Showing posts with label නිසඳැස්. Show all posts
Showing posts with label නිසඳැස්. Show all posts

15 April 2022

එරබදු!


අවුරුද්ද වෙනුවට අරගලය තෝරාගත් සහුර්දයින් තවමත් ගාලු මුවදොර පිටිය තනි නොකර, නිවෙස්වල සිටින කිරිබතක් උයා කැවිල්ලක් කන අප සැමගේ ජිවිත වල දිශානතිය තීන්දු කරන සටනක නියැලී සටින මොහොතක නිකන් අවුරුදු නෑ වගේ හැඟීමක් නොවලකණු හෙයින් මෙසේ සටහනක් ලියන්නට ඉටා ගතිමි. 

 නාම මාත්‍රික නිදහසකින් අවරුදු 74ක් ඉකුත් වූ පසුවද අප සිටින ආස්ථානය කුමක්ද යන්න තෝරා ගැනීමට සමීකරණ ප්‍රමේයයන් අනවශ්‍යය. කෙසේ වෙතත් වසර 74ක් තිස්සේ අතු ඉති ලමින් පමණක්ව උස්වුන ලාංකීය වෘක්ෂ රාජයාගේ අතු ඉති මුදුනින් එරබදු කැකුලක් හටගෙන තිබේ. එහෙයින් එය තවදුරටත් නිර්-ඵල වෘක්ෂයක් නොවනු ඇත. මක් නිසාද මල් පිපෙන ගසක ගෙඩි හට ගැනීම ස්ථිර බැවිනි.ඉතින් මිතුරනි මෙය පරාගණයට කාලයයි! 

මිත්‍ර වරුනි ගස අඩි විසි පහක් ඇතී 
පත්‍ර විතරමයි ගෙඩි මල් කිසිත් නැතී 
වෘක්ෂ දේවතාවොත් පිට මග ම යතී 
මුත්‍ර කරන්නට විතරක් මුලට එතී 

සාර සුබාවට ගස වැඩෙමින් රුවට 
සාර සියක් අතු ඉති වැනුණත් අවට 
බෝධි සත්වයින්ගේ හෙවණට ඉහට 
බෝධි රාජයෙක් වනු බැරි විය ගහට 
නීල වර්ණ නිල් චාමර කොළ තුරිනේ
මෝදු වුණයි රතු කැකුළක් ගස මුදුනේ 
පාරමිතා මිණිමුතු වී මල පිපුණේ 
යාළු, එයට ‘එරබදු’ යන නම ලැබුණේ 

රනේ රුවට රන් කිරුළක අන්දමට 
පෙනේ සුරත් මල ගහ උඩ තුන් යමට 
මලේ වරුණ පවසන මහ පිංකමට 
අනේ යෝද බල ලැබියන් දරුවන්ට 

ඉතින් යහළුවනි මල් පිපුණොත් ගසක 
සැකක් නැතිය පලයක් හට ගනු නිසැක 
සිතින් අත නෑර මල් වල මුදු මෙළෙක 
වරෙව් පරාගණයට රොද බැඳ හනික 

 [සුබ උදෑසන - 1988] රත්න ශ්‍රී විජේසිංහ

01 March 2018

තනිකම...

අඳුරු මීදුම අඳුරු සිත වට
සීත සුළඟට දැනෙයි තනිකම
අඳුරු අහසත වලාකුළු මත
රිදී පාටට සිහින ඇන්දුව
කුරුල්ලෝ දැන් වරෙව් තනියට,

අහම්බෙන් එක මාසේ මුල්ලක
ගමට පියඹා යන්න ආ සඳ
වෙරළු ගස් යට හීන ඇහිළුව
ළමා රෑනක හඬ ඇසෙයි ළඟ,

අඳුරු මීදුම අඳුරු සිත වට
සීත සුළඟට දැනෙයි තනිකම
පියාඹා විත් හීන හිරිකඩ
අහස ගුගුරා වැටෙයි හිත ළඟ..

11 September 2012

11 වන පැය සහ මම!

                 11 වන පැය ගැන බ්ලොග් ලියන හැම දෙනාම දන්නවා ඇතැයි සිතනවා.11 වන පැය කියන්නේ සාමුහික කාව්‍ය සංග්‍රහයක්.කවි කිවිඳියන් 500 කගේ නිර්මාණ ඇතුලත් ග්‍රන්ථයක්.රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, ලාල් හෑගොඩ,ආරියවංශ රණවීර වැනි ප්‍රවීන කවීන්ගේත්,නව පරපුරේ කවි කිවිඳියන් ගේත්,නිර්මාණ මෙයට ඇතුලත්ව තිබුණා.
                 බ්ලොග් කරුවන් අතරිනුත් අපි දන්නා අදුරන බොහෝ පිරිසකගේ කවි මෙයට ඇතුලත් අරුණැල්ල බ්ලොගය ලියන නජාත් සොයුරාගේ,අකීකරු හිත ලියන දිනිති අක්කගේ,ඉර ඇහැරෙන ඉසව්ව ලියන නෙරන්ජි සුලක්ඛනා අක්කගේ නිර්මාණත් මෙයට ඇතුලත්ව තිබුණා.
                 සාමුහික කවි පොතක් එළිදැක්වීම යන තේමාවෙන් එහාට ගිය පුළුල් අරමුණක් වටා 11 වෙනි පැය එක්රොක් වෙනවා.නවක පරපුරට භාෂා දැනුම ලබාදෙන භාෂා සාහිත්‍ය ඇකඩමියක් පවත්වන එක  ඔවුන්ගේ මුලික අරමුණක්.ඇත්තටම එය කාලීන අවශ්‍යතාවක්.ඉතින් ඒ සත් ක්‍රියාව සඵල කරගැනීමට අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබෙන්න කියල අපි පතමු.
               පොස්ටුව ලියන්න හිතුනේ මගේ නිර්මාණයකුත් 11 වන පැයේ ඇතුලත් උනා.මුද්‍රිත මාධ්‍යයක මගේ නිර්මාණයක් ඇතුලත් උන පළමු අවස්ථාව මේක නිසා ඒ ගැන පොස්ටුවක් දාන්න ඕන කියල හිතුනා.




දේවිකා


උඩ බොත්තම් දෙකම ඇරුන
හැට්ටය තුලින් වරින් වර
නුඹේ දුප්පත් ලැම දකිමි මම
චතුරංගනී සේනාවකට
ජිවය පොවන්නට
hut-poor-women-child-streetකිරි තියේදෝ ඔය තනයේ?

අනෝතප්ත විල් පසුකර
දිය කෙළියට යන ගමනේ
මනරම් හිමිදිරි උදයේ
දහසක් බුදු, බුදු වෙනවා
දුටුවේ නැතිද දේවිකා?

තාර ශීට් කුඩ හෙවනට
නුඹේ මදහස අඩු නොවුණා
ඉටිකොළ අස්සෙන් ගෙට එන
පිණි බිඳු දැක
නුඹේ හීනය තෙත් නොවුණා

කැක්කුම් දෙන සීත සුළඟ
එක මිටකට අල්ලාගෙන
හැමදාමත් නුඹේ හීනය
දරුවන්ගේ මංගල්‍යය
හැමදාමත් නුඹේ හීනය
වැහි නැති හිස් අහසක් මත…


(212 වෙනි පිටුව)

21 February 2012

නුඹ

නමක් නොමැති ආලය ඔබ
පැණිරස අපුලව කෙල ගසන
කටුක තිත්ත දිවග තබන
පිපාසයට කඳුළුම බොන

නිදි නොලබා අහසට එන
තරු එළියෙන් පාර කියන
සඳක් වෙන්න ඉඩ ඇතිමුත්
තරුවක් වී පිපී වැනෙන

නෙක හැඩයට පාට ගෑව
රසම සුවඳ  සුළඟට දෙන
පිපී දිලෙන මල් අතරේ
පරමල් වල සුවඳ බලන

කවදාවත් සැබෑ නොවෙන
නිදිවර්ජිත හීන වලට
ඇඟිල්ලකින් පාට උලන
ළගට ඇවිත් මා සනසන…..

22 January 2012

නිවාඩු දවසක!

අමුතුම පුසුඹ සුළඟකි
ඉරිදාට කොටුව තුල
විදේශික බසකින් හැසිරෙන
කරදිය මිශ්‍ර සුළඟ
තට්ටුව කැඩී ගිය
ගල් බංකුවක් ලඟට
ඇවිත් දණගාන
කෙට්ටු හීනයක මම ඔබට
අමිහිරිම කටහඩින් කීව
සංකීර්ණම පෙමක් ගැන
සරල ගීයක් කියන

තැඹිලි පැහැ සිවුරක්
ඈතින් පොඩියට යන එන
වෙරළ මත භාවනාවට
කමටහන් සොයා ඇවිදින
වැඩ ඇරී ගෙදර යන ඉර
අළුතෙන් පැහැ තැවරීය
අඳුරු වී ගිය සිවුරත



ගල් බංකුව උඩ
තරුකැට හතරකි
නිරුත්තර පැනයකට
විසදුම් සොයා වෙහෙසෙන
අඳුර වැටෙන තුරු කල්මරන
පනින්නට හිස් අහසට !

IMG_5727

24 November 2011

වැහි වලාකුළු !

කළු කැත වැහි වලාකුළු
හිතන්නටවත් පුළුවන්ද
නුඹ රැගෙන ගිය වගක්
පෙම් හසුනක් කුමරියකට
හමුවන දවසේ අප
දෙබැම හකුළුවාගෙන
කඩා පනින්නට බලා ඉන්නා
වෙරළ උද්‍යානයට !

පෙම් කරන්න නොලැබුණු දුකට
බලා ඉන්නවා වත්ද !
යන්තමට කඳුළු බිඳු සලමින
ඇහැට ඇඟිල්ලෙන් අනිනතුරු
ඉකිගසා අඬන්නට. 

ප්‍රේමයටත් ලන්සු වැටෙන
මේ දේශයෙන් ඉහලට යන
ජල වාෂ්පත් කුහකද
ඒ තරමටම ?

ලිංග විපර්යාස පමණක්
වෙනස් කළ නොහැකිය කියන
ව්‍යවස්ථාවේ තෙදට නුඹ නතුද
නවතන්න අවසර වැසිදිය
පනත් කෙටුම්පත් අනුවමද ?

ටිකක් නවතින්න වැහි වලාකුළ
දෙන්න අපහට මඳකට අවසර
අඳිමුද අඳිමුද ! රිදී පාට ඉර
කැපීපෙනෙන ලෙස නුඹේ ඇඟමත !

PartlyCloudy

නොතේරෙන ජ්‍යාමිතිය!

ඉමක්‌ නැති සයුර දෙස

ඔරවාගෙන බලා ඉන්නා

ඔබ Embarrassed smile

හා

මම Thinking smile

වියතක පරතරය බංකුව මත

සිත අතර අසූ කෙළක් යොදුන්

දරාගත නොහැකි බෑගිරියකි

“මහ මුහුද ,කට වහපන්!”

වෙනදා නම් මුල්ම හාදුවට

ඔල්වරසන්දෙන ජයගොස

එත්,කාට හාදු දෙන්නද අද ?

පය කොනිත්තා ඔට්ටුවට

ආපසු දුවන රළ පෙළ

“හිතක් නැ බං අද ,

දුවන්න ,උඹ අල්ලන්න !”

මේ වියත මොහොතකින් තව

පියමනීවී අනන්තයට

එතකොට,

කොහොම අඳින්න ද සරල රේඛාව

අපි දෙන්නා එකට යාකර?

lovers-walking-together-in-beach

15 September 2011

තුරු මුල !

cut_tree_Wallpaper_mwxm7
නිරිත දිග මෝසමට
තෙතබරිත වුණු ගසකි
හිසකේ රැවුල වැවී අකලට
මහළුවිය පෙන්නුම් කරයි !
ගස තම දකුණු පස දෙස
නෙත් කොනින් බැල්මක් හලා
නිලට බැබලෙන තරුණ ගස් දෙක
එක ලඟට වී සිප ගන්නවා දැක
ඒ ක්ෂණයෙන්ම තමා ළඟ ඇති
වියපත්ව ගිය තුරු මුලක් දැක
තදින් සුසුමක් පිටකලා!

04 September 2011

ජංගම බණ!

4788751213_5cbac6160c

පුවතක්……….හිමිගේ බණ ඔබේ………….. දුරකථනයෙන් ශ්‍රවණය කරන්න .විනාඩියකට රු.3/= යි.

           
අවැසි නැත පින්වත
පන්සලට වඩින්නට
සොයාගත්තෙමි පාරක්
ලේසියෙන් නිවන් යන්නට

කොම්පැණියට රුපියලයි
මට දෙකයි
ඔක්කොම එකතු වී
විනාඩියට තුනයි.

              
මම කරමි සංගායනා
සල්ලි දී තොපි කරව් භාවනා
බුදු හිමිගේ බණ නැසෙනා
ලෝකයක මේවත් වසනා.

             
නිවා සිත සතන්
මෙත් වඩා සිතින් සුපහන්
ජංගම දුරකථනයෙන්
සාදු , කිය කිය දැකපිය නිවන්!