මේ වෙලාවෙ ධර්මපාල රජතුමා කොක් හඬ දාල හිනා වෙනව.ඔහු කියනව ඒක වෙන්න බෑ මොකද තමුන්ගේ පව්ලේ සියලු දෙනාම පන්සිල් රකින අය,ඔවුන් රට පාලනය කරන්නෙ දස රාජ ධර්මය අනුව.ඒ නිසා ඔවුන් සියල්ලන්ම නියමිත ආයු වළඳල තමයි මිය යන්නෙ කියල.මේ තමයි අපි දන්නා ධර්මපාල ජාතකය.
80 දශකයේදී තවත් පියෙක් තමන්ගේ පුතාව යවනවා ඉගෙන ගන්න.දළදා හාමුදුරුවන්ගේ අඩවියට,හන්තාන අඩවියට.මේ පිය රජතුමාත් බොහොම දැහැමිව තමුන්ගේ දහදිය මහන්සියෙන් ජීවත් වෙන පියෙක්,මේ නිසා ඔහුත් අකල් මරණ ගැන දන්නෙ නෑ.නමුත් දවසක් තමන්ගේ පුතා ගෙදර එනව පෙට්ටියක,උඩුකුරුව සැතපිලා ,දෑත් බැඳගෙන.මේ වතාවේ මේ පියාට හිනා වෙන්න ඉඩක් නෑ.නමුත් ඔහුට පුදුමයි මේ දේ සිද්ධ උණේ කොහොමද කියල.නමුත් ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා.ඉතින් මේ අවනඩුව කාට කියන්නද??
මේ පියා එක් පියෙක් නෙමෙයි,80 දශකයේ අමානුෂික ලෙස ඝාතනයට ලක්වුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සියළුම පියවරු නියෝජනය කරන පියෙක්.ඉතින් මේ අවනඩුව නීතියත් වල් වැදුන කාලයක වෙන කාගෙන් අහන්නද, දළදා හාමුදුරුවන්ගෙන් ඇර?
දළදා නාමෙට උත්තර දෙනවද
මතු බුදු වන හාමුදුරුවනේ…//
හන්තානේ කඳු දණ ඇණ නමදින සිරි දළදා හාමුදුරුවනේ
ඔබවහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය මගේ දරුවා හමුදුවනේ
පිරුවට අන්දා ඇස් දෙක පියවා ගෙන ආවලු හාමුදුරුවනේ
දළදා නාමෙට උත්තර දෙනවද මතු බුදු වන හාමුදුරුවනේ ….//
ඇඳිරිදුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැඳී සෙනගට අසුවුන මරු වැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙලුනේ
දහඩිය විකුණන හොර මැර නැති අප අකල් මරණ ගැන නැත දන්නෙ..//
කාලය දීපය දේශය දන්නා මතු බුදු වන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු හමුවුන නැති බව නැත දන්නෙ…
තුවාල සුදු රෙදි පටින් වසාගෙන උඩුකුරු වී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද කියන්න දැන්වත් ඇඳිරිදුනේ…//
තව කාරණයක් කියන්න ඕන.අද දවස විශේෂ දවසක්.ගුණදාස කපුගේ මහත්මය අපි අතරින් වෙන් වෙලා ගිහින් තියෙන්න 2003 අද වගේ දවසක.ඒ වගේ ශ්‍රේෂ්ට කලාකරුවෙක් සිහිකරන්නත් එක්ක තමයි මේ ගීතය ගැන ලියන්න හිතුනේ.ගුණදාස කපුගේ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට,වැඩ කරන මිනිස්සුන්ට ගීත කියපු ගායකයෙක් කියල මේ ගීතයෙන් තවත් පැහැදිලි වෙනව.
ගීතය බාගන්න මෙතන කොටන්න
කපුගේ ගැන ලියවිච්ච සාර්ථක ලිපියක් අස්වැන්නේ තියෙනවා ඒක බලන්න මෙතනින් යන්න!
පට්ටය් මචන් සින්දුව , අපේ රටේ එඋන් පිදිය යුත්තන් පුදන්නේ නෑ නේ එකනේ සැමරුම් උළෙලක් වත් නැත්තේ :P
ReplyDeleteකපුගේ කියන්නේ ගොඩක් පලිගැනීම් වලට ලක්වෙච්ච ගායකයෙක්නේ!
Deleteකපුගේ ගෙ මරණේ දවසේ ඒ ගෙදර කිට්ටුව සංගීත සංදර්ශනයක් පැවැත්තුවා කියලත් මම අහල තියෙනව!
මමත් ලිව්වෙ කපුගේ ගැනමයි. ඒත් අද හවහස් වරුවෙ පුංචි කාර්වමික දෝෂයක් වෙලා පෝස්ට් එක දැම්මට පෙන්නන්නෙ නෑ.
ReplyDeleteකුපුගේ කියන්නෙ මානව ගුණයෙන් පිරිපුන් ඉතාම සුන්දර මිනිසෙක්.
මමත් තුන් හතර පාරක්ම ගිහින් බැලුව!
Deleteතාමත් හරි නෑ වගේ :-/
නියම සිංදුව
ReplyDeleteඇත්තටම දුකයි.....දැන් මේවගේ සිංදු නිකමටවත් ඇහෙන්නෙ නෑ......මෙතුමාගේ
“දවසක් පැල නැති හේනේ“
“උන්මාද සිතුවම්“
“තරුමල් යායම“
“බිරිඳ මගේ ඔබ“
මම උපරිමෙන්ම රසවිඳපු ගීත
මිත්‍ර කපුගේ සෑහෙන්න උත්සාහයක් දරණව තාමත් මේ ගීත රැකගන්න...ඔහුට සුභ පතමු.....
අනිවාර්යෙන්ම මේ ගීත කව්රුන් හෝ ඉදිරියට ගෙන යා යුතුයි!
Deleteඅඔහුත් තාත්තගේ අඩි පාරේ යාවි කියල අපි හිතමු!:)
හිත ට වදින සින්දුවක්. කපුගේගෙ සින්දු ගොඩක් එහෙමයි නේ.
ReplyDeleteධර්මපාල ජාතකේ අරන් පොස්ට් එක ලියල තියෙන හැටිත් හරිම සංවේදීයි
ගොඩක් ස්තුතිය් අක්කෙ!:)
Deleteමාත් පෞද්ගලිකව ගොඩක් කැමති ගීතයක්.. අහපු නැති අයට අහ ගන්නත් එක්ක link එක දාපු එක හොඳා...
ReplyDeleteඋඹමද කොහෙද මේ සින්දුව ගැන මට කිව්වේ!
Deleteආදර ගීත වලට වඩා සාමන්‍ය වැඩ කරන මනුස්සයෝ වෙනුවෙන් ගී ගයපු ගායකයෙක්..
ReplyDeleteසැබෑ කලාකරුවෙක් කියනවනම් මම කැමතියි!
Deleteමුලින්ම අස්වැන්නෙන් කපුගේ ගැන කියවල මේ පැත්තට ආවෙ..ලස්සන ගීතයක්නෙ..මම කලින් අහල තිබුනෙ නැහැ මේ ගීතය..ස්තූතියි අපි සමග බෙදාගත්තට..:)
ReplyDeleteඅස්වැන්නේ තියෙන ලිපිය කියවන්න මාත් ගියා,ඇත්තටම ඒ ලිපිය නම් අතිසාර්ථක ලිපියක්!
Deleteඅර්ථවත්,ලස්සන ගීතයක තිබුණ ලස්සන වචන වලින් තවත් හැඩ කරාට අපේ ස්තූතිය...
ReplyDeleteඔබටත් ස්තුතියි අගය කිරීම ගැන!:)
Deleteරත්න ශ්‍රී කියන්නෙ මගෙ ආසම කවියා.ඔහුගේ ගීත ලියවුණු ලිපි කියවන්නත් ආසයි.ඔයා අපූරුවට ලියලා තියෙනවා අය්යේ.
ReplyDeleteමමත් ආසම කවියා රත්න ශ්‍රී.ඔයා රත්න ශ්‍රී සර් ගෙ සුභ උදැසන පොත බලල තියෙනවනම් මේ ගීතය මුලින්ම කවියක් හැටියට ඒ පොතේ ලියවිලා තියෙනවා!
Deleteසුතුතියි කපුගේ ගැන ලිව්වට. තාමත් කළ ගුණ දන්න මිනිස්සු කපුගේව හිතින් සමරණව හැමදාම. සැමරුම් දින නැතුවට කමක් නෑ. කපුගේ හැමදාම ජීවමානයි. කපුගේගෙ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මිත්‍රට සුභ පතමු. කපුගේට නිවන් සුව පතමු.
ReplyDeleteඔය කසිකබල් ගායකයෝ එක්ක බලද්දී කපුගේ කියන්නෙ රටක් වටින මනුස්සයෙක්!:)
Deleteමේ සිංදුව බා ගන්න බැහැ නේ.මොකක් හරි අවුලක් ද>නැත්නම් මගේ අවුලක් ද?.
ReplyDeleteපොඩි අව්ලක් තිබුන බං!
Deleteදැන් හරි :)
අතීත ධර්ම කතාව සින්දුවට ආදේශ කරපු හැටි ගොඩක් සංවේදියි ලස්සනයි. ඇත්තටම එහෙම දෙයක් උනාට කොයි අම්මටද තාත්තටද පුළුවන් තමන්ගේ ඇස් විශ්වාශ කරන්න. අද කාලේ අමතක වෙලා යන මේවගේ ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ ජන්ම දිනේවත් ඔයාල වගේ අතලොස්සක් දෙනාටවත් මතක තියෙන එක වාසනාවක්.
ReplyDeleteස්තුතියි පැතුම් !
Deleteඅද දෙරණ ටීවී 1 වැඩසටහනක් ගියා කපුගේ ගැන!
එක දැකල තමයි මතක් උණේ!
කපුගේ යනු.. සිරා ගී තොගයක වාසනාවන්ත හිමිකරුවෙකි.
ReplyDeleteස්තුති සහෝ පෝස්ටුවට.
ස්තුත්යි සැමා අයියෙ!
Deleteහුගක්ම ස්තුතියි මල්ලි....ඇත්තටම අපිට අහිමි වෙච්ච අපුරුව ගායකයෙක්...මට මතකයි මම එතුමගෙ කම්පන ෂෝ එකක් බලන්න ගියෙ අමතර පන්ති යන එක කට් කරලා...ඒ තරමට ආදරය කළ ගායකයෙක් මම...
ReplyDeleteඅපිට වාසනාවක් නැති උනානේ කපුගේ ගෙ එක ෂෝ 1ක් වත් බලන්න!:-/
Deleteහිහි පින පින...මල්ලි... මහා වැස්ස දවසක එදා අපි කම්පන ප්රසිංගය ඇහුවෙ...කිසිම අහංකාර කමක් නැති අපුරුව මනුස්සයෙක්. මම එදා ස්කුල් යුනිපෝම් එක පිටින් හිටියෙ...මගෙ සමරු පොත දුන්නම හිනා වුනා ඉස්කෝලෙ ඇදුම් පිටින්ම ඇවිත් කියලා....
Deleteනියමයි.මං හෙන ආසම දෙන්නෙක් තමා ඔය.
ReplyDelete