08 September 2011

අපි වළි කුකුල්ලු වගේද ?

     20533126
                 අද මම ලියන්න යන්නේ තරමක් කණට නුපුරුදු ගීතයක් ගැන.මේ ගීතය තොර ගන්න හේතු කීපයක්ම තිබුණ.එකක් තමයි මේ ගීතය ලියල තියෙන්නේ රත්න ශ්‍රී විජේසිංහ මහත්මය,තවත් විදියකින් කියනවනම් මගේ ප්‍රියතම ගීත රචකයා.අනෙක් ප්‍රධානම හේතුව තමයි මේ ගීතයේ පදමලාවේ තියෙන සරල බව ඇතුලේ වචනවලින් කියන්න බැරි මහා සමාජ ගැටළුවක් සාකච්ච කරල තියෙනව.ඒ කතාව කියන්න කලින් ගීතයේ පද මාලාව බලලම ඉන්නකෝ !

          වළි කුකුල්ලු ඇවිදින් …

වළි කුකුල්ලු ඇවිදින්
මැණිකේ හේනට ඇවිදින්
අර බලන්න අර කඩුල්ල ළඟ
අල්ලන සවුදම්//


වී කරල් පුරා දහඩිය ඇත වැගිරෙන අන්දම්
වී කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම්
පිනි වැස්ස යටින් කරල් හොරුන් රංචුව ඇවිදින්
වැට කඩුල්ල අහුරමු මැණිකේ අත අහවර නම්.


වළි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගේ වන්නම්
මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්
අපේ බංඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම්
මතු මගුල් දාක නුඹලාටත් එන්න කියන්නම්.


වළි කුකුල්ලු ඇවිදින් ………..

හරි දන් කියන්නම් ගීතය ගැන.මේ ගීතය ලියන්න රත්න ශ්‍රී මහත්මයට පාදක වෙලා තියෙන්නේ බොහොම පොඩි අත්දැකීමක්.ඒ තමයි එතුමා උසස් පෙළ කරන්න ඉන්නකොට එතුමා මොණරාගල යාලුවෙක්ගෙ ගෙදර ගිහින් තියෙනව පාඩම් කරන්න.ඉතින් මේ දෙන්න පාඩම් කරල තියෙන්නෙ හේනක පැලක.ඉතින් රෑ බෝවෙනකොට හේන් වලට එන සතෙක් තමයි වළි කුකුළා.උන් රංචුවක් ඇවිත් විනාඩි පහක් යන්න කලින් මුළු හේනම ඉවරයිලු. මේ සිදුවීම වෙලා කාලෙකට පස්සේ රත්න ශ්‍රී මහත්මයට හිතිල තියෙනව වළි කුකුල්ලුත් හරියට අපි වගේ කියල.ඒ කිව්වේ අපි මාධ්‍යම පාන්තිකයෝනේ,අපි කරන්නේ උපයෝගිත රැකියා,ඒ කිව්වේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධ වෙන්නේ නෑ.එත් අපි සමාජයේ සැලකිය යුතු අවකාශයක් ගන්නව,හොඳට අඳිනවා ,උත්සව වලට සහභාගී වෙනව.වළි කුකුළත් ලස්සන සතෙක්නෙ,ඌ වගේම අපිත් කඩා වඩා ගන්නේ තව කෙනෙක්ගේ ශ්‍රමය.ඒ ශ්‍රමයෙන් තමයි අපි සමාජයේ වැජඹෙන්නේ.මේක තමයි ගීතයේ යටි අර්ථය.නමුත් රචකයා මේ ගීතයේදී අනාගතය ගැන උපකල්පනය කරල තමයි අන්තිම පද ටික ලියල තියෙන්නේ.රචකයා  දකිනවා මේ අසාධාරණ යුගයේ නිමාවක්.වැඩ කරන ජනයා රජ කරන යුගයක්.ඇත්තටම ගත්තොත් ඇති විශිෂ්ට පද රචනයක්.තමන්ගේ හඬ ගීතයට දායක කරලා මේ ගීතයට උපරිම සාධරණයක් කරලා තියෙන්නේ සුනිල් එදිරිසිංහ මහත්මය
                         පොඩි දුකකට තියෙන්නේ අද රත්න ශ්‍රී මහත්මයලගේ ඒ විප්ලවකාරී අදහස් කොහෙද කියන එකයි.අද එතුමන්ලාගේ පෑනෙන් ලියවෙන්නේ තක්කඩින්ට ප්‍රශස්ති ගීත.කොහොමවුණත් ගීතයක් කියල කටපුරා කියන්න පුළුවන් ගීතයක්.අහලම බලන්නකෝ.
                            ජය වේවා!
ගීතය බාගතකරගන්නමෙතන කොටන්න්න.








           z_p20-We-are

3 comments:

  1. දේශපාලන අදහස් අපිට ඕන නෑ..ගීතය ගැන විතරක් කිව්වම ඇති..
    තව පොඩි සතුටක් තියෙනවා..රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා අතින් තමයි අපේ විද්‍යාලයේ(සිරිධම්ම විද්‍යාලයේ)පාසල් ගීය ලියවෙලා තියෙන්නේ..ඒ ගැන හිතේ සියුම් ආඩම්බරයක් තියෙනවා..
    එල කිරි මචං..තව හොඳ සිංදු අහන්න අපේ අය පොළඹවන්න ධෛර්යය ලැබේවා..

    ReplyDelete
  2. @Nj_Aකලාකාරයෙක් කරන හැම නිර්මාණයක් ඇතුලෙම දේශපාලනයක් තියෙනව,සහෝදරයා එක දන්නේ නෑ වගේ.ඒ දේ කතා කලා යුතුමයි!
    රත්න ශ්‍රී මහත්තයා කොහොමත් ගාලු පුත්‍රයෙක්නේ!

    ReplyDelete
  3. godak hodai yaluwa me wage deyak karana eka gana mage SUBAPATHUM

    ReplyDelete