24 November 2011

නොතේරෙන ජ්‍යාමිතිය!

ඉමක්‌ නැති සයුර දෙස

ඔරවාගෙන බලා ඉන්නා

ඔබ Embarrassed smile

හා

මම Thinking smile

වියතක පරතරය බංකුව මත

සිත අතර අසූ කෙළක් යොදුන්

දරාගත නොහැකි බෑගිරියකි

“මහ මුහුද ,කට වහපන්!”

වෙනදා නම් මුල්ම හාදුවට

ඔල්වරසන්දෙන ජයගොස

එත්,කාට හාදු දෙන්නද අද ?

පය කොනිත්තා ඔට්ටුවට

ආපසු දුවන රළ පෙළ

“හිතක් නැ බං අද ,

දුවන්න ,උඹ අල්ලන්න !”

මේ වියත මොහොතකින් තව

පියමනීවී අනන්තයට

එතකොට,

කොහොම අඳින්න ද සරල රේඛාව

අපි දෙන්නා එකට යාකර?

lovers-walking-together-in-beach

2 comments:

  1. එතකොට,

    කොහොම අඳින්න ද සරල රේඛාව

    අපි දෙන්නා එකට යාකර?

    ඒ ටික නම් superb...

    ReplyDelete
  2. ඒ ටික විතරක් නෙමේ මට අනෙක් ටිකත් super'ඹයාටත් මාර මාර අදහස්නනෙ
    තියෙන්නෙ.ඹයාට ජය!

    ReplyDelete