02 September 2011

කලාකරුවාණෙනි!

                    මුලින්ම ලියන ලිපිය හොඳ ගීත රස විදින හැම දෙනාගේම රසවින්දනය වෙනුවෙන් ලියන්න මම හිතුව .මේ ගීතය වැඩිය ජනප්‍රිය ගීතයක් නෙමෙයි(මගේ දැනුමේ හැටියට).ගීතය තමයි සුනිල් එදිරිසිංහ මහත්මය ගායනා කරන කලාකරුවාණෙනි කියන ගීතය.
                    මේ ගීතය ලියල තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ තුන්වන වසරේ ශිෂ්‍යයෙක් වන රජී වසන්ත වෙල්ගම කියන නවක කලාකරුවා.ඔහු නවකයෙක් වුණත් පළමු නිර්මාණයෙන්ම ප්‍රවීණයෙක් කියල ඔප්පු කරලා ඉවරයි කියලයි මට නම් හිතෙන්නේ.මේ වගේ නිර්මාණකරුවෝ දැක්කමනම් ගීත සාහිත්‍යයේ අනාගතය  එච්චර නරක නෑ කියල හිතෙනව.
                    ඇත්තටම මේ ගීය පුදලා තියෙන්නේ කලාකරුවන්ට.අවුකන පිළිමය ධාතුසේන රජතුමා විසින් කරවන ලදී කියල අපි අහල තියෙනව ,නමුත් අපේ ඉතිහාසයේ එතුමා ගල්වඩුවෙක් කියල සඳහන් වෙනවද කියනඑක ගැටළුවක්.එහෙනම් මේ නිර්මාණය කරපු කලාකරුවා කවුද?                                                                                              
                    ඇත්තම කියනවනම් ඔහු මුළු ලෝකෙටම හොරා මැරිලා යනව.මෙය අතීතයේ පමණක් නෙමෙයි අදටත් සත්‍ය සංසිද්ධියක්.මෙන්න මේ කතාකළ යුතු චරිතය ගැන කතාකරන්න තමයි රචකයා මේ ගීය රචනා කරලා තියෙන්නේ.එහිදී ඔහු භාවිත කරන සරල හාෂාව හා අතිශය සංවේදී සිද්ධීන් තෝරා තෝරා ගැනීම විශිෂ්ඨයි.
                    තව ගීතය ගැන කියන්න තිබුනත් ඒ කාර්යය කියවන සැමට භාරදෙන්නම්.
මෙන්න ගීතය ,රසවිඳීම ඔබ සතුයි.


මේ තරම් සියුමැලිද කළුගල්
හිතාගන්නත් බැරි නිසා,
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස දුන් මිනිසා සොයා //


කලා වැව ළඟ ඉළුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා,
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා //


ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා අසූ විට හිනැහුණා ඔහු
තවම තනිකකඩ යැයි කියා..//


මෙතරම් සියුමැලිද …….


ගීතය භාගත කරන්න මෙතැන කොටන්න.

ලිපිය හිතට අල්ලුවනම් follow පාරක් දාලම යන්න.

6 comments:

  1. මම ගොඩක් ආස ගීතයක් මේ..
    විශිෂ්ට පද රචනයක්..මැක්සා.!!

    ReplyDelete
  2. doramadalaweth me song 1 gana katha kara giya sathiye :p

    ReplyDelete
  3. hamoma dakina data wada yamak thinawa kiyala pannuwata thanx malli

    ReplyDelete
  4. නිහඬව ඉපදිලා නිහඬ නිර්මාණ කරල අපි කාටත් හොරෙන් නිහඬවම වෙන්වෙලා යන කලාකරුවා අගය කරල අපූර්වත්වයෙන් ලියපු මේ ගීතය මෑත කාලයේ ලියැවුණ රස විඳින්න පුලුවන් අර්ථවත් ගීතයක් මම ගොඩක්ම ආදරේ කරන....
    ලස්සනයි....

    ReplyDelete
  5. ස්තුතියි හැම දෙනාටම !
    දිගටම රැදෙන්න ආරාධනා කරනවා !

    ReplyDelete