25 January 2012

පමා වූ පෙම්වත!

                            අද ඔබගේ මංගල රාත්‍රියයි .සඳක් වැනි ඔබගේ මුහුණ කඳුළු සේලයෙන් වැසී ඇත.ජීවිතයේ වැදගත්ම රාත්‍රියේදී ඔබ කඳුළු සලයි .තාරුකා වැනි ඇස් කඳුළු වලින්  තෙත් වී එහි කාන්තිය නැතිවී ගොසින්ය. රෝස පෙති වැනි කම්බුල් මතට කඳුළු බින්දු පතිත වේ.

        අද මා ගෙවන කටුකම රාත්‍රියයි.ඔබ මා ළඟ නැත.තනිකමේ සීතලෙන් මා මුසපත්ව සිටිමි.මම දෙනෙත් පියාගෙන ඔබේ උණුසුමට ගුලි වෙමි.

 

        **   “මෙලොව සිටින කිසිදු පෙම්වතෙක්

              දරාගත නොහැකි ශෝකයෙන්

              කිසිදාක කඳුලක් නොහෙළ බැවින්

              මටද ඇඬීමට නොහැක ..”

 

රෑ ඇඳේදී දකින සිහිනයක් නොවේ ජීවිතය.හෙට අළුත් දවසකි.අප දෙදෙනාම එයට මුහුණ දිය යුතුය.අද පටන් අප දෙන්නා දෙදෙනෙකි.

සියලු බාධක වලට අප අද පටන් තනියම මුහුණ දිය යුතුය.1sad_man

ලෝකයට නොපෙනෙන පරිදි  ඔබට හැඩීමට හැක්කේත් ,මට දුක් වීමට හැක්කේත් රාත්‍රියේදී පමණි. සඳ බැස යාමට ආසන්නය .රාත්‍රියද ගෙවී අවසන් වීමට ආසන්නය.ජීවිතය රාත්‍රියට වඩා දිගු එකකි. ඔබේ සිහිනයෙන් මට යන්න අවසර දෙන්න.

ඔබ මගේ සිතේ කොතැනක හෝ සදාකල්හිම රැදී සිටීවි.

අපගේ ප්‍රේම වෘක්ෂයේ ඉතිරිව මලක් නැත,තිබුණු එකම මලද වෙනකෙක් සතුය.ඇත්තේ කටු පමණකි.ඒ මල සිහිකරගෙන මම ඉතිරිව ඇති කටු සිප ගනිමි!

                 **   “ තියුණු විස කටු පොකුර

                       මත තබා මගේ දෙතොල

                       අවසාන වරට නුඹ සිප ගනිමි

                       හෙට ප්‍රභාතය  පිණිස ….”

 

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... ‍
රෝස පෙති කඩා හැලේ


කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යායුතුව තිබේ...


නින්ද නැති රැයේ...//


රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර  ඒ මගේ...


නින්ද නැති රැයේ...//


ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ

 

** උපුටනය :-  රත්න ශ්‍රී විජේසිංහයන්ගේ  සුභ උදැසන           කාව්‍ය සංග්‍රහය.(44  වන පිට "පමා වූ පෙම්වත")

                           

         

26 comments:

  1. //අපගේ ප්‍රේම වෘක්ෂයේ ඉතිරිව මලක් නැත,තිබුණු එකම මලද වෙනකෙක් සතුය.ඇත්තේ කටු පමණකිඒ මල සිහිකරගෙන මම ඉතිරිව ඇති කටු සිප ගනිමි!//
    මෙන්න මෙහෙම වෙනකල් ඉන්න එපා... වෙනකෙක් සතු කරගන්න කල් බලන ඉන්නේ ඇයි?
    අරුත්බර කවියකට කැටි කළ වචන සමුදායක්... ලස්සනයි...

    ReplyDelete
  2. මමත් මේ ගැන ලිපි දෙකක්ම ලිවුවනේ.. ඒ උනත් තවත් ලියන්න පුළුවන් කියලා හිතෙනවා..

    ReplyDelete
  3. “මෙලොව සිටින කිසිදු පෙම්වතෙක්
    දරාගත නොහැකි ශෝකයෙන්
    කිසිදාක කඳුලක් නොහෙළ බැවින්
    මටද ඇඬීමට නොහැක ..”

    ඒ මොකක්ද ඒ හරුපේ? ඒ කියන්නේ කිසිම පෙම්වතෙක් අඩන්න හොද නැහැ කියලාද

    ReplyDelete
  4. ආසම සිංදුවක්......

    ReplyDelete
  5. මේ ලිපියේ මුල්ම අකුරු ටික කියවද්දි මතක් වුනා සින්දුවක්..හත්ඉලව්වේ මෙන්න ඒක ලිපියේ අග ලියලා තියනවා..

    ReplyDelete
  6. යටම තියෙන සින්දුව අහල හොඳට පුරුදුයි.

    ReplyDelete
  7. මේ රාත්‍රියට වඩා ජීවිතය දිගයි කියන කතාව මම කොහේදී හරි අහල තියෙනවා.. ඒත් මතක නෑ කොහේදී ද කියල..කොහොම උනත් වැදගත් ලිපියක් මචං.. එල!

    ReplyDelete
  8. ලස්සන ගැලපීම.....
    හදවතට සෑහෙන්න දැනෙන විරහව සුන්දර විදියට කැටි කරපු සිංදුවක්...

    ReplyDelete
  9. මේ සින්දුව අහද්දී හිත කීරි ගැහෙනවා..

    මෙන්න මේ පේලි දෙකට තමයි මම නම් කැමතිම:
    //ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ...//

    ReplyDelete
  10. හ්ම්ම් ..ඇඬෙනවා ....

    ReplyDelete
  11. මේකේ තේරුමක් තේරෙන්නේ නැති කලේ ඉඳලම මේ සින්දුවට අසයි..

    ReplyDelete
  12. pamwathiyo nisa asarana pemwaththuth innawa ewa sinduwalata witharak seema una dewal nemai neda. jaya wewa

    ReplyDelete
  13. ගොඩක් ආසාවෙන් ඇහුවට සින්දුවෙ මේ තරම් තේරුමක් තියෙනව කියලා තේරුනේ අද තමයි....

    ReplyDelete
  14. @shani අක්ක
    ආදරයෙන් හැමෝටම දිනන්න බෑනේ!:)

    @දිනේෂ් අය්ය
    එක නම් ඇත්ත !:/

    @වර්ණා අක්ක
    හොද නෑ කියන එක නෙමෙයි ,එත් සාමාන්‍යයෙන් පෙම්වත්තු අඩන්නේ නෑනේ,දුක විද දරාගෙන ඉන්නවා මිසක්!:)

    ReplyDelete
  15. @ඔබ නොදුටු ලොවක්
    මමත් සින්දු අහනවනම් මුලින්ම අහන්නේ මේ සින්දුව!:)

    @janaranga අයිය
    ගීතය ගැන මට හිතෙන දේ ලිව්වෙ!:)

    @ඔබා අන්කල්
    එහෙම වෙන්න එපැයි!
    ලංකාවෙන් පිට හිටියට ලාංකිකයෙක් නෙව!:p

    ReplyDelete
  16. @najath
    තෑන්ක් යු මචන්!:)

    @නිසපු නංගි
    ස්තුතියි නංගි!

    @නිරෝෂනි
    මම නම් ආසම අන්තිම පේලි දෙකට!

    \\.කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...\\

    ReplyDelete
  17. @ශෂී
    මමත් අඩන ගමන ලිව්වෙ!:'(

    @අසරණයා
    මමත් එහෙමයි!තේරුම ගැන හිතන්න තරම් තේරුමක් නැති කාලෙත් ආසයි!

    @දිලිනි
    හ්ම්ම්!:D

    @කුබු
    ස්තුතියි යාළුවා!

    ReplyDelete
  18. Rathna sri unclege man asama kaviyakui-geethayakui.
    oya godak lassanata liyala thiyenava.
    really heart felt!

    ReplyDelete
  19. @වර්ෂා
    ස්තුතියි වර්ෂා!

    ReplyDelete
  20. අහිමු වුවත් නුඹ මෙමට...
    පත්න්නම තුටින් ඉනු මැන..
    ගලා නොගියත් උණු කදුළු..
    සත්තමයි රැය දනී දුක තරම...

    ReplyDelete
  21. මේ සිංදුවට මම ගොඩක් ආසයි හේතුවක් නැති වුනත් සෑහෙන්න දුකක් දැනෙනවා මේ සිංදුව ඇහෙද්දි අමුතුම හැඟීමක් ඒක.... සෑහෙන්න ලස්සන පෝස්ටුවක්

    ReplyDelete
  22. මේ ගීය වගේම රත්න ශ්‍රි ගේ සුබ උදෑසන මුලු කාව්‍ය සංග්‍රහයම කටපාඩම්.

    මේ ගීය ගැන වෙනස්ම අ‍ාකාරයක සඳහනක් මගේ " අස්වැන්නෙදි" ඉදිරි සතියේ ඉදිරිපත් කරනවා.අලුත් අත්දැකිමක් එක්කම

    ReplyDelete
  23. @දිනිති අක්ක
    හ්ම්ම්

    @ගැමියා
    මටනම් මේ සින්දුව ජාතික ගීය වගේ :)

    @දයානන්ද මහත්මයා
    මටත් රත්න ශ්‍රී මහත්මයාගේ කවි පොත් වල කවි බහුතරයක් පාඩම.ආයාසයකින් තොරව.ඔබතුමාගේ සමකාලීනයෙක් වෙන්න ඇති නේද??

    ReplyDelete
  24. ඇත්තටම ලස්සනට ලියලා තියෙනවා.මේ ගීතයත් ගායනය,පද රචනය වගේම සංගීතයත් හරිම අපූරුවට මුසුවුන මං ආසම ගීතයක්

    ReplyDelete
  25. පුදුම ලස්සන පුදුම තේරුමක් තියෙන ගීතයක්.., කපුගේ කියපු සින්දු වලින් හොඳම එකක්..

    ReplyDelete
  26. මේක ගැන අහලා තියෙන්නේ නම් වෙනම තෙරුමක්,
    ඒත් මේකත් ගැලපෙනව නේහ්..
    ඒත්, මේ ටික නම් ගැලපෙන් නෑ වගෙයි..

    කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...

    ReplyDelete