21 February 2012

නුඹ

නමක් නොමැති ආලය ඔබ
පැණිරස අපුලව කෙල ගසන
කටුක තිත්ත දිවග තබන
පිපාසයට කඳුළුම බොන

නිදි නොලබා අහසට එන
තරු එළියෙන් පාර කියන
සඳක් වෙන්න ඉඩ ඇතිමුත්
තරුවක් වී පිපී වැනෙන

නෙක හැඩයට පාට ගෑව
රසම සුවඳ  සුළඟට දෙන
පිපී දිලෙන මල් අතරේ
පරමල් වල සුවඳ බලන

කවදාවත් සැබෑ නොවෙන
නිදිවර්ජිත හීන වලට
ඇඟිල්ලකින් පාට උලන
ළගට ඇවිත් මා සනසන…..

25 comments:

  1. හොදයි ..ලස්සනයි ........

    ReplyDelete
  2. අදහස පැහැදිලියි.

    ReplyDelete
  3. ආදරේ හැටි තමයි..

    ReplyDelete
  4. පිපි දිලෙන මල් අතරේ
    පර මල් වල සුවඳ බලන...

    කොල්ලො ඔහොම තමයි....

    ReplyDelete
  5. අනිත් පැත්තටත් ඔහොමම තමා...

    ReplyDelete
  6. නිදි නොලබා අහසට එන
    තරු එළියෙන් පාර කියන
    සඳක් වෙන්න ඉඩ ඇතිමුත්
    තරුවක් වී පිපී වැනෙන

    හ්ම්ම්.. මේ ටික නම් හොඳටම හිතට වැදුනා.. ලස්සනයි මල්ලියෝ..

    ReplyDelete
  7. "පැණිරස අපුලව කෙල ගසන" ඔව් පනිරසත් එපා වෙන වෙලාවලුත් තියෙනවා.

    ReplyDelete
  8. මම බැලුවා මොකද මේ පොස්ට් එක පරක්කු කියලා.. ඔය තියෙන්නේ.. ඒ උනාට මේකේ නම් හිත එකලාසයක් නැතිව ලියපු ගතියක් තියෙනවා. එල එල.. ඔහොම යමුකෝ..

    ReplyDelete
  9. නුවන්.
    බ්ලොග් පිටු වල කවි අතර මා දුටු සිත් ගත් නිසඳැසක්. විටෙක රත්‍න ශ්‍රී ගේ කවියේ ආලෝකයත්, තවත් වරෙක පරාක්‍රම කොඩිතුවක්කුගේ කවි වල ආලෝකයත් ඔබේ නිසඳැසෙන් විහිදුවනවා.පරිනත කවියක ලකුණු එමටයි.

    කොයිතරම් වචක තිබුනත්, කවියතුළ වචන වලින් නික්මෙන ධ්වනිය ඉතා වැදගත්, කවිය කවියම වූ වෙලාවක්. සුබ පැතුම්,

    ReplyDelete
  10. ආලය....හ්ම්.....අන්ධයි කියලත් කියනවනෙ.....

    ReplyDelete
  11. මට මොනාකියන්නද කියල හිතාන්න බෑ...
    මාරයි...........

    ReplyDelete
  12. අනේ හරිම ලස්සන කවි පන්තියක් :)

    ReplyDelete
  13. @ පුබුදු
    ස්තුතියි මල්ලි!

    @ශෂී
    තැන්ක්ස් මචං :)

    @ලොකු ජෝන්
    එහෙනම් මගේ හිතේ තිබුන දේ ප්‍රකාශ වෙලා!
    බොහොම ස්තුතියි!:)

    ReplyDelete
  14. @දිනේෂ් අය්යා
    හ්ම්ම් එක නම් ඇත්ත!

    @මාතලන්
    මම අදහස් කරේ නම් එක නෙමෙයි!:P
    එත කොල්ලො නම් එහෙම තමයි!:D

    @ශානි අක්ක
    එක ඉතින් දන්නෙ ඔයාලනේ:p

    ReplyDelete
  15. @ ප්‍රර්ථනා අක්ක
    ස්තුතියි අක්කේ!අව්‍යාජ අදහසක් ලිව්වෙ :)

    @අසරණය
    එකනේ :P

    @නජාත්
    මේ දවස් වල ටිකක් වැඩ වැඩියි බන්!

    ReplyDelete
  16. @දයානන්ද රත්නායක
    බොහොම ස්තුත්යි ඔබ තුමාට
    ඔබතුමා වැනි ප්‍රවීනයෙක් අදහස් දැක්වීම මට ගෞරවයක්!

    @ඔබා අන්කල්
    එකනේ කියන්නේ!
    මේ පෙන්නේ නැතුව ගිහින් හැප්පිලා ඉන්නෙ!:)

    @නිසපු
    ස්තුතියි නංගි!:)

    ReplyDelete
  17. @වර්ණා අක්ක
    අනේ ඇත්තට :ppp
    ;)

    @b.jeew
    thnx dear!:)

    ReplyDelete
  18. හරිම ලස්සනයි මල්ලියේ.....

    ReplyDelete
  19. @දිනිති අක්ක
    ගොඩක් ස්තුතියි අක්කෙ!:)
    හැබැයි අක්ක තරම් හොදට කවි ලියන්න නම් බෑ මට

    ReplyDelete
  20. පොකුරු දෙනෙත් මත හසරැලි රන්දන
    කොපුල් නිතර කඳුලින් තෙත් කරවන
    දෙතොල් නොසලා නෙතගින් දොඩමළු වන
    නුඹ මගේ සුරඟන මා සිත නොරිදන

    ඕං අමාරුවෙන් මාත් එකක් ගොතා ගත්තා..මට හිතාගන්න බෑ මම කලින් මේ පැත්තේ ආවාද කියලා ෆලෝ ලිස්ට් එක පේන්න නෑනේ

    ReplyDelete
  21. @වර්ෂා
    ගොඩ වෙලා තමයි මේ ආවේ,හොදටම තෙමිලා!

    @ගැමියා
    ස්තුතියි මචං
    කලින් නම් අවා!

    @සොඳුරු මිනිසා
    ස්තුතියි
    සාදරයෙන් පිලිගන්නවා ස්වායක්ත සිද්ධියට !

    ReplyDelete
  22. "නිදි නොලබා අහසට එන
    තරු එළියෙන් පාර කියන
    සඳක් වෙන්න ඉඩ ඇතිමුත්
    තරුවක් වී පිපී වැනෙන"

    ගොඩක් අය ප්‍රසිද්දියේ කතා නොකරන තේමාවක් නිදහසේ ගොතලා කියලා මං නම් හිතුවේ,
    මේක කියවද්දී අමරසිරි මහත්මයාගේ ගීතයත් මතක් වෙනවා.
    එත් මලයා
    "ඇඟිල්ලකින් පාට උලන
    ළගට ඇවිත් මා සනසන….." ඉඩ දෙන්න නම් එපා :)

    ලස්සන ගෙතුමක්‌ @ නුවන් මලයා.....!!

    ReplyDelete