නමක් නොමැති ආලය ඔබ
පැණිරස අපුලව කෙල ගසන
කටුක තිත්ත දිවග තබන
පිපාසයට කඳුළුම බොන
නිදි නොලබා අහසට එන
තරු එළියෙන් පාර කියන
සඳක් වෙන්න ඉඩ ඇතිමුත්
තරුවක් වී පිපී වැනෙන
නෙක හැඩයට පාට ගෑව
රසම සුවඳ සුළඟට දෙන
පිපී දිලෙන මල් අතරේ
පරමල් වල සුවඳ බලන
කවදාවත් සැබෑ නොවෙන
නිදිවර්ජිත හීන වලට
ඇඟිල්ලකින් පාට උලන
ළගට ඇවිත් මා සනසන…..
නිහඬ රණවිරුවෝ: ඇමරිකාවේ විශිෂ්ටතම ඒකකය ගැන දැනගන්න
15 hours ago









