05 January 2012

දිරිය කත!

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනව මුලින්ම . අලුත් අවුරුද්දේ  වැඩ අල්ලන්නයි මේ ලේස්ති වෙන්නෙ. මේ ලගදි මම තුමාට ගීතයක් අහන්න ලැබුණ.කලින් අහල තිබුණට මේකේ lyrics බැලුවේ නම් ලගදි.ඒ කිව්වේ ඊයේ පෙරේද !මගේ යාලුවෙක් තමයි මාව දැනුවත් කරේ මේ ගැන .
           
මෙන්න පද මාලාව ..

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද...
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද.
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද...



දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...


තබා දෙතොල ඉඳික‍ටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල..
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ
..


පද රචනය රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගේ ,සංගීතය රෝහණ වීරසිංහයන්ගේ .ගීතය ගායනය කරන්නේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය.

           1978  විවෘත ආර්ථික පනතත් එක්ක අපේ රටේ ආරම්භ  උණා  නිදහස් වෙළඳ කලාප කියල ජාතියක්.මේවයේ ප්‍රධානම වෙළඳ භාණ්ඩය උනේ ඇඳුම්.කොටින්ම සුද්දන්ට ඇඳුම් මැසීම තමයි අරමුණ. මේවට ගම්බද තරුණියෝ සැහෙන්න පිරිසක් ඇදිල අවා.ඒත් ඔවුන්ගේ නොදැනුවත් කමෙන් ප්‍රයෝජන ගත්තු සමහර පිරිස් නිසා ඔවුන්ගේ සමාජ පිළිගැනීම නැති වෙලාම ගියා.ඔවුන් වෛශ්‍යාවන් ගානටම දාල  කතා කරපු කාලයක් තිබුණ.
              නොයෙක් අග හිඟ කම නිසා රැකියාවට එන මේ  තරුණියෝත් බොහොම සංවේදී කාන්තාවන් .මුල් පද පේලි වලින් ඉස්මතු වෙන්නෙ ඒ දේ  කියලයි මට හිතෙන්නේ.
           ගම්බද මේ කාන්තාවෝ මුහුණ දෙන අපහසුතා ව්‍යංගාර්ථයෙන්  දෙවැනි verse  එකේදී  මාර ලස්සනට කියල තියෙනව.ඉර හඳ දෙක කියල අදහස් කරන්න ඇත්තේ දෙමව්පියෝ .ඔවුන් දෙදෙනා මහළුයි කියල අදහස් වෙනව “දුඹුල් බැඳී" කියන කොටසෙන්.මේ දරුවන්ටත් නිසි අධ්‍යාපනයක්‌ ලැබිල නෑ.ගෙදර ලිපේ ගින්දර ඇවිලෙන්නේ නෑ.ඇවිලෙන්නේ හිතේ ගින්දර විතරයි.
දුකක් තේරුම් ගන්න බැරි කෙනෙක් කාන්තාවක් වෙන්න පුළුවන්ද?ඉතින් මේ දුක තේරුම් අරගත්ත ඇය නියම කාන්තාව නොවේද??
        මේකේ අන්තිම verse 1 දකිද්දී නම් මට මතක්‌ වෙන්නේ බූන්දියේ කියවපු කවියක්!  මෙතනින් යන්න එක බලන්න .
නූල් පටකින් ඇය ගෙදරක් ගොඩ ගන්න හැටි කොච්චර නම් සංවේදීද?මේකෙන් නිරුපනය වෙන්නේ එක පවුලක කතාවක් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ.අපේ රටේ ආර්ථිකයට ඇඟලුම් සේවිකාවන් කරන දායකත්වයත් මේකෙන් නිරුපනය වෙනව.
     ඔවුන්ගේ සේවයට අපේ උත්තමාචාරය !

   
mp3 එක මෙතනින්  බාගන්න

              ජය වේවා !

11 comments:

  1. මේක නම් පට්ට මච්න්....
    අද තමා ඉස්සෙල්ලම මේක ඇහුවෙ...හැම වචනයක් වචනයක් ගානෙම හිතට වදිනවා...

    ReplyDelete
  2. @kubwi ස්තුතියි !දිගටම රැදෙන්න ආරාධනා කරනවා !

    ReplyDelete
  3. හ්ම්ම් හොද ලිපියක්. අදයි මේ පැත්තට ගොඩ වුනේ.. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යන්න සුභ පතනවා මල්ලිට..

    ReplyDelete
  4. @ වර්ණා
    ස්තුතියි අක්කේ !
    දිගටම රැදෙන්න ආරාධනා කරනවා

    ReplyDelete
  5. වර්ණගෙ ලින්ක් එකකින් ආවෙ... දිගටම ලියමු.... ජයවේවා.... !!!

    ReplyDelete
  6. @පොඩි මෑන්
    ස්තුතියි පොඩි මෑන්!දිගටම ලියන්න ඉතින් ඔයාලගේ කරුණාව තමයි !

    ReplyDelete
  7. ගීතයට පදනම් වුණු සිද්ධියේ විකාශනය ගීතය තුල ම තියෙනවා.. සෑහෙන්න වටිනවා.. පද පෙළ දැක්කම හිතුනා රත්න ශ්‍රී ගේ වෙන්න ඇති කියලා.. මාත් ඒ ගීතය සැහෙන්න වින්දා.. එල මචං!

    ReplyDelete
  8. අද තමයි ඉස්සෙල්ලාම ආවේ.සින්දුව ඇහුවෙත් අදයි මුලින්ම. දිගටම ලියන්න.

    ජයෙන් ජය!!

    ReplyDelete
  9. ස්තුතියි !
    අසරණ පාටක් නම පෙන්නේ නෑ! :D

    ReplyDelete
  10. මමත් අද ආවේ...හ්ම්ම්.. ලිපිය නියමයි. ජය වේවා !!!

    ReplyDelete