නමක් නොමැති ආලය ඔබ
පැණිරස අපුලව කෙල ගසන
කටුක තිත්ත දිවග තබන
පිපාසයට කඳුළුම බොන
නිදි නොලබා අහසට එන
තරු එළියෙන් පාර කියන
සඳක් වෙන්න ඉඩ ඇතිමුත්
තරුවක් වී පිපී වැනෙන
නෙක හැඩයට පාට ගෑව
රසම සුවඳ සුළඟට දෙන
පිපී දිලෙන මල් අතරේ
පරමල් වල සුවඳ බලන
කවදාවත් සැබෑ නොවෙන
නිදිවර්ජිත හීන වලට
ඇඟිල්ලකින් පාට උලන
ළගට ඇවිත් මා සනසන…..
අස්වැන්න: ෴ සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් ෴
2 minutes ago











ලස්සනය් මචන් :)
ReplyDeleteහොදයි ..ලස්සනයි ........
ReplyDeleteඅදහස පැහැදිලියි.
ReplyDeleteආදරේ හැටි තමයි..
ReplyDeleteපිපි දිලෙන මල් අතරේ
ReplyDeleteපර මල් වල සුවඳ බලන...
කොල්ලො ඔහොම තමයි....
අනිත් පැත්තටත් ඔහොමම තමා...
ReplyDeleteනිදි නොලබා අහසට එන
ReplyDeleteතරු එළියෙන් පාර කියන
සඳක් වෙන්න ඉඩ ඇතිමුත්
තරුවක් වී පිපී වැනෙන
හ්ම්ම්.. මේ ටික නම් හොඳටම හිතට වැදුනා.. ලස්සනයි මල්ලියෝ..
"පැණිරස අපුලව කෙල ගසන" ඔව් පනිරසත් එපා වෙන වෙලාවලුත් තියෙනවා.
ReplyDeleteමම බැලුවා මොකද මේ පොස්ට් එක පරක්කු කියලා.. ඔය තියෙන්නේ.. ඒ උනාට මේකේ නම් හිත එකලාසයක් නැතිව ලියපු ගතියක් තියෙනවා. එල එල.. ඔහොම යමුකෝ..
ReplyDeleteනුවන්.
ReplyDeleteබ්ලොග් පිටු වල කවි අතර මා දුටු සිත් ගත් නිසඳැසක්. විටෙක රත්‍න ශ්‍රී ගේ කවියේ ආලෝකයත්, තවත් වරෙක පරාක්‍රම කොඩිතුවක්කුගේ කවි වල ආලෝකයත් ඔබේ නිසඳැසෙන් විහිදුවනවා.පරිනත කවියක ලකුණු එමටයි.
කොයිතරම් වචක තිබුනත්, කවියතුළ වචන වලින් නික්මෙන ධ්වනිය ඉතා වැදගත්, කවිය කවියම වූ වෙලාවක්. සුබ පැතුම්,
ආලය....හ්ම්.....අන්ධයි කියලත් කියනවනෙ.....
ReplyDeleteමට මොනාකියන්නද කියල හිතාන්න බෑ...
ReplyDeleteමාරයි...........
අනේ හරිම ලස්සන කවි පන්තියක් :)
ReplyDeletenice
ReplyDelete@ පුබුදු
ReplyDeleteස්තුතියි මල්ලි!
@ශෂී
තැන්ක්ස් මචං :)
@ලොකු ජෝන්
එහෙනම් මගේ හිතේ තිබුන දේ ප්‍රකාශ වෙලා!
බොහොම ස්තුතියි!:)
@දිනේෂ් අය්යා
ReplyDeleteහ්ම්ම් එක නම් ඇත්ත!
@මාතලන්
මම අදහස් කරේ නම් එක නෙමෙයි!:P
එත කොල්ලො නම් එහෙම තමයි!:D
@ශානි අක්ක
එක ඉතින් දන්නෙ ඔයාලනේ:p
@ ප්‍රර්ථනා අක්ක
ReplyDeleteස්තුතියි අක්කේ!අව්‍යාජ අදහසක් ලිව්වෙ :)
@අසරණය
එකනේ :P
@නජාත්
මේ දවස් වල ටිකක් වැඩ වැඩියි බන්!
@දයානන්ද රත්නායක
ReplyDeleteබොහොම ස්තුත්යි ඔබ තුමාට
ඔබතුමා වැනි ප්‍රවීනයෙක් අදහස් දැක්වීම මට ගෞරවයක්!
@ඔබා අන්කල්
එකනේ කියන්නේ!
මේ පෙන්නේ නැතුව ගිහින් හැප්පිලා ඉන්නෙ!:)
@නිසපු
ස්තුතියි නංගි!:)
@වර්ණා අක්ක
ReplyDeleteඅනේ ඇත්තට :ppp
;)
@b.jeew
thnx dear!:)
හරිම ලස්සනයි මල්ලියේ.....
ReplyDelete@දිනිති අක්ක
ReplyDeleteගොඩක් ස්තුතියි අක්කෙ!:)
හැබැයි අක්ක තරම් හොදට කවි ලියන්න නම් බෑ මට
මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
ReplyDeletehttp://wehimandarama.blogspot.com/
-වර්ෂා..
පොකුරු දෙනෙත් මත හසරැලි රන්දන
ReplyDeleteකොපුල් නිතර කඳුලින් තෙත් කරවන
දෙතොල් නොසලා නෙතගින් දොඩමළු වන
නුඹ මගේ සුරඟන මා සිත නොරිදන
ඕං අමාරුවෙන් මාත් එකක් ගොතා ගත්තා..මට හිතාගන්න බෑ මම කලින් මේ පැත්තේ ආවාද කියලා ෆලෝ ලිස්ට් එක පේන්න නෑනේ
පට්ටම පට්ට
ReplyDelete@වර්ෂා
ReplyDeleteගොඩ වෙලා තමයි මේ ආවේ,හොදටම තෙමිලා!
@ගැමියා
ස්තුතියි මචං
කලින් නම් අවා!
@සොඳුරු මිනිසා
ස්තුතියි
සාදරයෙන් පිලිගන්නවා ස්වායක්ත සිද්ධියට !