නිරිත දිග මෝසමට
තෙතබරිත වුණු ගසකි
හිසකේ රැවුල වැවී අකලට
මහළුවිය පෙන්නුම් කරයි !
ගස තම දකුණු පස දෙස
නෙත් කොනින් බැල්මක් හලා
නිලට බැබලෙන තරුණ ගස් දෙක
එක ලඟට වී සිප ගන්නවා දැක
ඒ ක්ෂණයෙන්ම තමා ළඟ ඇති
වියපත්ව ගිය තුරු මුලක් දැක
තදින් සුසුමක් පිටකලා!
අනන්ත සීමාවේ විඳීම!
ගහට දැනෙන දේ අපිටත් කලින් දැනුනා නම්...
ReplyDelete