම් සතුටක්.

    මට නම් මේ ගීය හරහා මතුවන්නේ පුංචි විරෝදාකල්ප අත්දැකිමක් ගියට මුසුව ඇති ආකාරයයි. බටහිර ලෝකයේ ජනප්‍රිය සංස්කෘතිය හරහා ඇතිව සමාජ වෙනස්කම් ගිතවලට නැගෙන්නේ අඩුවෙන් එහෙම ගිතයට නැගෙන අවස්ථාවන් පවා කතාබහට ලක්වන්නේ කලාතුරකින්. විශේෂයෙන්ම බටහිර ගීතයේ සමාජ විමසීම නැතහොත් විරෝධාකල්පය අනෙක් රටවලට ව්‍යාප්තවන්නේ මේ නිසා..

    ඉතාමත් හො ආරම්භයක් ගෙන දෙන සටහනක්.

    ReplyDelete
  15. අතිශයින් ප්‍රමාද වී හෝ පැමිණියා. නමුත්, ඔබ කාලයකින් ඇවිත් නැහැ වාගේ....

    //අවසානයේදී ධනවාදී සමාජ ගංගාවේ තමන්ට අහිමි වූ තමන්ම ම සොයා ඇවිදින්නට ඔවුන්ට සිදුවේ.බොහෝ දෙනා එසේ සෙවීම අතහැර දම ඔහේ පාවී යන අතර එතරම් සැඩ පහරක වුවද උඩුගම් බලා පිහිනන්නට පොර බඳින එකෙක් දෙන්නෙක් නැතුවා නොවේ.එසේ වුවත් එකී හැම අවස්ථාවකදී ම සිදුව ඇත්තේ ‘මෙයින් නික්මීම මරණය පමණක්ය’ යන්න ඔවුන්ට සිහිගන්විම පමණි.මේ ඔවුන්ගේ ශෝකාලාපයයි……//
    +++++++++++++++

    ReplyDelete
  16. මමත් මේ ගීතය ගැන (වෙනස් විදිහෙ) පොඩි සටහනක් දැම්මා http://jemasplace.blogspot.com/2013/07/hotel-california.html මෙතන ...උඹේ බ්ලොගට ආපු පලවෙනි වතාව....දිටම එන්න හිතුනා උඹේ පොස්ටු දැකල

    ReplyDelete