මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත් පතට දේශප්‍රේමී කණ්ඩායමේ අයිකන් එකක් වන උදය ගම්මන්පිල උපාසක මහත්තයා ලිපියක් සපයා තිබුණි.හාමුදුරුවන් නැත්තම් ඔවුනුත් ගස් බව හොදාකාරවම දන්නා නිසා
ශ්‍රී ලංකාවේ වාසය කරන ග්රාමවාසි හා අරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේලාගෙන් ග්රාමවාසී භික්ෂුන් ධර්මය ප්‍රචාරය කිරීමේ වගකීම භාර ගෙන ඇති බවත් එහිදී ලෞකික බැඳීම් වලට යටත් වීමට ස්වාමීන් වහන්සේලාට සිදුවන බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.මේ අනුව හෙළ උරුමයේ ස්වාමීන් වහන්සේලා මහජන ඡන්දය අපේක්ෂා කරන්නේ ධර්මය ප්‍රචාරය කිරීමටය.පසුගිය වසර කීපයක සිට ඔවුන් ධර්මය ප්‍රචාරය කරන ආකාරය කව්රුත් දන්නා නිසා ඒ ගැන තවත් කතා කිරීම අනවශ්‍යය.
ඇමති මණ්ඩලයට අමතක කල නොහැකි චරිතයක් වන දුටුගැමුණු රජතුමාද ගම්මන්පිල මහතාගේ සිහියට නැගෙයි.දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයින්ගෙන් කෙනෙකු වන ථෙරපුත්තාභය යෝධයාද මහණදම් පිරු අයෙකු බවත් රටේ අවශ්‍යතාව අනුව ඔහු යුද්ධයට ගිය බවත් ඔහු කියයි.එය සැබෑවකි,නමුත් ථෙරපුත්තාභය යුද්ධයට ගියේ සිවුරට සමු දීමෙන් පසුවය,යුද්ධයෙන් අනතුරුව නැවතත් මහණ විය.හෙළ උරුමයේ ස්වාමීන්වහන්සේලාටද එසේ කැක්කුමක් තිබුණ නම් පසුගිය යුද්ධ සමයේ සිවුරට සමු දී T-56 ක්ද රැගෙන යුද්ධයට යාමට තිබුණි,එසේ වුනි නම් කිසිම කෙනෙක් උන් වහන්සේලාට අපවාද නොනගනු ඇත,එමෙන්ම එසේ වුනි නම් උන් වහන්සේලා ථෙරපුත්තාභය මෙන් ඉතිහාසගත වීමට තිබුණි.
කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේලාට මැති සබය නීමිතියෙන් තහනම් කල යුතුයි යන්න ඉතා කාලෝචිත යෝජනාවක් බවයි මගේ අදහස.
හවසට ගොස් තේකොල, සීනි ටික පන්සලෙන් අරන් එන උපාසක මහත්වරුන්ට හා ගම්මන්පිල මහත්මා වැනි හාමුදුරුවන් ලවා කොස් ඇට බාගන්නා අයට මිස සියලු දෙනා මේ යෝජනාවට කැමති වනු ඇත. විඳින්නට හැකි සියලුම කම්සැප විඳින අතරේ බෞද්ධාගම නමට මුවා වී එකිනෙකාගේ පිට කසාගන්නා මෙවැනි සංඝ-උපාසක කණ්ඩායම් රජකාලයේ මෙන් පැන්නිය යුතුය.කෙසේ වෙතත් මොවුන් බලයට ගෙන ආවොත් පන්සිල් පද 5 ද පනතක් මගින් ඉවත් කරනු ස්ථිරය.
පින්තුරය ගත්තේ මෙතනින් http://maathalan.blogspot.com/2010_05_01_archive.html