24 November 2011

වැහි වලාකුළු !

කළු කැත වැහි වලාකුළු
හිතන්නටවත් පුළුවන්ද
නුඹ රැගෙන ගිය වගක්
පෙම් හසුනක් කුමරියකට
හමුවන දවසේ අප
දෙබැම හකුළුවාගෙන
කඩා පනින්නට බලා ඉන්නා
වෙරළ උද්‍යානයට !

පෙම් කරන්න නොලැබුණු දුකට
බලා ඉන්නවා වත්ද !
යන්තමට කඳුළු බිඳු සලමින
ඇහැට ඇඟිල්ලෙන් අනිනතුරු
ඉකිගසා අඬන්නට. 

ප්‍රේමයටත් ලන්සු වැටෙන
මේ දේශයෙන් ඉහලට යන
ජල වාෂ්පත් කුහකද
ඒ තරමටම ?

ලිංග විපර්යාස පමණක්
වෙනස් කළ නොහැකිය කියන
ව්‍යවස්ථාවේ තෙදට නුඹ නතුද
නවතන්න අවසර වැසිදිය
පනත් කෙටුම්පත් අනුවමද ?

ටිකක් නවතින්න වැහි වලාකුළ
දෙන්න අපහට මඳකට අවසර
අඳිමුද අඳිමුද ! රිදී පාට ඉර
කැපීපෙනෙන ලෙස නුඹේ ඇඟමත !

PartlyCloudy

6 comments:

  1. හැමදාමත් වගේ එල මචෝ...

    ReplyDelete
  2. @najath
    තැන්කු වේවා!

    ReplyDelete
  3. හිතමිතුරු සුළග ළඟ එන වැහි වලාවට කියන්
    අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලෙකින් ඈ මුණගැසේවි හසගනක් ලෙසින්
    වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙය් සැනින්

    ReplyDelete
  4. @පුබුදු
    ස්තුතියි මලයෝ

    ReplyDelete
  5. //පෙම් කරන්න නොලැබුණු දුකට
    බලා ඉන්නවා වත්ද !
    යන්තමට කඳුළු බිඳු සලමින
    ඇහැට ඇඟිල්ලෙන් අනිනතුරු
    ඉකිගසා අඬන්නට. //

    ම්ම්ම්ම්ම්ම්.... වෙනස් සංකල්පයක්... ලස්සනයි නිර්මාණෙ...

    ReplyDelete
  6. @හිතුවක්කාරී
    බොහොම ස්තුතියි !
    දිගටම රැඳෙන්න !

    ReplyDelete