18 March 2012

දේශ ද්‍රෝහියා මා දෙස බලා සිටී!

ගොඩක් දවසකට පස්සේ කවියට පොඩ්ඩක් සමු දීල වෙන දෙයක් ලියන්න කියල හිතුවෙ.සමුදීල කිව්වට මේ ලියන්න යන්නෙත් මට කියවන්න ලැබුණු කවි පොතක් ගැනම තමයි .
ඇත්තම කියවනවානම් මේක මට කියවන්න ලැබුණු ආන්දෝලනාත්මක කවි පොතක්.පොතේ නම තමයි “මාතෘකාවක් නැති මාතෘ භුමිය හෙවත් දෙමළ කවි “.කතෘ තමයි මංජුල වෙඩිවර්ධන .

කලාකරුවෙක් කියන්නේ සිංහලයෙක්වත් දෙමළෙක් වත් නෙමෙයි ඔහු සංවේදී මනුෂ්‍යයෙක් කියන අදහස මේ පොත පුරාවටම විහිදෙනව.මේ පොත ලියල තියෙනේ ද්‍රවිඩ දෘෂ්ටියකින් කියල කිව්වොත් මම නිවැරදියි.යුධ ජයග්‍රහණයෙන් පස්සේ අපි ජයගොස නැගුවා මිස දෙමළ මිනිස්සුන්ගේ දුක මොකක්ද කියන එක අමතක කරලා දැම්ම.කොටින්ම ඔව්න් මිනිස්සු කියන දේත් අපි අමතක කරල.ජයග්‍රාහී මානසිකත්වයෙන් සියලුම ද්‍රවිඩ මිනිස්සු දිහා අප්‍රිය බැල්මක් හෙලන්න තරම් අපි කුහක වෙලා.ඇත්තටම කිව්වොත් හැම දෙමළ මිනිහෙක්ම කොටියෙක් කියල කියන තැනටම අපි පත්වෙලා.ඉතින් මේ වාතාවරණය ඇතුලේ යුද්ධයෙන් දිනුවේ කව්ද??මේ කතාව දෙමළ කවි පොත පුරාවටම විහිදිලා තියෙනව.
        මෙන්න මේ මානසිකත්වය නිසාම සාමාන්‍ය ද්‍රවිඩ මිනිස්සු මුහුණ දුන්න අතිශය සංවේදී සිද්ධි ගොන්නක් මේ කවි වල නිමිති ලෙස දක්වල තියෙනව.
             “මඩකලපුව සිත්තන්ඩියේ දිගිලිවෙෛඩ රජයේ පාසලේ පහ වසරේ ඉගෙනුම ලැබූ දැරියක්,සෙබළුන් තිදෙනෙකු විසින් දුෂණය කරන ලදී.ඊට විරෝධය පෑ ගම් වැසියෙකුගේ මළ සිරුර පසුදා එහි පොකුණක තිබී හමුවිය"
                (44 පිට - සිත්තන්ඩි කඳුළු )

ත්‍රස්තවාදීන් විසින් සිදුකරන අපරාධ වලට වැරදි කරුවෝ නම් සියලු දෙමළ  මිනිසුන්ද?ඔව්නට යුක්තියකට ඉඩක් නැද්ද?ඔවුන් මනුෂ්‍යයෝ නොවේද?
මේ කවි පුරාවටම ඇත්තේ ඔවුන්ගේ අසරණකම නොවේද?
          
            මෙහි පසු ග්‍රන්ථයේ සඳහන් එක් කවියක් පෞද්ගලිකව මාව අතිශය සංවේදී කිරීමට සමත් උණා.
                                                   මම ලිඟුමාල වෙමි
සටහන - පොලිස් පාදඩයන් දස දෙනෙකු විසින් දුෂණය කරනු ලැබ අවසාන යෝනිය තුලට අත්බෝම්බයක් දමා පුපුරවාහැර අමානුෂිකලෙස මරා දැමු කොනේශ්වරී අම්පාරේ විසු තෙදරු මවකි.මෙම සිද්ධිය වුයේ 1996 ජුනි මාසයේදීය .එදා මෙම සිද්ධිය සැලවීමෙන් අකම්පිතව සිටි දකුණේ සිත වලට අද මෙම සිද්ධිය සම්පුර්ණයෙන්ම අමතකය.

අතගසාගෙන  නළලත
වෙසක් සඳ වැළපෙයි
ජනේලෙන් හොටු පෙරයි

ලඟපාත ගෙදරක තෙමගුල පිණිස නිම වූ
නෙලුම් මල් සත  තවම පරවී නැත .

පන්සීය පනස් ජාතක  එක්පතට සින්දා තැනු
නුතන වි-ජාතකයක විරිඳු සුරල් රාවය
විටින් විට තොරණකින්
ඈතින් ඇසේ.

මා ඉදිරියේ හිස්ම හිස්  කඩදාසියකි
කවියක් පිණිස ඇහැරී බලා ඉන්නා

එකෙණෙහිම 
පියඹා ආ මස් කැබැල්ලක්
කඩදාසියේ පතිතව
යෝනියක හැඩතල මවයි.
නිසැකවම ඒ කොනේශ්වරීගේ  විය යුතුය.

අම්පාර සිට කොළඹට
පියඹා එන්නට
මේ හැටි කාලයක්?

ඒ තරම් අපි ඈතය
දෑස කඳුලින් සීතය.

කඳුළු අතරින් මම
අංගුලිමාල නොව  ලිඟුමාල වෙමි
මට ඇඟිලි අනවැසිය  ඕනෑ පුරුෂ නිමිතිය.

බතින් වමතින්ගත් මස් කැබැල්ලෙන් යුතුව ද
දකුණතින් තරවැ ගත් තියුණු සැතකින් යුතුවද
නික්මෙමි.

මග දිගට හමුවන ගෙයින් ගෙට සන් කොට
සෑම සිංහල ලිඟුවම කපා හුයකින් අමුණමි
අවසානයේ මගෙත්
ආහ්…..

වේදනා දරා ගෙන
සමනොළ ගිර ගෙලට
ලිංග මාලය පළදමි.

නවතාලනු පිණිස මා
බුදු කෙනෙකු නැතියෙන්
නිසැකවම මෙය කල හැක.

සහෝදර සිත් නැති ,හැගුම් නැති
ජාතියක් කුමටද?

මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි
ඒ මත ලේ පැල්ලමකි
එය කවියකි
එත් එය දෙමලෙනි
සිහළුනට නොතේරෙන්නේ  එබැවිනි!
  
වරද සිහළුන්ගේද, දෙමළුන්ගේද මම නොදනිමි.නමුත් කොහේ හෝ වරදක් ඇත.එය තවම නිවැරදි වී නැත.සුපිරි පැලැන්තියේ ජීවත් වන දෙමළුන් හැර අනෙක් සියළුම දෙමළුන් අපිට බොහෝ ඈතය.සත්‍යය එය යැයි මට සිතේ.
                           අවසාන වශයෙන් මේ සම්බන්දව සංවේදී වන අතලොස්සක් සිංහලයන්ද දේශද්‍රෝහීන් කර ඇති බව පොතේ පසුවදනින් පිළිබිඹු වේ


“සිංහලයන්ගේ කොදෙව්වේ ,අනෙකාටද තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමේ අයිතිය සෑම විටම සමාන යැයි කියූ වරදට දේශ හිතෙයිශීන් විසින් පිටුවහල් කරන ලද දේශද්‍රෝහියා මා දෙස බලා සිටී”
     ඉන්දික උඩුගම්පොළ-පසුවදන





ප.ළි- පොත ගැන විස්තර කිව්වේ නෑනේ
පොත සූර්ය ප්‍රකාශනයක්  මිල රු.200යි.
          
            


අරුණැල්ල  බ්ලොගය ලියන අපේ නජාත් සහෝදරයාගේ නිර්මාණයට  ලයික් 1 ක් දාගෙනම යන්න!

37 comments:

  1. කොහෙන්හරි ඒ පොත හොයාගෙන කියවන්න ඕනෙ....
    මේදවස්වලනම් බත්තලං ගුණ්ඩුව කියවනව.....

    ReplyDelete
    Replies
    1. බත්තලංගුණ්ඩුව නම් කියවන්න බැරි උනා!
      එත් සැහෙන්න හොදයි කියල තමයි ආරංචිය!:)

      Delete
  2. සංවේදී පොස්ටුවක් මචන් :( මේ පොත කියවලම බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. මට මතක් කරහන්:P
      මම දෙන්නම් පොත :)

      Delete
  3. පට්ට කවි ටික නේ? මම බැලුවා මේ පොස්ට් එක පරක්කු මොකද කියලා!!

    ReplyDelete
    Replies
    1. ටිකක් වැඩ වැඩියි බන් මේ දවස්වල:-/

      Delete
  4. ගිය අවුරෑද්ද මම මංජුලගේ " බත්තලංගුණ්ඩුව " පොත ගත්තා.. ලාංකීය රචකයෙක් ලියපු හොදම පොතක්... ඔහුගේ භාෂාව හරිම පොහොසත්.
    මිනිස්සුන්ගේ බුද්ධියට කතා කරන එක හරිම භයානකයි.. ඒත් ඒ අවදානම ගත්තු නියම කලාකාරයෙක්. . ජාති භේද වලින් ගල් වෙච්ච මිනිහෙක්ගේ හදවතක් වුනත් උණු කරන්න පුලුවන් වර්ගයේ කවි පන්තියක් මේක.. . .. . .
    ඈත හිටියත් ලාංකීය සාහිත්‍ය වෙනුවෙන් හා හඩක් නෑති ජනතාව වෙනුවෙන් ගොඩක් දේවල් නෑති කරගෙන මේ කරන පරිත්‍යාගයට ජාතියෙන් සිංහලයෙක් විදිහට ඉපදුන මගේ හෘදයාංගම ප්‍රණාමය...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සහෝදරය,සමහරු නම් මංජුල ජාතිවාදියෙක් විදියට හදුන්වනව,එත් මගේ නිර්වචනයට අනුව ඔහු සැබෑ මනුස්සයෙක්!

      Delete
  5. ඔහෙගේ කවි කවදත් වෙඩි වගේ... ඕව එලිවෙලා තමයි ජිනීවා වල කේස්..

    ReplyDelete
    Replies
    1. අපේම වැරදිනේ සහෝදරය!:-/

      Delete
  6. නියමයි අපේ පැත්තටත් ඇවිල්ලා යන්න

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් එන්නම්කෝ!:)
      ස්තුතියි මේ පැත්තේ අවට!

      Delete
  7. මංජුල මගේත් සමීප සමකාලින මිත්‍රයෙක් "බත්තලංගුණ්ඩුව" වගේ නවකතාවකට පස්සෙ ඉතාම මෑතක දෙසතියකට විතර පෙර පොත් දෙකක් එකවර මුද්‍රණයෙන් නිකුත් වුණා මගේ මතකයේ හැටියට ඒ එක පොතක් මේ ‍කවි පොත. තාම කියවන්න බැරිවුණා.මේ සතියෙම මරදාන පැත්තෙ පොත් සාප්පුවලට ගොඩවීමේ අවශ්‍යතාවය දැනෙනවා.
    ඔබේ විචාරාත්මක ඉදිරිපත් කිරිමනම් ඉස්තරම්. මම කොහොමටත් මේවගේ දේවල් බ්ලොග්වල ලියැවෙනවට කැමතියි.
    හරවත් විචාරාත්මක මංපෙතක් විවර කිරීමට ඔබට වරම් ලැබේවා. මමත් ඔබ සමගයි.

    ReplyDelete
    Replies
    1. මීට සති දෙකකට කලින් නිකුත් උනේ ඔහුගේ වෙනත් කවි පොතක් දයා අය්යෙ!
      මේක 2010 අග භාගයේ නිකුත් වුන 1ක්.
      රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොදම කාව්‍ය ග්‍රන්ථයට මේ පොතත් නිර්දේශ උනා!

      Delete
  8. විස්තරේ දැක්කම පොත හොදයි කියලා හිතෙනවා.. අපේ ගෙදරට කියන්න ඕන අරන් තියා ගන්න කියලා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් කියවන්න දිනේෂ් අය්යෙ!සිරාම පොතක්!:)

      Delete
  9. මට ලඟදි බලන්න ලැබුන අශෝක හඳගමගෙ 'මේ පාරෙන් එන්න' කියල ටෙලිඩ්රාමා එකක්. ඒකෙත් දෙමළ මනුස්සයන්ගේ පැත්තෙන් යුද්දෙ දිහා බලල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක නම් බලන්න බැරි උනා ඔබා මාමේ!එහෙම දේවල් නිර්මාණය වෙනවා කියල දැනගැනීමත් සතුටක්!

      Delete
  10. හෆොයි ඔය එන්නෙ යුද අපරාද වැප නොකැඩී, ඇඩෙනවා

    ReplyDelete
  11. ගොඩාක් මිනිසුන්ට නොපෙනෙන දෙයක්.හැම දෙයකටම හුරේ දාන මිනිස්සු අහිංසකයන් විඳින දුක තේරෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. වෙලාවකට අපි ගැනත් තරහයි මට නම්.අපි උනත් කරේ ඕකනේ යුද්ධෙ කාලේ!දෙමල මිනිස්සුන්ට හිනා උන එකනේ!:-/

      Delete
  12. ම්ම්..ඇත්තටම මේ පොත කියවන්න මටත් ආස හිතුනා..වෙනද වගේ පොත් කියවන්න වෙලාවක් නැති නිසා දැන් පොත් ගැන හොයන්නෙත් නෑ..ඒත් මේකනම් හොයාගෙන කියවනවමයි.. :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් කියවන්න අක්කෙ!:)
      සිරාවටම හොද පොතක්!

      Delete
  13. මං සාමාන්‍යෙන් කවිපොත් කියවනවා අඩුයි. එත් මේ විචාරේ දැක්කම මට කවි පොත කියවන්න ආසාවක් ආවා...පොත ගැන අපිට දැන ගන්න සැලස්සුවට බොහොම ස්තුති.

    ReplyDelete
    Replies
    1. මගේ නම් ඉතින් ෆෙවරිට් කවි පොත් තමයි!:P

      Delete
  14. කවි පොත් නම් බොහොම කලාතුරකින්වත් කියවල නෑ.. අභිරහස් කතා කියවන්නයි ගොඩක් කැමති... ඒත් විචාරේ දැක්කම ආසත් හිතුණා...

    ReplyDelete
    Replies
    1. ආස හිතුනනම් කියවන්නකෝ!:P

      Delete
  15. Replies
    1. හපෝ ඔව්!
      සරසවියෙනම් අනිවා ඇති!

      Delete
  16. විප්ලවීය අදහස් ඇත්තෙක් ....

    ReplyDelete
    Replies
    1. ශෂී ගේ කවි වගේම වෙනස්!:)

      Delete
  17. kaviyakata koi haram hodata monis sitha sparsha karanna puluwanda kiyala maka baluwama panawa.thanx malli mawa apita balanna liwwata oyata suba pathanawa

    ReplyDelete
  18. මේ පොත නම් කොහොමහරි කියවන්න ඕන කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. කියවන්න ඉතාම සුදුසු පොතක්!:)

      Delete
  19. මමත් මේ පොත ගත්තා මල්ලි... ඔයා පොත ගැන කරල තියෙන විස්තරය හරිම අපූරුයි. ඔයා මේ පෝස්ට් එක ලියන දවස්වල මම බ්ලොග් ලෝකෙ යාම්තම් සැරිසරන්න ගත්ත විතරයි.

    දෙමළ මිනිස්සු ගැන විතරක්ම නෙමෙයි දැන් දැන් අසරණ, පීඩනයට ලක් වෙන සිංහල මිනිස්සු ගැන කතා කරන එකත් දේශද්රෝනහීකමක් වෙලයි තියෙන්නෙ. ලබ්බට තිබ්බ අත පුහුලටත් තියලයි තියෙන්නෙ.

    ReplyDelete