22 January 2012

නිවාඩු දවසක!

අමුතුම පුසුඹ සුළඟකි
ඉරිදාට කොටුව තුල
විදේශික බසකින් හැසිරෙන
කරදිය මිශ්‍ර සුළඟ
තට්ටුව කැඩී ගිය
ගල් බංකුවක් ලඟට
ඇවිත් දණගාන
කෙට්ටු හීනයක මම ඔබට
අමිහිරිම කටහඩින් කීව
සංකීර්ණම පෙමක් ගැන
සරල ගීයක් කියන

තැඹිලි පැහැ සිවුරක්
ඈතින් පොඩියට යන එන
වෙරළ මත භාවනාවට
කමටහන් සොයා ඇවිදින
වැඩ ඇරී ගෙදර යන ඉර
අළුතෙන් පැහැ තැවරීය
අඳුරු වී ගිය සිවුරත



ගල් බංකුව උඩ
තරුකැට හතරකි
නිරුත්තර පැනයකට
විසදුම් සොයා වෙහෙසෙන
අඳුර වැටෙන තුරු කල්මරන
පනින්නට හිස් අහසට !

IMG_5727

13 comments:

  1. අමුතුම පුසුඹ සුළඟකි
    ඉරිදාට කොටුව තුල
    විදේශික බසකින් හැසිරෙන
    කරදිය මිශ්‍ර සුළඟ
    තට්ටුව කැඩී ගිය
    ගල් බංකුවක් ලඟට
    ඇවිත් දණගාන
    කෙට්ටු හීනයක මම ඔබට
    අමිහිරිම කටහඩින් කීව
    සංකීර්ණම පෙමක් ගැන
    සරල ගීයක් කියන

    මම මාරම ආසයි ඒටිකට.....
    ලස්සනයි....

    ReplyDelete
  2. ගාලු කොටුව ගැන නේද? මම ලියනවා නෙලුම් පොකුන ගැන හිකිස්...

    ලස්සනයි මලයා..

    ReplyDelete
  3. අඩේ උඹ ඒක ගැන ලියලා නේ.. කොහොම උනත් පට්ට දවසක් නේ.. ඉරිදා නෙවෙයි.. සෙනසුරාදා නේ.. කොහොම උනත් මට මේකෙත් වෙනම කොටසක් විතරක් හොඳයි කියන්න බෑ.. ඒත් මට නම් අන්තිම කොටස පට්ටයි.. එල!

    ReplyDelete
  4. ඔය තියෙන්නේ කවි... නෑ නෑ නිසඳැස්.. එල මල්ලි, මම තුන් පාරක් විතර කියෙව්වා.. :)

    ReplyDelete
  5. ලස්සන කවි පෙලක් මල්ලී.. මේ තේමාවෙම නිසදැසක් මමත් කලින් ලිවුවා.. ඒත් දැං මතක නෑනේ.. නැතන්ම් මෙතන දානවා පිළිතුරක් විදිහට..

    ReplyDelete
  6. ලස්සන කවි පෙළක්.සැමා වගේ මමත් ලියනවා කුට්ටන් පොකුණ වගේ.

    ReplyDelete
  7. කවිය රස වින්දා....

    ReplyDelete
  8. ලස්සනයි මචාං....එල හොදද!! ජය වේවා!!

    ReplyDelete
  9. @නිසපු
    ඇත්තම අත්දකීමක් ලියවුණේ

    @සෑම් අයියා
    නෙලුම් කුළුණ ගැන ලිව්වනම් හොදයි,ආසියාවේ ලොකුම එකක්ලුනේ!

    @නජාත්
    මාත් අසාවෙන් රසවින්දේ අන්තිම ටික,අපිට අදාලම ටිකනේ

    ReplyDelete
  10. @ශානි අක්ක
    එහෙනම් තව පාරක් කියවන්නකෝ!:ඩී

    @දිනේෂ් අයියා
    ස්තුතියි අය්යේ.මම ඔයාගේ බ්ලොග් 1 බලන්නම්කෝ!

    @අසරණයා
    කුට්ටම් පොකුණේ වතුර කළු පාටයි කියලද??:ඩී

    ReplyDelete
  11. @ඔබා අන්කල්
    ස්තුතියි සීයේ !:ඩී

    @වර්ණා අක්ක
    ස්තුතියි අක්කෙ:)

    @කල්ප
    තෑන්ක් යු මචන් ;)

    ReplyDelete
  12. ගල් බංකුව උඩ
    තරුකැට හතරකි
    නිරුත්තර පැනයකට
    විසදුම් සොයා වෙහෙසෙන
    අඳුර වැටෙන තුරු කල්මරන
    පනින්නට හිස් අහසට......!

    ලොකු අදහසක් කියන පොඩි පොඩි වචන ගොනුවක්.
    ලස්සනයි @ නුවන් මලයා...

    ReplyDelete